(සිතුම් චතුරංග)
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කළ වෙසක් කලාපය යාපනය නගර කේන්ද්‍රකරගනිමින් පැවැත්විණි.
ආගමික සංහිදියාව තුළින් ජාතික සමගිය ඇතිකිරීම අරමුණු කරගනිමින් මෙම වෙසක් කලාපය සංවිධානය කර තිබිණි.
යාපනය යුද හමුදා ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මගපෙන්වීම යටතේ සංවිධානය කළ අතර යාපනය මහධිකරණ විනිසුරු එම්. ඉලංචේලියන්, යාපනය ඉන්දිය මහ කොමසාරිස් එස්. බාලචන්ද්‍රන් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යාපනය වෙසක් කලාපය විවෘත කෙරිණි.
පලාලි මූලස්ථානයේ හමුදා සෙබලූන් විසින් විදුලි බුබුළු 20000 යොදාගෙන නිර්මාණය කරන ලද ස්වර්ණ හංස ජාතක වෙසක් තොරණ හා යුද හමුදා සෙබලූන් යාපනය දෙමළ හා මුස්ලීම් පාසල් සිසු සිසුවියන් විසින් ගායනා කරන ලද බැති ගී ප‍්‍රසංගයක්ද,දන්සල්ද මෙහිදී පැවැත්විණි.
මෙවර වෙසක් කලාපය සඳහා ප‍්‍රථම අවස්ථාවට ජනතාව වෙත දැකබලා ගැනීම සඳහා සර්වඥ ධාතු ප‍්‍රදර්ශනයක්ද යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ අතර යාපනය යුද හමුදා සෙබලූන්ගේ නිර්මාණ රැගත් අලංකාර පහන්කූඩු විශාල ප‍්‍රමාණයක් වෙසක් කළාපය සදහා එක්කර තිබිණ.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
යාපනයේ වෙසක් අසිරිය
rasika Monday, 30 April 2018 03:40 PM
පින්තූරයක් වත් දාන්න.