(සමන් විජය බංඩාර)
මැතිවරණ නිතී කඩමින් ත‍්‍රිරෝද රථයක් උපයෝගි කරගනිමින් පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයෙකුගේ පොස්ටර් ඇලවු පුද්ගලයකු පොස්ටර් තොගයක් සමග ඊයේ (8 ) රාත‍්‍රී 11ට පමණ හෙම්මාතගම ඕලාන ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගැනිමට හෙම්මාතගම පොලිසිය කටයුතු කර තිබුණි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ පොස්ටර් රැගෙන ඒවා අලවමින් සිටි හෙම්මාතගම ප‍්‍රාදේශයේ පදිංචි සැකකරුවෙකි. අත්අඩංගුවට පත් වන අවස්ථාවේ ත‍්‍රීරෝද රථයේ ඔහු පමණක් සිට ඇති අතර පොස්ටර් තොගය සහ පොස්ටර් ඇලවිමට භාවිතා කරන ඇලවුම් ගම් වර්ගද එහි තිබී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. එම ප‍්‍රදේශයේ පොස්ටර් ඇලවු ස්ථාන කිහිපයක තිබු පොස්ටර් රාත‍්‍රීයේම පොලිසිය විසින් ගලවා ඉවත් කර එම ත‍්‍රිරෝද රථයද සැකකරු සමග අත්අඩංගුවට ගැනිමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පෑලියගොඩ නගර සභාවේ බලය පිහිටුවන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹදී අද (21) පැවැසීය.
පළාත් පාලන මැතිවරණ ප‍්‍රථිපල අනුව කඩුවෙල මහ නගර සභාවට එජාප ලැයිස්තුවෙන් මන්ත‍්‍රී ධූර පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් වී ඇතැයි කියමින් එයට විරෝධය පල ක
රට තුළ ඇතිකළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නිදහස ඇතැමුන් වැරදි ලෙස භාවිතා කිරීම ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට හේතු වූ බවත්, දුන් නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය වැ
ආණ්ඩුව පවතින ගැටුම්කාරි වාතාවරණයේ වාසිය ලබා ගෙන තමන්ට එරෙහිව ඇති ජනතා අප‍්‍රසාදය අමතක කරවීම සඳහා කටයුතු කරමින් ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිම
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ රත්ගම ආසනයේ ප්‍රධාන සංවිධායක අමරසිරි කුරුවගෙයි මහතා අද (6) සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්විය.
මහනුවර තෙල්දෙණිය ප‍්‍රදේශයේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වූ බවත්, එවැනි ආණ්ඩුවකින් රටට පලක් නැති බවත
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හෙම්මාතගමදීත් පෝස්ටර් ඇලවූ අයෙක් අල්ලයි
indika Tuesday, 09 January 2018 08:17 AM
හැම පක්ෂයකින්ම අල්ලන්න. පාරේ තියනවා දැක්කොත්, නීතියෙන් ක්‍රියාත්මක කරලා නැතිනම් පොලිසියට විරුද්දව නීතිය ක්‍රියාත්මක කරන්න.මොකද පොලිසියට හරියට උපදෙස් දීල තියෙනවනේ.
H A Amaradasa Thursday, 11 January 2018 11:20 AM
හෝමාගම දියගම විශාල කටවුට් සවිකර ඇතත් දැන්වීමි ගලවා නම් නැත
sanju Friday, 26 June 2020 06:11 AM
ලහිපිට දැන්වීමක් පළ කරන්නේ කෙසේද?