IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


අපි කළේ අසරණ වූ පිරිසකට නවාතැන් දීමක

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

”ආගම ප‍්‍රචාරය කරගන්න අන් ජනකොටස් පීඩාවට පත් නොකරපු එකම ජන කණ්ඩායම බෞද්ධයින් පමණයි. එය ඉදිරියටත් ආරක්ෂා කරගනිමින් ලෝකය ඉදිරියේ රටේ ප‍්‍රතිරූපය රැකගන්නට කටයුතු කරන්න” යැයි මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉකුත් 28 වැනිදා දෙහිවලදී පැවැසීය.

රණවක මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී මහා බෝධියේ අංකුර ශාඛාවක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අතින් දෙහිවල භාතිය මාවතේ සාරානාත් ධර්ම නිකේතනයේ දී රෝපණය කිරීමේ පුණ්‍යෙත්සවයට සහභාගී වෙමිනි. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රණවක මහතා මෙසේ ද පැවැසීය.

”මෙතැනට අපේ එළමල්දෙණියේ හාමුදුරුවෝ වසර දහයකට පමණ පෙර එනකොට මේ ස්ථානය දුගී පැල්පත් සහිත කසළ දමන ස්ථානයක් හැටියටයි තිබුණේ. අපේ හාමුදුරුවෝ ලෑලි මඩුවක් හදාගෙනයි විහාරස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළේ. අද වෙනකොට විහාරස්ථානය බොහෝ සේ දියුණු වී තිබෙනවා. ඒ වගේම අවට පරිසරයත් උන්වහන්සේ ගොඩනැගුවා. අවට ඉහවහා ගිය දුරාචාර සම්පන්න සමාජය වෙනස් කළා. ජනතාවගේ ජීවන මට්ටම දියුණු කරගන්න උදව් කරලා මේ ප‍්‍රදේශය වැදගත් මිනිසුන් ජීවත් වන ප‍්‍රදේශයක් බවට පත්කළා.

අපේ ඇතැම් භික්ෂූන් වහන්සේලා භාවනා කරලා අධ්‍යාත්මික බලය ලබාගන්නවා. තවත් සමහර ස්වාමීන් වහන්සේලා උගත්කම රැස්කර ගන්නවා. තවත් සමහර ස්වාමීන් වහන්සේලා තමන්ගේ සමාජ මෙහෙවර නිවැරදිව කරලා පරාර්ථ චර්යාවෙන් ප‍්‍රදේශයට සේවය කරනවා. අපේ එළමල්දෙණියේ හාමුදුරුවෝ මේ සියල්ල එකවිට කරලා මේ රටේ තරුණ භික්ෂූන් වහන්සේලාට වැදගත් ආදර්ශයක් ලබා දී තිබෙනවා.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එදා පිරිවෙනක් සේ ආරම්භව බණ්ඩාරනායක අගමැතිතුමාගේ කාලයේ විශ්වවිද්‍යාලයක් බවට පත්වුණා වගේම අද වනවිට කළමනාකරණ ක්ෂේත‍්‍රයේ රටේ වැදගත්ම විශ්වවිද්‍යාලය බවට පත්වී තිබෙනවා. ඒ වගේම කලා විෂයන් හා පාලි භාෂාවෙන් ද නමක් දිනාගෙන තිබෙනවා. එහි කතිකාචාර්යවරයකු වන එළමල්දෙණියේ හාමුදුරුවෝ මේ ගමේ ආගමික නායකයෙක් ලෙස පැමිණීම මේ ගමේ ජනතාවගේ වාසනාවක්.

මේ ප‍්‍රදේශයේ විවිධ ජන කොටස් ජීවත් වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ජීවත් වෙනවා. මෙහි විවිධ ජන කණ්ඩායම් අතර යම් යම් ගැටලූ ඇති වීම වළක්වන්න බැහැ. එහෙත් ඉතිහාසය පුරාම අනෙකුත් ආගමික කණ්ඩායම් ඉවසන්න, අපේ රටේ අනන්‍යතාව ආරක්ෂා කරගන්න, මහාසංඝරත්නය ඉතාමත් වගකීමෙන් කටයුතු කරලා තිබෙනවා.

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට 2017 වසරේ පළමු මාස හය ඇතුළත අපේ අපනයන ආදායම වැඩිවෙලා තිබෙනවා. එයට හේතුව ජී.එස්.පී. බදුසහනය ලබාගැනීමට හැකිවීමයි. මේවා කරගත්තේ කිසිම ජාතික ප‍්‍රාර්ථනයක්, ජාතික අයිතියක් පාවා නොදී හැමෝටම යුක්තිය ඉෂ්ට කරගන්න හැකිවීම ගැන අපි ජනාධිපතිතුමාට ස්තුති වන්ත වෙනවා. ඒ වගේම අපේ සිංහල බෞද්ධ ජනතාවට, අපට රටට එල්ල වී තිබූ ඉතාමත් කැත නින්දිත චෝදනාවලින් නිදහස් කරගෙන අපේ ප‍්‍රතිරූපය ඉහළට නැංවීමට කටයුතු කිරීම ගැනත් අපි ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම අපේ ජනතාවටත් වගකීමක් තිබෙනවා ඒ ලබාගත් ජයග‍්‍රහණය ඉදිරියටත් රැුකගැනීමට. මියන්මාරයේ ජනකොටසක් මෙහේ පදිංචි කරගන්න යනවා කියලා විශාල මිත්‍යාවක් පැතිරුණා. යම්කිසි ජනකොටසක් ආගම හා ජාතිය මොකක් වුණත් මහ මඟ අතරමං වී සිටිනවා නම් ඔවුන්ට සහාය වීම අපේ යුතුකමක්. අපි කටයුතු කළේ එසේ අසරණ වූ පිරිසකට යම් කාලයක් නැවතීමට අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි. රටේ පුරවැසි පනතට අනුව පුරවැසිකම දෙන්නේ කාට ද කියලා තීරණය කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක්. එවැනි තීරණයක් මේ රෝහින්යා ජන කොටස සම්බන්ධයෙන් අරගෙන නැහැ.

නමුත් මහමුහුදේ අතරමං වූ පිරිසක් ඉන්නවා නම් ඒ අය බෞද්ධ ද ක‍්‍රිස්තියානි ද ඉස්ලාම් ද හින්දු ද මොන ජන්මයේ ද කියලා නොබලා නාවුක හමුදාව ඔවුන් බේරාගැනීමට කටයුතු කරනවා. එසේ කිරීමෙන් අදහස් වන්නේ නැහැ ඔවුන් මෙහේ පුරවැසියන් බවට පත් කරන බවක්. දෙදාස් හයේ සිට අපි මෙවැනි නවාතැන් පහසුකම් සැපයීම අවස්ථා ගණනාවකදී සිදුකර තිබෙනවා. ඒ අය ඊට පස්සේ වෙනත් රටවලට ගමන් කර තිබෙනවා. ඒ නිසා මේක කලබල කරගන්න අවශ්‍ය වෙලාවක් නෙවෙයි. මියන්මාරයේ රෝහින්යාවරුන් සම්බන්ධයෙන් එරට මුස්ලිම් විරෝධතා ඇති වීම හෝ බෞද්ධ විරෝධතා ඇති වීම හෝ අපේ රටවල විරෝධතා ගෙන ඒමට සුදුසු කාරණයක් නෙවෙයි. ලෝකයේ එවැනි ගැටලූ  ඕන තරම් ඇති වෙනවා.

ඊජිප්තුවේ ඇතැම් ක‍්‍රිස්තියානි ජන කොටස් සම්පූර්ණයෙන්ම ඝාතනය කළා. පාකිස්තානයේ අහමඩියා ක‍්‍රිස්තියානීන් සම්පූර්ණයෙන්ම ඝාතනය කළා. කවුරුවත් ඒ රටවලට විරුද්ධව විරෝධතා දැක්වූයේ නැහැ. ඇයි එහෙම නම් මේ ප‍්‍රශ්නයේදී පමණක් මියන්මාරයට එරෙහිව පෙළපාළි යන්නේ. අපේ රටේ ත‍්‍රස්තවාදී යුද්ධය පවතින කාලයේ මියන්මාරයේ කවුරුවත් අපිට විරුද්ධව පෙළපාළි ගියේ නැහැ. මියන්මාරය කියන්නේ අතිවිශාල දෙමළ ජනතාවක් ජීවත්වන රටක්. එහෙම තිබියදී වුවත් ඔවුන් අපිට විරුද්ධව පෙළපාළි ගියේ නැහැ.

මෙහි මූලාසනය රත්මලාන විමලාරාමාධිපති බස්නාහිර පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක අත්තුඩාවේ ශ්‍රී පියරතන නාහිමියන් විසින් දැරූ අතර මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නායිම්බල ධම්මදස්සි, සරානාත් ධර්ම නිකේතනාධිපති ආචාර්ය එළමල්දෙණියේ සාරානන්ද හිමිවරු අනුශාසනා සිදුකළහ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක කොටුගොඩ ධම්මාවාස හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා රැසක් ද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා ප‍්‍රදේශවාසීහු රැසක් ද සහභාගී වී සිටියහ.



අදහස් (1)

අපි කළේ අසරණ වූ පිරිසකට නවාතැන් දීමක

sathyayaa Friday, 06 October 2017 04:27 PM

මාවිල් ආරු සොරොව්ව බේරගන්න අපේ රණවිරුවන් සටන් කරන බව දැන දැනත් එතනට ගොස් ලකුණු දමාගෙන යුද්ධය දිනීමේ පළමු වෙඩි මුරය තිබ්බෙත් එතනින් කියා යුද්ධයේ ප්‍රතිලාභත් මහින්දලා, ගෝඨාභයලා, බැසිල්ලා සමග කරට කර භුක්ති වින්දා, එදා සටනට ද්‍රෝහී කම් කළ අයගේ සෙවන යට සිට වෙනත් බයිලාවක් සුගම ලෙස ගායනා කරනවා. ඔන්න ඕකට තමයි "නියම දේශපාලනය" කියන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 128 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2035 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1569 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6478 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 766 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site