IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


’අපි හැමෝම හිරේ දැම්මාත් හිර ගෙයි ඇතුළේ සිට ජනතාව වෙනුවෙන් සටන් කරනවා’

(දෙනියාය විශේෂ - එස්.ඩී. කොඩිකාර)

අපි ඇවිත් අවුරුදු තුනකින් තිස් අවුරුදු යුද්ධය නිමා කළා. මේ රටේ ජනතාවට නිදහස ලබා දුන්නා. නිදහස ලබා දී රටේ දෙමළ මුස්ලිම් සිංහල ජනතාවට යන්න එන්න පුළුවන් තත්ත්වයක් රට තුළ ඇති කළා යැයි හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ඉකුත් 3 වැනිදා පැවැති ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ දෙනියාය ආසන බල මණ්ඩල රැස්වීමට සහභාගි වෙමිනි. මෙය වරල්ල ඉලූක්කැටිය ප‍්‍රදේශයේ දී පැවැත්විණි.

එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

අද අපේ සම්මේලනය තියෙනවා. නමුත් අද අපි ඒකට නැහැ. අපිට මට ආරාධනාව ලැබුණේ තිස් එක් වැනිදා රාත‍්‍රියේයි. ඒක මගේ අතට ලැබුණේ පළවෙනිදා. සමහරුන්ට පළවෙනිදා සමහරුන්ට තාම නැහැ. ඉතිං අපි කොහොමද යන්නේ. අපිට එන්න එපා කියන්නේ වැලමිටෙන් අල්ලල  ලිස්සලා යන්න. එහෙම කට්ටිය නෙවෙයි අපි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්වර්ණමය යුගය අපේ යුගයයි 2005 -2015කාලයයි.

අපි හැම ගමකටම එක ගමකට එක වැඩක් කියන මාතෘකාව යටතේ වැඩ කළා. හැම ආයතනයකටම අපි සල්ලි දුන්නා. වීරසුමන ඇමතිතුමා කිව්වා මේ ආසනයටත් රුපියල් ලක්ෂ 7000ක් දුන්න කියල. ගමේ පාරවල් අඩුපාඩු බලලා තාර දමල රටේ හැම තැනම පාරවල් හැදුවා. පාලම් දාහක් ගෙනාවා අවශ්‍ය පාලම් දාන්න. අපි පාසල් ටික හැදුවා. විද්‍යාගාර ගෙන ආවා. තාක්ෂණ විද්‍යාගාර ගෙන ආවා. ළමයින්ට ජපන් ප‍්‍රංශ භාෂා ඉගෙන ගන්න  ඕන හින්දා කම්පියුටර් ලබා දුන්නා. රටට කොම්පියුටර් තාක්ෂණය හඳුන්වා දුන්නා. ණැනසල ආරම්භ කළා. හාමුදුරුවන්ට පිරිවෙන් ගොඩ නඟලා දුන්නා. ලැබිච්ච ආධාර මුදල වැඩි කළා. පිරිවෙන්වලට ආධාර ලබා දුන්නා. ඒ අය රජයේ ගුරුවරු බවට පත් කළා. ඒ අයිතිවාසිකම් දුන්නා.

ඒ විතරක් නොවෙයි. වරායක් හැදුවා. එයාලා අපහාස කළා පිහිණුම් තටාකයක් කියලා. මහින්දට නාන්න පුළුවන් කියලා. අපිට මූදෙ නාන්න  ඕන වුණාම එතනට යන්නලූ. එහෙම කියන එක තමයි දැන් විකුණන්නේ. එහෙම කියපු පිහිණුම් තටාකය වතුර ජලාශය දැන් චීනයට විකුණනවා. චීනය පැනලා ඇවිත් ගන්නවා. ඇමරිකාව පැනලා ඇවිත් ගන්න කෑ ගහනවා. ඉන්දියාව කෑගහනවා මේක දුන්නේ මොකද කියලා.

ගුවන් තොටුපළ වී ගබඩාවක් කළා. අපහාස කළා. වී ගබඩාවක් කරනවා කිව්වට මම හිතුව විහිළුවට වෙන්න ඇති කියලා. බලනකොට ඇත්ත. ජනපති ශ‍්‍රී ලංකා අගමැති යූ.එන්.පී. වෙන්න පුළුවන්. කෘෂිකර්ම ඇමති ශ‍්‍රී ලංකා. දැන් අර වී ගබඩාව කරපු ගුවන් තොටුපොළ ඉන්දියාව ඇවිල්ල පැනලා ගන්න හදනවා. ඒක විකුණන්නෙ බර ගානකට. සින්නක්කර ගත්තත් එකයි. අනූනව බද්දට ගත්තත් එකයි. අනූනව අවුරුදු එකක් නෙවෙයි දෙකක්. අවුරුදු දෙසීයක් ජීවත් වෙන්න බලාගෙන ඉන්නේ. අපි ඔක්කොම ඉන්නෙ දේශීය වෙනකන්. මේක නැවත අපේ දරුවන්ට ලැබෙනකන්. මේ අපහාස කරන්න කියන බොරු කතා.

අපි මහ නගරයක් හැදුව මුහුද මැද පෝට්සිටි කියලා. මුහුද ගොඩකරන්න හැදුවෙ. ඊට පස්සේ සිතියම වෙනස් වෙලා. ඒක වෙනම දුපතක්. හම්බන්තොට හැදුව අක්කර එකසිය ගණනක එකක්. මේක අක්කර හාරසිය පනහයි. දැන් මේක ගැන කියන්නේ උඩින් හෙලිකොප්ටරයක්වත් ප්ලේන් එකක්වත් යන්න බෑ කියලා.

දැන් පොලීසි කොහොමද? දෙනියාය පොලිසිය, උසාවිය අපි ස්ථාපිත කළා. හමුදාවට බැරක්ක හදල දුන්නා. ඒවා නිකං කළේ නෑ. රටක් සංවර්ධනය කරන්න සල්ලි නැත්නම් ණය ගන්න  ඕන. අපි ණයට සල්ලි ගත්තා. හැබැයි අපි ගත්තේ අඩු පොලියට. අපිට ගෙවන්න පුළුවන් ප‍්‍රමාණයට. අපිට ණය ගෙවන්න ශක්තිය තිබුණා. දේශීය ආදායම් තිබුණා. ඒක පුද්ගල ආදායම ජනතාවගේ වැඩි කළා.

එදා තේ දල්ලට නියම මිලක් ලැබුණා. රබර් ටිකට නියම මිලක් ලැබුණා. මැණික් ගම්මිරිස්වලට මිලක් තිබුණා. මම ඒවා විතරක් නෙවෙයි සමෘද්ධිය වැඩි කළා. දැන් ඒකත් කපනවා. පින් පඩියත් කපනවා.

මේගොල්ලෝ ආව ගමන් කෙටි කාලීන ණය ගත්තා සියයට 6-7 පොලියට අවුරුද්දකින් ගෙවන්න. අපි සියයට 2.5ක් පොලියට ගන්නකොටත් කෑගැසුවා බරයි බරයි කියලා. අපේ පොඩි අය උදේට කියන්නේ ඒ වගේ තමයි මේ අයත්. මේ අය ගත්ත ණය ප‍්‍රමාණයට මොනවද කළේ? බෝක්කුවක් හැදුවද? එහෙම නම් මේ රටේ ණය අරගෙන කන්නද? මේ අය කළමනාකරණය දන්නේ නැහැ. දැන් ඒ හින්දා අලූත් බදු අය කරන්න හදනව. අලූත් බදු පනතට හැමෝම අහුවෙනවා. අහු වෙන්නේ නැති කෙනෙක් නැහැ. සමෘද්ධියෙනුත් බදු අය කරනවා. පන්සලූත් අහුවෙනවා. ඒ හැම හැම දේකින්ම මේ අය බදු අය කරන්න පටන් අරන් තියෙනවා. අපි මේ දුන්නු සහනවලින් බදු අයකරනවා. සහන කප්පාදුව ක‍්‍රමානුකූලව සිදු වෙනවා. අපි ඉල්ලීම් කරනවා මෙය වෙනස් කරන්න කියලා. මේ පනත මහා භයානක තත්ත්වයක්. හැම පුරවැසියෙක්ම අදායම් බද්දට අහුවෙනවා.

මේ අය ආපුගමන් බලහත්කාරයෙන් හෙක්ටයාර් ලක්ෂ දෙකක්  කුඹුරු නැවැත්තුවා. එදා අපි දුන්නු ආධාර හින්ද තමයි වී නිෂ්පාදනය වැඩි වුණේ. ඒ හින්ද පිටරටින් හාල් ගේන්න සිද්ධ වුණා. වී ගොවිතැන අපේ සංස්කෘතියයි. ඒකට ගැහුවා. ඒකට දෙවියන් කෝප වුණා. ඒක තමයි මේ අද වෙලා තියෙන්නේ.

ලංකාවේ ලොකුම කුඩු ප‍්‍රමාණය සතොසෙන් අහුවුණා. ඒක අහම්බෙන් අහු වුණේ. කුඩු ටිකට මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නැහැ. අන්තිමට ආවා කොකේන්. කම්කරුවො ටිකක් අල්ලගෙන ගියා. දැන් මුන් තමයි කොකේන් ගෙනල්ලා තියෙන්නේ. මේවා තමයි විහිලූ.

රටේ හැම හැම තැනම ලාභ වෙච්ච එකම භාණ්ඩය තමයි කුඩු මත් පෙති, මෙයාලා වැඩ නොකර ඒවා වහගන්න අපට ඇඟිල්ල දික් කරනවා. අපේ පවුලට ඇඟිල්ල දික් කරනවා. මුන් ඔක්කොම හිරේ දානවාලූ. අපේ ඒකාබද්ධ විපක්ෂය කෑ ගහන මන්ත‍්‍රීවරුන්ට නඩු දානවා. අපේ පැත්තේ ඉන්නේ ඔක්කොම හොරුලූ. ඉතින් බලනකොට එහෙම කියන්නේ මේ පැත්තෙ ඉඳල ඒ පැත්තට ගිය අයයි. එහෙනම් මේ හොරු ටික ඒ පැත්තේ. අපි ගාව හිටපු හොරු ටික ඒ පැත්තට ගිහිල්ලා. ඒ හින්ද අපි දැන් පිරිසුදු වෙලා රටේ ජනතාව වෙනුවෙන් අපි සටන් කරනවා.

අපිට මඩ ගහලා හදන්නේ අපි දේශපාලනයෙන් ජනතාවගෙන් ඈත් කරන්න. නමුත් අපි කියනවා මුළු පවුලම හිරගෙවල් ඇතුළේ ඉඳගෙන මේ රටේ ජනතාව වෙනුවෙන් සටන්කරන  සූදානම් කියලා.

අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩන්නෙ නැතුව එකතු කරගෙන යන්න අපි මහන්සි ගත්තා. අන්තිමට පැරදිච්ච අය යොදා ගත්තා අපිට බනින්න. මේ අය හරියට කතා කරන්නේ මගේ යටතේ කැබිනට් ඇමතිවරු වෙලා හිටියේ නෑ වගේ.

මෙහිදී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමසිරි මානගේ මහතා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අතින් ලබා ගත්හ. මෙහිදී කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිරෝෂන් පේ‍්‍රමරත්න, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කංචන විජේසේකර, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, දකුණු පළාත් ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය වීරසුමන වීරසිංහ, කොටපොළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයානන්ද අබේවික‍්‍රම යන මහත්වරු මෙහිදී කතා කළහ.



අදහස් (11)

’අපි හැමෝම හිරේ දැම්මාත් හිර ගෙයි ඇතුළේ සිට ජනතාව වෙනුවෙන් සටන් කරනවා’

mahee Wednesday, 06 September 2017 07:49 AM

යුද්දේ නැවැත්තුව හින්ද තමයි අපි ඔබව ඉහලින්ම දිනවලා රජ කමට පත් කළේ. සැබෑ රජෙකුට වගේ විශාල භක්තියක් මුළු රටේම ඔබ කෙරෙහි ඇතිවුනා. දැන් ඉතින් ඉතුරු ටිකත් කරලා රට සුරපුරයක් කරයි කියල අපේ දැඩි බලාපොරොත්තුවක් තිබුන. එත් ඊට පස්සෙ මොකද කළේ කියලා හිත දන්නවා ඇතිනේ.

:       311       451

ජගත් ලියනගේ Thursday, 07 September 2017 08:09 AM

2010 පස්සෙ කෙරේ එයා සහ එයාගෙ පවුල තර කර ගන්න එක .

:       0       56

chathuri. Wednesday, 06 September 2017 11:05 AM

හිරගෙදර දැම්මත් ජනතාව වෙනුවෙන් සටන් වදිනවා කියන්නේ. හොරකම් කෙරුවේ පවුලේ කට්ටිය, වටේ හිටපු අය, නෑදෑයෝ ජනතාව... නැවත බලය ගන්නයි හදන්නේ. මේ කියන කට්ටිය හිරේ යන එක නතර කරන්න. ඉස්සර බජට් හදන කොට මුදල් ඇමතිතුමා ළදරුවාගේ කිරිපිටි ගැනවත් හිතුවද? දැන් ජනතාව වෙනුවෙන් හිරේ යන්න කවුරුත් නැහැනේ...

:       1       39

RamanayakeThursday, 07 September 2017 06:17 AM

දැන් මෙතුමා කතා කරන්නේ මාරු විකල්ලෙන් බව පේනවා.

:       0       20

rohana Wednesday, 06 September 2017 12:42 PM

නිකන් බයිලා කියන්න එපා මන්ත්‍රීතුමා. බලයේ ඉන්න කාලේ ඔබතුමා සහ සහෝදර සමාගම දරුවන් සමග කරපු දේවල් ගැන හිතලා බලන්න.

:       1       29

RamanayakeThursday, 07 September 2017 06:10 AM

ඔබ හරි

:       0       11

Lal Wednesday, 06 September 2017 02:08 PM

බයිලා ගහාන එකේ සීමාවක් නැද්ද? බහුතර ජනතාව අන්දපු කාලේ ඉවරයි මන්ත්‍රීතුමෝ....

:       1       35

Chanak Los Angeles Wednesday, 06 September 2017 09:24 PM

තව ටික දවසකින් ඇඳුම් අදින්නේ නැතුව සාටකය විතරක් කරේ ඔතාගෙන මම ඔක්කොම ඇඳුම් දමාගෙන ඉන්නේ කියල හිතාගෙන ජනතාව අතරට එයිද දන්නේ නැහැ?

:       0       37

Ranjith Silva Wednesday, 06 September 2017 11:24 PM

දැන් නම් ටික ටික හරි දේ කියවෙනවා. හිරේ ඉන්න වෙන බව දැනිල හොඳටම. ඔහොම යමු.

:       0       28

Rohana Thursday, 07 September 2017 02:14 AM

ජනතාවට සේවය කරන්න තිබෙන ආසාව හා කැපවීම. පුදුමයි එත් ඇත්තයි.!. රසයට සතුටුද?

:       0       18

B.L.Ramanayake Thursday, 07 September 2017 06:06 AM

බලය තිබියදී හොරකම් මැරකම් ජඩකම් කරමින් කොමිස් ගහමින් තම පරපුරට සහ හෙන්චය්යන්ට වැඩ කරන විට අතපල්ලෙන් ජනතාවටත් මොනවහරි වැටෙන්න ඇති. එහෙම නැතුව ඔබ හර්ධ ශාක්ෂියට අනුව ජනතාව වෙනුවෙන් වැඩ කල කෙනෙක් නොවේ.ජනතාවට වැඩ කරන්න ප්‍රමාද වුනා වැඩි. ඔබ පසුපස ගිය මෝඩයන් සීග්‍රයෙන් අඩුවෙනවා.බුදු දහම අනුව කළකම් පලදීම වලක්වන්න පුළුවන් කාටද ?

:       0       65

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 147 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2061 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1581 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6489 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site