IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ආණ්ඩුවේ වැරැදි ආර්ථික සැලසුමෙන් එන වසරේදී රැකියා දස ලක්ෂයක් අවදානමේ

(නිමල කොඩිතුවක්කු)

ආණ්ඩුවේ වැරැදි ආර්ථික සැලසුම් හේතුවෙන් ඉදිරි වසර තුළ රැකියා දස ලක්ෂයක් අහිමිවීමේ අවදානම තිබෙන බව’’ සමගි ජනබලවේගය ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී ඊයේ (21) පැවසීය.

රට ඉදිරියේදී මුහුණදෙන ආර්ථික අර්බුදය පිළිබඳ තේරුම් ගැනීමට නොහැකි ආර්ථික උපදේශකයන් වත්මන් ආණ්ඩුවේ සිටින බව පැවසූ අත්තනායක මහතා, ආර්ථිකය යළි නගාසිටුවීමට, ජනතාවට සහන දීමට ජාතික ආර්ථික වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර ජනතා ප්‍රශ්නවලට විසඳුම් සැපයීමට ආණ්ඩුව වහාම කටයුතු කළ යුතු බව ද කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.

‘‘අපේ සංවිධාන ජාලය ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළ පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් ආරම්භ කෙරුණා.

සමගි ජන බලවේගය වෙනුවෙන් සාමාජික ව්‍යාපාරය 2021 වසර සඳහා ආරම්භ කරන්න සූදානම් කරමින් තිබෙනවා. බිම් මට්ටමෙන් ඒ සාමාජික ව්‍යාපාරය ආරම්භ කරන්න අපි සැලසුම්කර තිබෙනවා.

මේ වනවිට රට විශාල ආර්ථික කඩාවැටීමකට ලක්වී තිබෙනවා. රටේ ණය බර නිදහස් කර ගැනීම වෙනුවෙන් ආර්ථිකයේ සියලු අංශ පරිත්‍යාග කරන්න අවශ්‍යයි කියා අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරනවා. මේක සම්පූර්ණ වැරැදි ප්‍රකාශයක්.

කෝවිඩ් වසංගතය නිසා අපේ ආර්ථිකය කඩා වැටුණා කියා ආණ්ඩුව කියනවා. අපේ ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුව කොරෝනා වසංගතය පමණක් නොවෙයි.

ආනයන වහා අත්හිටුවීමට මේ ආණ්ඩුව පියවර ගත්තා. අප ලෝකයත් එක්ක ගනුදෙනු කරන රටක්. ආනයනය වහා අත්හිටෙව්වයි කියා රටේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ. මේ නිසා විශාල භාණ්ඩ හිඟයක අවදානමක් රටට තිබෙනවා. මේ නිසා දේශීය කර්මාන්ත කඩා වැටීමේ අවදානමකුත් ඇතිවෙලා.

ආණ්ඩුවේ වැරැදි ආර්ථික සැලසුම් හේතුවෙන් ඉදිරි වසර තුළ රැකියා දස ලක්ෂයක් අහිමිවීමේ අවදානමක් තිබෙනවා. මේවා තේරුම් ගන්න බැරි ආර්ථික උපදේශකයන් තමයි ආණ්ඩුවේ ඉන්නේ.

අද රටේ තිබෙන්නේ ඍණ ආර්ථිකයක්. අපේ ආර්ථිකය විශාල පිපිරීමකට ලක්වීමේ අවදානමක් තිබෙනවා. රටේ ජීවන වියදම ඉහළ ගිහින්, උද්ධමනය වැඩි වෙමින් තිබෙනවා. එහි බලපෑම ඍජුවම ජන ජීවිතයට බලපානවා.   

ආණ්ඩුව අනුගමනය කරන උපාය මාර්ගවල බරපතළ අර්බුදය නිසා තමයි අද ජීවන වියදම ඉහළ ගිහින් තිබෙන්නේ. ජීවන වියදම පාලනය කිරීම ආණ්ඩුවේ යුතුකමක්. වහින නිසා කරන්න බැහැ, පායන නිසා කරන්න බැහැ කියා ආණ්ඩුවට මේ වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. මේ ගැටලු කළමනාකරණය කර ගන්න තමයි ජනතාව ආණ්ඩුවක් පත්කර ගත්තේ. ඒ ටික අද වෙන්නේ නැහැ.

ව්‍යාපාර ස්ථාන 14,000කට කොරෝනා උවදුර නිසා ඍජුව බලපෑම් වෙලා. මේ අයට සහන දෙනවා කිව්වත් ඒවා විධිමත්ව සිදුවන්නේ නැහැ. මේ පීඩනයෙන් ජනතාව ගලවා ගැනීමට ආණ්ඩුව දිගුකාලීන යම් උපායමාර්ග ක්‍රියාත්මක කළ යුතුයි.

ආර්ථික අර්බුදය ආණ්ඩුවේ අර්බුදයක් විදියට පිළිගෙන වගකීමක් සහිතව මේ පිළිබඳ මුහුණ දිය යුතුයි. ආර්ථිකය යළි නගාසිටුවීමට, ජනතාවට සහන දෙන්න ජාතික ආර්ථික වැඩපිළිවෙළ ආණ්ඩුව වහාම ක්‍රියාත්මක කළ යුතුයි.

ආණ්ඩුවේ නාස්තිකාර වියදම් සීමා කරමින්, රටේ ආර්ථිකය ගොඩනගන්න මූලික තැන දිය යුතුයි. එහෙම නැතුව 20 වැනි සංශෝධනය ගෙනල්ලා තමන්ට බලය පවරා ගැනීම නෙවෙයි ආණ්ඩුව කළ යුත්තේ’’ යැයි ද ඔහු එහිදී පැවසීය.


පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා:
‘‘මහනුවර ප්‍රදේශයේ සිදුවූ නායයාමේ අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ අප කනගාටුව පළ කරනවා. පසුගිය දිනවල වූ භූ කම්පනවල බලපෑම නිසා මෙය සිදුවූවාදැයි භූ විද්‍යා පතල් කාර්යාංශයේ නිලධාරියෙක් කියා තිබුණා.

මේ රජයට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් නැහැ. ආපදා කළමනාකරණ ජාතික සභාව කැඳවා මේ ගැන සොයා බලන ලෙසත්, ආපදා කළමනාකරණය පිළිබඳ මෙයට වඩා අවධානය යොමු කරන්න කියාත් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනාධිපති කොමිසමට සාක්ෂි දුන්නා. දැන් ඒ ගැන හිටපු ජනාධිපතිතුමා මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තිබෙනවා.

කොමිසම ගෙදරට ගෙන්නගෙන හිටපු ජනාධිපතිතුමා සාක්ෂි දුන්නා. දැන් නිලධාරීන් කරන ප්‍රකාශවලට උත්තර දෙන්න සිරිසේන මහතා අවස්ථාවක් ඉල්ලනවා. ජනතාවට, රටට පේන්න කොමිසමට ගිහින් උත්තර දෙන්න කියා අපි සිරිසේන මහතාට කියනවා.

20 ගැන සොයා බලන්න අගමැති කමිටුවක් පත් කළා. අගමැති කමිටු වාර්තාව දැන් කුණු කූඩෙට වැටිලා. 20 ගැන මහින්ද රාජපක්ෂ මහත්තයටයි, ගෝඨාභය රාජපක්ෂ මහත්තයටයි එකඟතාවකට එන්න බැරුව කොහොමද ඉස්සරහට රට ගෙන යන්නේ? එතන බරපතළ ප්‍රශ්නය තිබෙනවා.

පොදු ව්‍යාපාර කාරක සභාවත්, රාජ්‍ය ගිණුම්කාරක සභාවත් මේ සතියේ රැස් වෙනවා. එහි වැඩි නියෝජනය ආණ්ඩුවට තිබෙනවා. අපට බහුතරය තිබියදීත් එහි සභාපති ධුර විපක්ෂයේ පක්ෂවලට දුන්නා. පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති තනතුරට මහින්දානන්ද අලුත්ගමගේ හරි මහින්ද අමරවීර මහතා හරි පත් කරන්න යනවා කියා අපට ආරංචියි.

දැන් මේ ආණ්ඩුව නරින්ට කුකුල්ලු බාරදෙන හැටි අපට බලන්න පුළුවන්. මේ ආණ්ඩුව යළිත් පරණ සෙල්ලම කරලා හොරකම් කරන්න තමයි මේ හදන්නේ.

සද්භාවයෙන් කටයුතු කරන ආණ්ඩුවක් නම් විපක්ෂයට මෙහි සභාපතිත්වයදී ආදර්ශය රටට පෙන්වන්න කියා අපි මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ට කියනවා. අප අනිවාර්යයෙන්ම මේ කමිටු දෙකටම අපේ සභාපති කෙනකු නම් කරනවා’’ යැයි ද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (3)

ආණ්ඩුවේ වැරැදි ආර්ථික සැලසුමෙන් එන වසරේදී රැකියා දස ලක්ෂයක් අවදානමේ

Bandara Tuesday, 22 September 2020 06:50 AM

රනිල් කලින් කියපු එක මෙයා ආපහු කියනවා...!

:       0       3

චන්දන Tuesday, 22 September 2020 05:45 PM

ඔය කියන්නේ යහපාලන රජය ලබා දුන් රැකියා දස ලක්ෂය ගැනනේ... ඒවා නැතිවෙන්න දෙයක් නැහැනේ.. ඇයි ඒ රැකියා දශලක්ෂය දුන්නෙත් නැහැනේ. නොතිබුණු දෙයක් නැතිවෙන්නේ කොහොමද? ලෝකයටම බලපාන කොරෝනා ප්‍රතිඵල නම් දේශපාලනයට ගාවාගන්න එපා. ඒක අශීලාචාරයි.

:       0       2

විජේ Saturday, 26 September 2020 05:08 AM

ඔබ දෙපළ දේශපාලන අඳබාලයින් බව අමතක වී ඇති හෙයින් නැවත ඒ බව මතක්කර දීමට කැමැත්තෙමි.

:       0       2

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 184 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1082 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6405 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6197 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2190 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site