IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප්

(චන්ද්‍රසේන ගමගේ)
ඇමති මහින්ද අමරවීර හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ ඒකාධිපති ගමනක් යනවා. එතුමා පසු ගිය දා මහවැලි ඉඩම් ඔප්පු 3000ක් ජනතාවට ලබා දුන්නා.සජිත් ප්‍රේමදාස ඇමතිතුමාවත් මමත් මේ ගැන දන්නේ නෑ . ධීවර ඇමති වරයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ තනි ගමනක් යනවා. අපි නිකමුන් වගේ ඉන්නවා.ජනාධිපති තුමනි කරුණාකරල මේ ගමන නවත්වන්න කටයුතු කරන්න යැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා අද (14) සවස අම්බලන්තොට පට්ටිය වරායේ පැවති ධීවර හමුවකදී පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ දිලිප් වෙදආරච්චි ඇමතිවරයා,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්සත් ජාතික පක්ෂය පෙරමුණ ගත්තා. හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ මමත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත් ඒ සදහා පෙරමුණ ගත්තා.අපිව පරාජයට පත් කරන්න කටයුතු කරපු මහින්ද අමරවීර ඇමතිවරයා නිසා අපි අපහසුතාවයට පත් වෙලා තිබෙනවා. ජනාධිපති තුමා මේ තත්ත්වය නැති කරන්න කටයුතු කරයි කියා අපි බලා පොරොත්තු වෙනවා.
මම දිස්ත්‍රික්  සංවර්ධන කමිටුවේ සභාපති. නමුත් මමත් දන්නේ නැතිව අමරවීර ඇමතිවරයා ඉඩම් ඔප්පු දෙනවා. මෙම තත්ත්වය නැති කොට ඉදිරියේදී එන මැතිවරණවලට මුහුණ දිය යුතු බව මම ජනාධිපතිවරයා  මතක් කරනවා.



අදහස් (15)

ඇමති අමරවීර ඒකාධිපති ගමනක් යනවා - දිලිප්

Mahesh jayawickrama Saturday, 14 October 2017 02:38 PM

කවුරු දුන්නම මොකද ලැබෙන්නේ ජනතාවට... ඇයි මහත්තයෝ ඔබතුමාට ලැබෙන මනාප ගණන අඩුවෙයි කියලා හිතට බයක් දැනුණද? ඔබතුමන්ලාගේ ඔන්න ඔය නිවට මානසිකත්වය නිසා තමයි අප රට තාමත් නොදියුණු තත්වයේ ඉන්නේ. අනේ ඇත්තට මේවගේ දුක් අඳෝනා අහන පිරිසකුත් ලංකාවේ ඉන්නවා. ඇහුවා නම් කමක් නැහැ...

:       1       608

Ranjith Silva Saturday, 14 October 2017 03:01 PM

ඔන්න ඕක තමයි මේ රටට තිබෙන සාපය. මේ දේශපාලනය කරන අය රට ගැන හිතන්නේ නැහැ. ඊ ළඟ ඡන්දය ගැන තමා හිතන්නේ. කාට හරි ඉඩම් කෑල්ලක් ලැබෙනවා... එ්ක නවත්වන්න හදනවා ඡන්දෙ නැති වේවි කියලා. අමු කැවිලා....

:       16       379

gamage Saturday, 14 October 2017 04:01 PM

ඉඩම් ඇමතිවරයා හෝ මහවැලි සම්බන්ද ඇමතිවරයාත් දන්නේ නැතුවද මේවා බෙදල තියෙන්නේ කියල දැනගන්න කැමතියි . මේ විදියට වැඩ කරන්න පුළුවන් නම් කාටත් හොරෙන් තමන්ටත් ලොකු ඉඩමක් අයිති කරගන්න පුළුවන් නේ

:       166       165

anthony Saturday, 14 October 2017 04:18 PM

අමරවිරයි , ධිවර අධ්‍යක්ෂක ජෙනරාලුයි කරන්නේ මොනවද කියල ඔබතුමා දන්නවද ?? ඔවුන් දෙන්න එකතුවෙලා අපේ ධිවර කර්මාන්තය කනවා ...

:       549       690

siril Saturday, 14 October 2017 07:31 PM

මම නම් දැනගෙන හිටිය "ආඩි හත්දෙනාගේ කැද හැලියේ " තරම.දැන් උන් උන්ම කුලල් කාගන්නවා.අපි බලාගෙන ඉන්නවා.

:       0       42

ආනන්ද ටී අමරවීර Saturday, 14 October 2017 10:08 PM

අයියෙ, ඇත්තටම මේවට හිත නරක්කරගන්න ඕනනෑ, යහපාලනය ගැනසිතා සමාජගත පොරොන්දු අනුව වැඩකරමු.

:       0       16

Gihan Sunday, 15 October 2017 12:24 AM

තමන්ට වැඩක් කරන්න බැරි නම් අඩු ගානේ අනුන් කරපු වැඩ වලට ඉරිසියා නොකර ඉන්නවා.

:       1       22

Rohana Sunday, 15 October 2017 01:20 AM

මහින්ද අමරවීර ඇමතිතුමා තංගල්ල ආසනේ ජන හදවත් දිනාගෙන හොද ජනපදනමක් ගොඩනගාගෙන ඇත.ජදුර, අගුනුකොලපැලස්ස, සංවර්දනය කර ඇත . පසුගිය මැතිවරණ ප්‍රතිපල බලන්න. ධීවර ඇමතිකම ලැබීමත් සමග වෙරළ අශ්‍රිත ජනයාගේද සිත් දීනා ගෙන ඇත . මහින්ද අමරවීර මහතාගේ ගමනට දිලිප්ට ඉර්ශීයව ඇත. දිලිප් සජිත් ගේ පිහිටින් ගොඩ උනේ,හැකියාව කුසලතා අතින් අමරවීර ඉදිරියෙන්.

:       64       11

Siri Sunday, 15 October 2017 03:00 AM

හිතේ වේදනාවට දිලිප් ඕව කියවන්නේ. අඩුම ගනනේ තංගල්ල අසනයවත් දිලිප්ට දිනාගන්න බැරිඋනා. හොද ජන පදනමක් අමරවීරට තිබෙනවා. දිලිප් බේරුනේ සජිත්ගේ පිහිටෙන් .

:       12       64

dhanushka Sunday, 15 October 2017 04:11 AM

අනේද කියන්නේ මුස්ලිම් නායකයෝ මුස්ලිම් මිනිස්සුන්ට ඉඩම් ඔප්පු දුන්නොත් තමා සරම උස්සගෙන කෑගහන්නේ.අපේ රටේ ඉඩම් ඔප්පුයි සිල් රෙදියි බෙදනවා ඇරෙන්න දේශපාලකයෝ කරන දෙයක් නෑ.විශේෂයෙන් බහුතරයක් සිංහල නායකයෝ.

:       44       177

dias Sunday, 15 October 2017 04:18 AM

ජනතාවට ලැබෙනවානම් කවුරු දුන්නහම මොකද .අපි සගිත් ප්‍රේමදාස මහතාත් අමරවීර මහාතාත් වැඩ කරන බව අසා තිබෙනවා ඇහෙනවා.ඔබ තුමා ගැන නම් වැඩි පැහැදීමක් නෑ..

:       0       13

purawasiya Sunday, 15 October 2017 04:27 AM

දීලිප් ඔබ තුමා සජිත් නැත්නම් ඔතන නෑ.අමරවීර මහත්තයත් සමග සහයෝගයෙන් වැඩ කොට ප්‍රදේශයට වැඩක් කරන්ඩ.ඔබ තුමා ලෙඩෙක් බව තන්ගලු ජනතාව දන්නවා. අමරවීර මහතා වගේම පේමදාස මහතාත් මෙම ප්‍රදේශයට වැඩ කරනවා.ඔහොම එල්ලිලා ඉන්න බලන්ඩ. ඔබ තුමාට මොලය පෑදේවා.

:       0       10

ලුම්බිණි Sunday, 15 October 2017 04:30 AM

මීට වඩා නරකද ඔය දෙන්න එකතු වෙලා මේ ගැන කතා කරලා එකට වැඩ කරන්න වැඩ පිළිවෙලක් හැදුව නම්. ප්‍රසිද්ධියේ එකම ආණ්ඩුවේ ඉන්න අනික් මිනිහ ගැන විවේචනය ටිකක් කැතයි නේද?

:       0       27

gamini Sunday, 15 October 2017 09:50 AM

සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වෙන්න. කවුරු මොනවා දුන්නත් මොකද එකම ආණ්ඩුවනේ. මීට වඩා වැඩක් කරන ඇමති කෙනෙක් වෙන්න බලන්න. පුළුවන්නම් පාසල් 50ට පොත් බෙදන්න.

:       0       1

ranjith Sunday, 15 October 2017 11:02 AM

හොඳින් වැඩ කොට ජනප්‍රසාදය දිනා ගන්න. අමරවීර මහතා ඔබට වඩා ඉදිරියෙන් බව දැනගන්න. ඔප්පු කවුරු බෙදුවත් කමක් නෑ. ඔබට පුළුවන්නේ දුප්පත් ළමයින්ට දුප්පත් පවුල්වලට මොනවා හෝ බෙදන්න. බස් නැවතුම හදා නගරය පිරිසිදුව තැබීමේ වැඩ පිළිවෙලක් ගෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ හිටපු සෙබළකු රටින් පනින්න ව්‍යාජ ලේඛන හදාගෙන
2025 පෙබරවාරි මස 05 1 0

බෙලිඅත්ත ප්‍ර දේශයේදී ‘අපේ ජනබල‘ පක්ෂයේ හිටපු සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටි


මැතිසබේ ගොඩනැගිලි හදද්දි නීතියට පයින් ගහලා
2025 පෙබරවාරි මස 05 13 0

පාර්ලිමේන්තු සංකීර්ණයේ ජයන්තිපුර සහ පින්නියර ආරක්ෂක ගොඩනැගිලිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමෙන් පාලනාධිකාරිය ප


විජය පුවත්පත් සමාගමට කෝටි 3ක පොල්ලක් තැබූ දැන්වීම් හිමිකරුට වරෙන්තු
2025 පෙබරවාරි මස 05 134 0

විජය පුවත්පත් සමාගමට රුපියල් කෝටි තුනකට අධික වංචාවක් කළැයි කියන දැන්වීම් බාර ගැනීමේ ආයතනයක හිමිකරුවකු බව කියන නලින් ප්‍රසාද් පෙරේරා නැමැත්තා දුටු තැ


නාමල් රාජපක්ෂට සිතාසි
2025 පෙබරවාරි මස 05 229 0

රගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට


අරාබි රටේ ලාංකික කෑම විකුණන්න අලුත් වැඩක්
2025 පෙබරවාරි මස 05 160 0

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සෞදි අරාබි බාහිර වෙළඳ දූත පිරිසක් සමඟ සාර්ථක වැඩසටහනක් පසුගියදා පැව


ලුණු මිල වැඩි වෙයි
2025 පෙබරවාරි මස 05 273 0

ලුණු මිල හෙට (6) සිට වැඩි කිරීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site