(කාංචන කුමාර ආරියදාස)
‘රජය උතුරු නැගෙනහිර ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කර නොමැති බවත් ඉන්දියානු රජය සහ යුද හමුදාව එක්ව නිවස ලබාදුන් බවත් ජාතික ඒකාබද්ධතා සංහිඳියාව සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
රජය මගින් උතුරු නැගෙනහිර ජනතාවට එක් නිවාසයක් හෝ ලබාදී නොමැති නිසා ජනතාව රජය කෙරේ කලකිරීමකින් සිටින බවත් හෙතෛම පැවසීය.
රාජ්‍ය භාෂාව සහ සංහිඳියාව පිළිබඳව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමග සිය අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම අත්‍යවරයා මෙහිදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රීවරුන් සිංහල සහ දෙමළ භාෂා දෙකම දැනගෙන සිටිය යුතු බවත් තමන්ට බලයක් පවතින්නේ නම් පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ට භාෂා තුනම අනිවාර්ය කරන බවත් සඳහන් කළේය.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා දමිළ භාෂාව ඉගෙන ගැනීමත් සිංහල භාෂාව ඉගෙන ගැනීමත් පාර්ලිමේන්තුවේ පංති පැවැත්වූ බවද එහෙත් උත්ස වාකාරයෙන් ආරම්භ කළ එම ඉගැන්වීම් මධ්‍යස්ථානය කථානායකතුමා විසින් ආරම්භ කළ බවත් මේ වන විට එහි කිසිදු මන්ත්‍රීවරයකු ඉගෙන ගැනීම සිදු නොකරන බව හෙතෙම සඳහන් කළේ ය.
උතුර නැගෙනහිර ප්‍රදේශවල නිවාස ලක්ෂයක් තනා දීමට මීට වසර තුනකට ඉහතදී රජය තීරණය කළ බවත් නමුත් ආණ්ඩුවට එකම නිවසක් හෝ සාදා දීමට නොහැකි වී තිබෙන බවත් ඉන්දියානු ආණ්ඩුව නිවාස හතළිස් පන්දහසක් හදලා දී තිබෙන බවත් හමුදාව ඉදිරිපත් වී තවත් නිවාස රැසක් ජනතාව වෙනුවෙන් තනා දී ඇති බවද පැවසීය.
එම නිවස ලක්ෂයකින් පනස්දාහක් ස්වාමිනාදන් අමාත්‍යවරයාට භාර දී තිබෙන බවත් ඔහු එක ගලක්වත් නිවාස ඉදිකිරීම සඳහා තබා නැතැයිද චෝදනා කළේය. නිවාස පනස් දහසක් ජනාධිපතිතුමාගේ අමාත්‍යාංශයක සිරවී තිබෙන බවත් එම නිවස පනස්දහස තම අමාත්‍යාංශයට ලබා දෙන බවට පොරොන්දු වුවද එය තවමත් අග්‍රාමාත්‍ය වරයාගේ කාර්යාලයේ සිර වී තිබෙන බවත් තමන් ඒ සඳහා තර්ජනාත්මකව ප්‍රකාශ කළ බවද කියා සිටියේය.
නිවාස සැලසුම් ටික සිර වී තිබෙන බවත් තවත් සති දෙකක් මේ පිළිබඳව ඉදිරිදී මාධ්‍ය ඉදිරියට පැමිණ එහි සිදුවී ඇති සත්‍ය හෙළිදරව් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වාමිනාදන් අමාත්‍යවරයාට එම ප්‍රදේශයේ ජනතාව බනින බවත් තමාට ජනතාවගෙන් දොස් ඇසීමට නොහැකි බව ද සඳහන් කළේය. හිටපු රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන් වැරදි කතාවට තමන් එකඟ නොවන බවත් එහෙත් එම කතාවට බනින මිනිසුන් උතුරු නැගෙනහිර ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීම සඳහා අසමත් වී තිබෙන බවත් විජයකලා මහේෂ්වරන් කළ මතය තුලම ජනතාව එල්බ සිටින බවද සඳහන් කළේය.
මෙම ආණ්ඩුව ස්ථාපිත කරලා දීම, ඇමතිවරුන් ලබාදීම, රටේ වෙනසක් ඇති කිරීම, ජනපතිවරයෙක් ඇතිකිරීම ,අග්‍රාමාත්‍යවරයෙක් ඇතිකිරීම, සියල්ල උතුරු නැගෙනහිර ජනතාව සිදු කර දුන් බවත් එහෙත් එම ජනතාවට කිසිදු සංවර්ධනයක් නැතැයි ද යන මතය තුළ ජනතාව සිටින බව සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එය මිල සූත්‍රය රටට ගැලපෙන එකක් බවය.
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘උතුරු නැගෙනහිර ජනතාව රජය ගැන කනස්සල්ලෙන්‘-මනෝ ගනේෂන්
kalani Friday, 13 July 2018 03:51 AM
ඔබේ ප්‍රකාශය උතුරු නැගනහිර ජනතාව ලෙස නොව සමස්ත ශ්‍රී ලංකා ජනතාවම කනස්සල්ලෙන් කියා නිවැරදි විය යුතුය.