IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


’’එජාපයේ සියලු ගැටලු ලබන සඳුදායින් අවසන්’’

( අංජුල මහික වීරරත්න සහ සඳුනි කෞශල්‍යා)

‘‘එක්සත් ජාතික පක්ෂය මුහුණ දී සිටින සියලු ගැටලු ලබන සඳුදා වනවිට විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා මාධ්‍ය හමුවේදී ඊයේ (13) පැවැසීය.

රනිල්-සජිත් සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බව කී නවීන් දිසානායක මහතා ඉතිහාසයේ සිටම පක්ෂයේ නායකයන් හැමවිටම ක්‍රියා කර ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩල මතයට අනුව බව සඳහන් කළේය.

 පිටකෝට්ටේ  - සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා මෙසේද කීවේය.

‘‘පක්ෂ කෘත්‍යානාධිකාරී මණ්ඩලය යනු පක්ෂයේ ඉහළම දේශපාලන සංස්ථාවයි. අප පක්ෂයේ නායකයන් ඉතිහාසයේ සෑම විටකම ක්‍රියා කර ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩල මතය අනුවයි.

 කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 68 දෙනාගෙන් 20 දෙනෙකු පත් කිරීමට නායකයාට අවස්ථාවක් ලැබෙනවා. වත්මන් නායකයාට මෙන්ම ඉතිහාසයේ නායකයන්ටත් ඒ අවස්ථාව තිබෙනවා.

පක්ෂයේ ඉහළම තීරණ ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයයි. පක්ෂයේ ඉහළම තීරණය ගන්නා මණ්ඩලය  මන්ත්‍රී කණ්ඩායම නොවන බව පැහැදිලිවම කිව යුතුයි.

1994 වසරේදී මගේ පියා මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළා. ඒ යුගයේ අපට විපක්ෂයට යන්න සිදු වුණා. මගේ පියා  විපක්ෂනායක ධුරය රනිල් වික්‍රමසිංහ මහතාගෙන්  ඉල්ලා සිටියා. සාමාන්‍යයෙන් විපක්ෂනායක ධුරය යන්නේ හිටපු අගමැතිවරයාට බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවා. සාම්ප්‍රදායික වෙස්ට්මිනිස්ටර් ක්‍රමය එයයි.

මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත අනුව තමා ඊට සුදුසු බව මගේ පියා සඳහන් කළා. ඒ අවස්ථාවේ ගාමිණී දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් ඡන්දයක් තිබුණා.

 රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝගයක් එල්ල කරන්න මගේ පියාට හැකියාව ලැබුණා. එහිදි ගාමිණී දිසානායක මහතා ඡන්ද දෙකකින්  ජයග්‍රහණය කළා. එතුමා විපක්ෂනායක වුනේ ඒ අනුවයි.

 සජිත් ප්‍රේමදාස විපක්ෂනායක කරන්න මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගත්තා. පක්ෂ නායක ලෙස විපක්ෂනායක වන්න රනිල් වික්‍රමසිංහ මහතාට අවස්ථාව තිබුණා. එහෙත් ඒ ධුරය සජිත් මහතාට දිය යුතු බවට  මන්ත්‍රී කණ්ඩායමේ මතයක් තිබුණා. සමහරුන් ඊට කැමති  වුණේ නැහැ. නමුත් බහුතර මතයට ඇහුම්කන් දී විපක්ෂනායක ධුරය සජිත් ප්‍රේමදාස මහතාට දුන්නා.

 පක්ෂ ලාංඡනය පිළිබඳවත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දිගින්-දිගටම කතා කළා. එක්සත් ජාතික පක්ෂය 1948 වසරේ සිට සන්ධානයක් හෝ තනි පක්ෂයක් ලෙස හෝ මහ මැතිවරණවලදී තරග කර ඇත්තේ අලියා ලකුණිනුයි. ඉතිහාසය එයයි.

 2015 මහ මැතිවරණයේදීත් අප තරග කළේ අලියා ලකුණිනුයි. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතර කැමැත්ත ඇත්තේ අලියා ලකුණින් සන්ධානය යටතේ තරග කරන්නයි.

එක්සත් ජාතික පෙරමුණ යටතේ සජිත් ප්‍රේමදාස මහතා සන්ධාන නායක ලෙසත් අනාගත අගමැති ලෙසත් රංජිත් මද්දුම බණ්ඩාර සන්ධාන ලේකම් ලෙසත් අලියා ලකුණින් තරග කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයයි.

නමුත් ඡන්ද නැතිව සුහදව, සහෝදරත්වයෙන් ප්‍රශ්නය විසඳාගනිමු යැයි අපගේ සොහොයුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

 කේ.කේ. පියදාස මහතාත්, මමත් නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනය කරනවා. අප දෙදෙනාටම අලියා ලකුණෙන් තරග කරන්න අවශ්‍ය බවට ඉල්ලීම කළා. අලියා ලකුණින් තොරව වෙනත් කිසිම  ලකුණකින් මා තරග කරන්නේ නැහැ. ඒ මාගේ පෞද්ගලික මතයයි. මට අලියා ලකුණෙන් තරග කිරීමට අවශ්‍යයි. වතුකරයේ දෙමළ ජනතාව හුරුවී සිටින්නේ  අලියා ලකුණට ඡන්දය දෙන්නයි.

අඹ ගෙඩියෙන්ද, මීයාගෙන්ද, හදවතින්ද කියන්න මා දන්නේ නැහැ. නමුත් ඒ ලකුණු ජනතාවට පුරුදු කරන්න තව කාලයක් ගත වෙනවා.

 අලියා ලකුණින්  තරග කරන විට අපට විශාල ශක්තියක් ලැබෙනවා. පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ දිස්ත්‍රික්කවලට  අාවේනික අයුරින් වාසි සහගත ලකුණුවලින් තරග කිරීමට ගිවිසුම් ගත වන බවට අපට දැනගන්නට ලැබුණා.

දිස්ත්‍රික්කවල තිබෙන දේශපාලන අනන්‍යතාවන් හඳුනාගෙන අපට වෙන වෙන තීරණවලට  එළැඹිය හැකියි. අනෙක් සියලුම දිස්ත්‍රික්ක වෙනත් ලකුණකින් තරග කිරීමට පක්ෂය තීරණය කළ හැකිය. නමුත් කේ.කේ. පියදාස මහතාටත්, මටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අලියා ලකුණින් තරග කිරීමට අවසරය දිය හැකියි. මා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එවැනි ඉල්ලීමක් කළා. එසේ නැති වුණොත් අපට තිබූ ඡන්දවත් ගන්න බැරිවේවි.

 අලියා ලකුණ නැතිනම් අනාගතයේ තරග කරනවාද, නැද්ද යන කාරණාව මට ගැටලුවක් වනවා.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ  අති බහුතර මතය වන්නේ අලියා ලකුණින්  තරග කළ යුතු බවයි.

 අප දිස්ත්‍රික් කළමනාකරුවන් පනස් දෙනෙකු කොළඹට කැඳවූවා. ඔවුන් සමග පක්ෂ නායකතුමා සාකච්ඡා කළා. ඔවුන්ගේ මතය වූයේත් අප අලියා ලකුණින් තරග කළ යුතු බවයි.

සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම් සහ  රංජිත් මද්දුම මණ්ඩාර යන මහත්වරුන් පෙරේදා (13) රාත්‍රී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කළා. ඔවුන් ඇතැම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ලබන සඳුදා ප්‍රශ්නය සමථයකට පත් කරගන්නට බලාපොරොත්තු වෙනවා.

 ප්‍රශ්නයක් තිබෙන බව ඇත්තයි. එහෙත් අප අඩියක් ඉදිරියට පැමිණ සිටිනවා. මුලින් පටන් ගත්තේ නායකත්ව ප්‍රශ්නයයි. දැන්  ඒ ප්‍රශ්නය සමනය වෙලා.

 සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂනායක ලෙසත් සන්ධාන නායක ලෙසත් අනාගත අගමැති අපේක්ෂකයා ලෙසත් අප පිළිගන්නවා. ඒ අනුව අප පිටුපසට ගිහින් නැහැ. සාකච්ඡාවෙන් සහයෝගයෙන් සම්මුතියෙන් නුදුරු අනාගතයේදී ලාංඡනයේ ගැටලුවත් විසඳා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසයක් තිබෙනවා.

සන්ධානයට එන ඡන්දවලින් සීයට 95ක්ම එන්නේ එක්සත් ජාතික පක්ෂයටයි. අපගේ පක්ෂය ආරක්ෂා කරගන්න අපට අයිතියක් තිබෙනවා. අප මේ ඉල්ලීම කරන්නේ ඒ නිසයි.

පසුගිය වසරේ අප සන්ධානයක් හදා හංසයා ලකුණින් තරග කළා. ඊටත් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දැඩි විරෝධයක් නැහැ. හංසයා ලකුණ ජනතාව හඳුනනවා. අලුත් ලාංඡනයක් යටතේ මාසයක් ඇතුළත ජනතාව දැනුවත් කරන්න හැකිවනු ඇතැයි මා සිතන්නේ නැහැ. අපේ පාක්ෂිකයන්ට පුරුදු අලියා ලකුණයි.

සජිත් ප්‍රේමදාස මහතා ජනපති වුණානම් මේ ප්‍රශ්න ඇතිවන්නේ නැහැ.

නායකයා වෙනස් කළ යුතු නම් පක්ෂ ව්‍යවස්ථාව අනුව එය කළ යුතුයි.

ගාමිණි දිසානායක මහතාගේ ආදර්ශය ගන්නා ලෙස මා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් දැනුම් දුන්නා. එතුමා රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලයට එදා ගොස් තමාට විපක්ෂනායක ධුරය අවශ්‍ය බව නිර්භීතව කිව්වා. එලෙස දැනුම්දී රහස් ඡන්දය පවත්වා ඒ ධුරය ගත්තා.

අප සජිත් ප්‍රේමදාස මහතාටත් ඉහළ ගෞරවයක් දක්වනවා. එතුමා නියෝජ්‍ය නායක වූයේත් රහස් ඡන්දයකිනුයි. ඒ අවස්ථාවේ කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට ඉල්ලුවා. ඒ අවස්ථාවේදී කරු ජයසූරිය මහතාට ඡන්ද 29ක්ද රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 60ක්ද ලැබුණා.

නියෝජ්‍ය නායක ධුරය සඳහා සජිත් ප්‍රේමදාස හා රවී කරුණානායක තරග කළා. අති බහුතර ඡන්දයෙන් සජිත් නියෝජ්‍ය නායක ලෙස පත්වුණා.

පක්ෂ නායකත්වයට එන්න සුදුසු නම් ඊට වේලාවක් තිබෙනවා. සොබාදහමට ඉඩ දෙන්න. හදිස්සි වී කරන්න බෑ.

මැතිවරණයක් අත ළඟ තබාගෙන පක්ෂ නායකයන් වෙනස් කරන්න ගොස් පක්ෂය කඩන්න බැහැ. එලෙස විය යුතුනම් මැතිවරණයෙන් පසුව තීරණය ගත හැකියි.

තව ටික දිනකින් ප්‍රශ්න සියල්ල විසඳාගෙන එක තැනකට එන්න හැකියාව ලැබේවි.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ නවීන් දිසානායක මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය: ඔබ නොකියා කියන්නේ නායකත්වය සඳහා සජිත්ට පෞර්ෂයක් නැහැ කියන එකද?

පිළිතුර: එතුමාට ප්‍රබල පෞර්ෂයක් තිබෙනවා. එසේ නැතිනම් අපි එතුමා ජනාධිපති අපේක්ෂක ලෙස පත්කරන්නේ නැහැ.

ප්‍රශ්නය: පොදුජන පෙරමුණ අලුත් ලකුණකින් හා නමකින් ඇවිත් කෙටි කලකින් බලය ගත්තා නේද?

පිළිතුර: පොහොට්ටුව 2018 වසරේ ස්ථාපිත වුණා. ඉන්පසුව පළාත් පාලන මැතිවරණයට මුහුණ දුන්නා. බිම් මට්ටම ශක්තිමත් කර ගත්තා. ජනාධිපතිවරණය තිබුණේ වසර එකහමාරකට පසුවයි. හදවත මේ දිනවල ෆේස්බුක්වල පවා හාස්‍යයට ලක්වනවා. එය හාස්‍යජනක ලකුණක්.

ප්‍රශ්නය: ලෝකයේ සියල්ල අස්ථිර නම් එජාප  නායකත්වය ස්ථිර වන්නේ කෙසේද?

පිළිතුර: පක්ෂ ව්‍යවස්ථාවේ වෙනස්විය යුතු තැන් ගැන සාකච්ඡා කර තිබෙනවා. තනතුරු සියල්ල සඳහා ඡන්දයක් අවශ්‍යය යන මතය අනුව 2011 වසරේදී ඡන්දයක් තබා රනිල් වික්‍රමසිංහ බහුතර ඡන්දයෙන් නායකත්වයට පත්වුණා.

2014 වසරේදී රනිල් වික්‍රමසිංහ ඉතා සූක්ෂ්ම අයුරින් මහින්ද රාජපක්ෂ ගෙදර  යැව්වා. මේ අර්බුද සියල්ල ඇතිවී තිබෙන්නේ සජිත්ගේ ජනාධිපතිවරණ පරාජයත් සමගයි. වැඩිකල් නායකත්වයේ ඉන්නේ නැති බව රනිල් වික්‍රමසිංහ නායකතුමා කියා තිබෙනවා. එතුමාට අවසන් පරිච්ඡේදය ලියන්න ඉඩදිය යුතුයි.

ප්‍රශ්නය: දැන් වෙනම පක්ෂයක් ලියාපදිංචි කර තිබෙනවා. එය නීත්‍යානුකූලද? සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු  සෙසු අයගේ තනතුරුවලට බලපෑමක් නැද්ද?

පිළිතුර: සන්ධානය හැදුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතිවයි. පක්ෂය නිල වශයෙන් සන්ධානය හදන්න අවසර දී තිබෙනවා.

ප්‍රශ්නය: ඔබට නායකත්ව සිහිනයක් නැද්ද?

පිළිතුර: නැහැ. කාටත් දෛවයක් තිබෙනවා. ඒ අනුව බලමු. මා ජාතික සංවිධායක වූයෙත් ඡන්දයෙනුයි.

 



අදහස් (4)

’’එජාපයේ සියලු ගැටලු ලබන සඳුදායින් අවසන්’’

upali Friday, 14 February 2020 03:28 PM

බාලගිරි අද නෙවේ හෙට.... ජයවේවා...!!!

:       1       2

Bamunuarachchi Monday, 17 February 2020 12:54 AM

" එතුමාට ප්‍රබල පෞර්ෂයක් තිබෙනවා. එසේ නැතිනම් අපි එතුමා ජනාධිපති අපේක්ෂක ලෙස පත්කරන්නේ නැහැ." එත් අපි දන්නවා පරාජය වෙන බව. ඒකයි කාල වරෙන්කො කියලා තල්ලු කලේ.

:       0       0

rohan Friday, 21 February 2020 06:18 PM

අස්වයා පැනලා ගිය පසුව ස්තාලේ වහලා වැඩක් නෑ. ඔයාලා අන්ත පරාජයක් ලබනවා ජාතික සංවිධායක තුමනි.

:       1       1

ranjith Saturday, 04 April 2020 09:41 AM

රනිල් සජිත් පාර්ශව දෙකම එකමුතුවෙලා ඡන්දය දිනලා රජයක් පිහිටුවන්න ජයවේවා.!

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1080 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6383 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6189 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 2189 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’
2024 සැප්තැම්බර් මස 05 2446 26

ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site