(විනීතා එම් ගමගේ)
වස විස නැති ගොවිතැන පිළිගන්නා බව කොන්ද පණ ඇතිව පොරොන්දු වන නායකයෙක් රාජ්‍ය නායකයා කරගන්නට ඊළඟ මැතිවරණයේ දී ගිවිසුම් ගත කරගෙන සහය දක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
ඒ සඳහා ශක්තිමත්ව කටයුතු කරන ජනතා ව්‍යාපාරයක් වෙනුවෙන් සමාජය සුදානම් කරමින් පවතින බව ද උන්වහන්සේ කීහ.
පළාත් පාලන ඡන්දය පැරදුනේ පොහොර වෙනුවට මුදල් දුන් නිසා බව දේශපාලකයන් පවසන්නේ යැයි කී උන්වහන්සේ එසේ නම් කෘති‍්‍රම පොහොර දී ඊළඟ ඡන්දය දිනන්නට සුදානම් වන්නැයි දේශපාලකයන්ට අභියෝග කරන බව ද පැවැසූහ.
පොහොර සහනාධාරය දෙන්නට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් කැමති අයට පමණක් වත් මුදල් දෙන ලෙස තමන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු ඊට එකඟ වූ බවත් කී රතන හිමියෝ ඒ අනුව කැමති අයකුට කෘත‍්‍රිම පොහොර වෙනුවට කාබනික පොහොර ලබාගත හැකි බව ද සඳහන් කළහ.
වස පොහොර එපා යැයි කියන ගොවීන් ලියාපදිංචි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවත් ගොවීන් එහි ලියාපදිංචිකර ගැනීම ආරම්භ කර ඇති බවත් උන් වහන්සේ පැවැසූහ.
රතන හිමියෝ මේ අදහස් පළ කළේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (24) පැවැති උත්සවයක දීය. වස විස නැති රටක් වැඩපිළිවෙළ අරඹා වසර දෙකක් ගතවීම නිමිත්තෙන් එහි ප‍්‍රගතිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණි.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’කොන්ද පණ ඇති නායකයෙක් පත්කරන්න කටයුතු කරනවා’
dasun Saturday, 28 April 2018 07:29 AM
අැයි 2015 ජනවාරි 8 පත් කළේ මොකක් තියෙන නායකයෙක්වද? හරියට බලන්න එපායැ මේවට කලින්...