IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


‘‘ජනතාවාදී ගමනට බාධා එපා‘‘

( +++ ඩයනා උදයංගනී)

රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය නිලධාරීන්ගෙන්, ව්‍යවස්ථාදායකයින්ගෙන් හෝ අධිකරණයෙන් කිසිම බාධාවක් තමා බලාපොරොත්තුවන්නේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ (4) කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති 72 වැනි ජාතික නිදහස් සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් පැවසීය.

රටේ ජනතාවගේ අවශ්‍යතා ක්‍රියාත්මක කිරීමට තමන් බැඳී සිටින බවත් එය තමාගේ වගකීම හා යුතුකම බවත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

නීතිගරුකව, විනයගරුකව, ගුණගරුකව ජීවත්වීම සඳහා ජනතාවට සැබෑ නිදහසක් ලබාදීම අවශ්‍ය බව කී ජනාධිපතිවරයා වැරදි කරන සුළු පිරිසට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරනවා මිස බහුතරය මත අනවශ්‍ය සීමාවන් පැනවීම නොකළ යුතු බව ද කියා සිටියේය.

තමන් කරන කියන දේවලින් රටට සිදුවන්නේ යහපතක් ද අයහපතක් ද යන්න දේශපාලන අවශ්‍යතා ගැන පමණක් නොසිතා සිතා බලන්නැයි ද ජනාධිපතිවරයා මෙහිදී දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටියේය.

ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා හිංසකයන් නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධා පැමිණෙනවා නම් එතැන ජනතාවට නිදහසක් නැතැයි කී ජනාධිපතිවරයා ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට තවදුරටත් මේ රට තුළ ක්‍රියාත්මක වන්නට ඉඩ දෙන්නේ නැතැයි ද කීවේය.

තමන් රටේ සියලු දෙනාගේ නිදහසට ගරු කරනවා මෙන්ම අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලන හා ආර්ථික නිදහස තහවුරු කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය, රාජ්‍ය ආයතනයන්හි පවතින දූෂණය ඇතුළු ජන ජීවිතයට බලපා ඇති සියලු සමාජ උවදුරු තුරන් කිරීම සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කීවේය.

එම කටයුතු කාර්යක්‍ෂම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ආරක්‍ෂක අංශ තුළ දැනටමත් ආරම්භ වී ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.

ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක යහපැවැත්ම හා ප්‍රගමනය සඳහා ශක්තිමත් විධායකයක්, ව්‍යවස්ථාදායකයක් හා ස්වාධීන අධිකරණයක් අවශ්‍ය බව ද කී ජනාධිපතිවරයා මෙම ප්‍රධාන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා විශ්වාසය කුමන ආකාරයකින් හෝ පළුදුවන්නේ නම් එය රටක අරාජිකත්වයක් ඇතිවීමට හේතුවන බව ද සඳහන් කළේය.

නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් තොරව පනවා ඇති නීතිරීති හා රෙගුලාසි නිසා ජනතාව හිරිහැර රාශියකට මුහුණ දී ඇතැයි ද පැවසූ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට බලපාන බොහෝ දේවල් සඳහා බලපත්‍රයක් ලබාගැනීමේ අවශ්‍යතාව යළි විමසා බැලිය යුතු යැයි ද කීවේය.

ජනතාවට නිදහසේ ස්වයං රැකියාවක්, පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කර ගන්නට බාධා පමුණුවන යල්පැනගිය නීතිරීති රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය විය යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනතාව මත පනවා අති අනවශ්‍ය තහංචි ඉවත් කර ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම සඳහා කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

තම ධුර කාලය තුළ රටේ බෞද්ධ දර්ශනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමට කැපවන බවත්, බෞද්ධ දර්ශනයේ මඟපෙන්වීම අනුව කිසිදු පුරවැසියකුට අගතියක් නොවන ධර්මානුකූල රාජ්‍ය පාලන තන්ත්‍රයක් සඳහා යොමු වන බවත් කී ජනාධිපතිවරයා දිනූ නිදහස තවත් ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දෙන බව ද කියා සිටියේය.

ජීවත් වීමේ නිදහස තහවුරු කිරීමේ දී පළමුව කළ යුත්තේ ජනතාවගේ ආර්ථික ගැටලු විසඳා දීම බවත් ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලකන බවත් ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (10)

‘‘ජනතාවාදී ගමනට බාධා එපා‘‘

Rata Perata Wednesday, 05 February 2020 07:18 AM

ජනතා ගමන........ ගුවන් සමාගමට අධ්‍යක්ෂලා හැටියට පවුලේ අය දැම්මේ ජනතා ගමනටද?

:       304       297

BamunuarachchiMonday, 10 February 2020 03:16 AM

මෙන්න මේ වගේ මිනිස්සුන්ට තමයි කියන්නේ ‘‘ජනතාවාදී ගමනට බාධා එපා‘‘ කියලා... බාධා කළොත් ඔන්න මම ඔහෙලාව දාගෙන සුදුවෑන් එළවන්න ලැහැස්තියි.

:       0       0

BamunuarachchiMonday, 10 February 2020 03:24 AM

ආයතනයක පරිපාලනයට "සුදුසුකම් තිබෙනවා නම්" දන්නා පවුලේ එකා දාන එකයි නොදන්නා එකෙක් පරිපාලනයට දාන එකෙයි වෙනස කියා දෙන්න. ආරක්ෂක ලේකම් හැටියට ඝෝඨාභය දමපු එකෙයි, හේමසිරි දමපු එකෙයි ප්‍රතිඵල අපිත් වින්දා ඒ ගොල්ලොත් විඳිනවා නේද හලෝ? නිකන් පිස්සු කෙලින්න එපා හලෝ...

:       1       5

Champa Wednesday, 05 February 2020 01:22 PM

අනේ මන්දා... නිකම් වහල් ආණ්ඩුවේ කතාවක් වගේ කියලා හිතෙන්නේ මට විතරද? එකම වෙනස ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට බරපතල තර්ජනයක් කරලා තියෙනවා.. තමන් යන ගමනට බාධා කරන්න එපා කියලා. ව්‍යවස්ථාදායකය සහ අධිකරණ තියෙන්නේ ජනාධිපති ඒකාධිපති ගමනක් යනවා නම් මහජන යහපත තකා ඒක නවත්තන්න. ඒ හින්දා යන ගමන මොකක්ද කියලා තාම රටටම වැටහෙන්නත් ඉස්සෙල්ලා පාර්ලිමේන්තුවට සහ අධිකරණයට තර්ජනය කරලා කරන්න හදන්නේ මොකක් වෙන්න පුළුවන්ද...?

:       115       178

Dil PereraThursday, 06 February 2020 06:51 PM

චම්පා මැතිනිය කියන්නේ රටම "කම්පා" කරන "පාපග්‍රාහි" අදහස්ය.

:       1       30

ChampaFriday, 07 February 2020 04:02 PM

කතාව ඇත්ත. ලංකාවම කම්පා වෙනවා වෙච්චි වෙනසට... කිව්වේ නම් අධිකරණය ස්වාධීන කරනවා කියලා. හැබැයි දැන් කියනවා ඇඟිලි ගහන්න එපාලු. මම 2015 ඉඳන් වහල් ආණ්ඩුවට විරුද්ධව ලියපු දේම නැවත නැවත ලියන්න වෙන විදිහට මේ ආණ්ඩුව යූටර්න් ගැහැව්වාම මම ලියන ඒවා දිරවා ගන්න අමාරුවෙනවා...

:       1       109

Chathuri Thursday, 06 February 2020 05:41 PM

මේ කියන බලපෑම් සේරම අයියට බලය තියෙනකොට සිදුවුණා මහා පරිමාණයෙන් එදා ඔබත් උසස් නිලයක් දැරුවා , සහෝදරයෝ බිරින්දෑවරු දරුවෝ සියලුම දෙනා බලය අතට අරන් වැඩ කෙරුවේ, දැනුත් පටන්ගෙන ඇගට නොදැනී කරගෙන යනවා, දැන් මේ කියන දේවල් කරන්න එපා කියන්නේ ජනතාවටද මේ කතාව.

:       112       158

sunil perera Monday, 10 February 2020 02:01 AM

රටේ බෞද්ධ දර්ශනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමට ... ප්‍රසිද්ධ මාධ්‍ය වලින් බුදුදහම කෙසේවත් විවේචනය නොකළයුතු අතර එසේ සිදුවූ විට දැඩි දඬුවම් සකස් කිරීම විදේශීය අන්‍ය ආගමික ප්‍රචාරක ආයතන සහ පුද්ගල වීසා සුපරික්ෂාකාරීව නිකුත් කිරීම... මේ කරුණ සම්බන්ධව දීර්ඝ විස්තර ඇති නිසා... ඔබට සිතා බැලීමට අවස්ථාව...

:       0       25

Bamunuarachchi Monday, 10 February 2020 03:26 AM

ජනතාවාදී ගමනට බාධා කළොත් ජෝශප් ස්ටාලින්ගේ න්‍යායෙන් සලකමු. මොකද එවුන් ජනතා ද්‍රෝහීන්...

:       9       0

maalaka Tuesday, 11 February 2020 04:03 AM

අයියට කිව්වොත් නරකද ?

:       3       1

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 194 0

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 958 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


ඔන්ලයින් පනත අහෝසි නොකරන්නේ ඇයි?
2025 මාර්තු මස 06 703 3

සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.


දොස්තරලා 5000ක් රට යෑමේ සූදානමක
2025 මාර්තු මස 06 2418 43

වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්


විපක්ෂ නායක ආණ්ඩුවට දොස් නඟයි
2025 මාර්තු මස 02 1773 17

ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


‘තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටවන්න කැමති නැහැ‘
2025 මාර්තු මස 02 2023 15

තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 193 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 452 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site