(දයාරත්න ඇඹෝගම)
ඉදිරි ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂ සියල්ලම අපේක්ෂකයන් ඉදිරිපත් කළහොත් එකඳු පක්ෂයකටවත් ප්‍රකාශිත ජන්දයන්ගෙන් 50% ජන්දයක් ලබා ගත නොහැකි විමෙන් එම මැතිවරණය තීන්දුවක් ගත නොහැකි මැතිවරණයක් බවට පත් වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුයේ අනුරාධපුර බටහිර ආසන බළ මණ්ඩල රැස්විම අමතමිනි.
මෙම ජනහමුව අනුරාධපුර බටහිර ආසන සංවිධායක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ඩබ්.බී ඒකනායක මහතාගේ නිවසේදී අද (22)දින පැවැත්විණි.
මෙහිදි අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසිය.
‘ඊළඟ ජනාධිපතිවරණයට අපි ප්‍රධාන පක්ෂ 03 න් අපේක්ෂකයෝ තිදෙනෙක් ඉදිරිපත් කළොත් මොකද වෙන්නේ, ශ්‍රී ලංකා එකෙන් එක්කෙනයි, පොහොට්ටුවෙන් එක්කෙනයි, එ.ජා.පයෙන් එක්කෙනයි , තව පැරදුනත් ජනාධිපතිවරණයට ජ.වි.පෙත් ඉල්ලනවා නේ.
මේ පක්ෂ වලින් පුද්ගලයෙක් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්න නම් පාවිච්චි කරන ජන්ද වලින් 50% කුත් තවත් එක් ජන්දයක් ලබා ගත යුතු වෙනවා.ඒක තමයි නීතිය, එහෙම නැත්නම් දෙවැනි මනාපය ගණින්න ඕන.හැබැයි අපි ජනාධිපතිවරණයක කවදාවත් දෙවැනි මනාපයක් ගහන්නේ නෑ,අපි ශ්‍රී ලංකා නම් අපි අපේ අපේක්ෂකයාට කතිරය ගහනවා මිසක්, එයාටත් කතිරය ගහලා, දෙවැනි මනාපයක් අපි ලකුණු කරන්නේ නෑ.අපි බෙදිලා වෙන්වෙලා ගියොත් ඒ මැතිවරණය තීන්දුවක් ගන්න බැරි මැතිවරණයක් බවටත් පත් වෙනවා.
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘ජනපතිවරණයට පක්ෂ සියල්ලම ආවොත් මැතිවරණයෙන් තීන්දුවක් ගන්න බැරිවෙනවා‘
de silva Wednesday, 22 August 2018 08:42 AM
ඔබතුමා කලබල වෙන්න එපා ජනතාව ගන්න තීන්දුවක් ගනීවි....... පවුල් පිටින් රට සූරාකන රජ පවුල්වලටවත්, කෙලින් තීරණයක් ගන්න බැරි පතෝල මැසි වැනි නායකයෙකුටවත් , අපි මෙදාපාර මනාපේ ගහන්නේ නැත .
Raveendra Wednesday, 22 August 2018 09:11 AM
මාර සොයාගැනීමක්නේ මේ කරලා තියෙන්නේ. අම්මපා.... නොබෙල් ත්‍යාගය දෙන්න වටිනා සොයාගැනීමක්.
Saththaya Thursday, 23 August 2018 05:44 AM
කිසි සැකයක් නැහැ අපි හැමෝම මනාපය් රටේ දියුණුව වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් පක්ෂ පාට බලා කටයුතු කරපු අයට. ඒ නිසා රට දියුණු වුනා .
Nandalal DE SILVA - France Thursday, 23 August 2018 08:40 AM
මෙයාට දේශපාලන විද්‍යාව ගැන තිබෙන දැනුම ඉතාම අල්ප බව පේනවා. පක්ෂයකින් ආවත්, ස්වාධීනව ආවත් හැම අපේක්ෂකයෙක්ම ගන්නා ඡන්ද සංඛ්‍යාව අනුව වැඩිම මනාප ඡන්ද ගන්නා පළමු සහ දෙවැනි අපේක්ෂකයන් දෙවැනි වටයට සුදුසුකම් ලබනවා නේද? දෙවැනි වටයේදී මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 50% සහ එක ඡන්දයක් ලබාගන්නා වාසනාවන්තයාට රටේ "රජකම" පස් වසරකට ලැබෙනවා නේද? මොකද්ද ඉතින් මේකේ තියෙන හුටපටය ?