(දිලීප් ජයසේකර)
මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නියම අයිතිකරුවන් වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පාක්ෂිකයින් බවත් ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට කෙනෙහිළිකම් කිරීමට ඉඩ නොතබන බවත් ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
රාජ්‍ය අමාත්‍ය වරයා මේ බව පැවසුවේ අද (12) තංගල්ල රන්න නගරයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
‘‘2015 පැවති ජනාධිපති වරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කරගෙන එතුමට ශක්තිය දුන්නේ මේ එක්සත් ජාතික පාක්ෂිකයිනුයි. අද යහපාලනේට ජැක් ගහගෙන ඉන්න ඇතැම් අය ජනාධිපතිවරණයේදි හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ සාටකේ එල්ලිලයි. යහපාලනයක් හදන්න කැපවුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ට විවිධ පිරිස් කෙනෙහිළිකම් කරන්න නම් සුදානම වෙන්න එපා. එහෙම කරන්නත් අපි ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයාගේ ධුර කාලය පිළිබඳ මේ දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසනවා. අපි ඒකට විරුද්ධ නෑ. ඉන්න පුළුවන් උපරිම කාලයක් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට අපේ සහායත් අපි දෙනවා. අද ඔය කෑගහන අය එදා 2015 ජනාධිපත වරණයේදි හිටියේ නෑ.මෛත්‍රිපාල සිරිසේන මහතා දිනුවා කියලා දැනගත්තම තමයි ගොඩක් අය මේ යහපාලනයට ආවේ. යූ එන් පී ජන්දවලින් තමයි මෛත්‍රිපාල සිරිසේන මහත්තයා මේ රටේ ජනාධිපති වුණේ.‘‘ යැයි ද ඔහු කීය.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘ජනපති මෛත්‍රීගේ සැබෑ අයිතිකරු එජාපයයි‘
Sathyayaa Saturday, 13 January 2018 06:58 AM
දිලිප් මහත්තයෝ! මෛත්‍රීපාල සිරිසේන කියන්නේ අඛණ්ඩව දශක ගණනාවක් තිස්සේ ඇමැති තනතුරක හිටපු අයෙක්. ඔහු ජනාධිපති කරන්න එජාපයත් ඡන්දේ දුන්නා කියා එතුමාගේ ආණ්ඩුවේ බලවත්ම හා හොඳම අමාත්‍යාංශ මෙන්ම අගමැති තනතුරත් අරගෙන මොකක්ද කළේ? අර්ජුන් ඇලෝෂියස්ගෙන් කප්පම් අරන් තියෙන ඇමතිවරු සියලුදෙනා එජාපයේ ඇමැති වරු. ඔවුන් මුදල් හා දේපල තෑගි ලෙස අරගෙන නිහඬ වුනේ, අර්ජුන් මහේන්ද්‍රන් නම් මාමා හරහා ඇලෝෂියස් බෑනාට ඕනෑ තරම් ජනතා මුදල් ගසා කන්න ඉඩ දෙන්නයි. පසුගිය වසර 3 තුළ නීතියේ ආධිපත්‍යය රැක දීමට ජනාධිතුමා ගත් උත්සාහයන් අඩපණ කර වක්‍ර මාර්ගයෙන් ජනප්‍රියතාවයක් පරාජිත ජනාධිපතිට අරන් දෙන්න වැඩ කරපු ඔබේ පක්ෂයට මෛත්‍රීපාල මහතා අයිතියි කීමෙන් ඒ මහතාට ඉතුරුව තිබෙන ජනප්‍රසාදයත් විනාශ කර දමන්නයි ඔබලා උත්සාහ කරන්නේ.
pathiranaSaturday, 13 January 2018 09:23 AM
නීතිය ක්‍රියාත්මක කිරීමේ සැබෑ වුවමනාවක් ජනාධිපති තුමාට තිබුණා කියන එකනම් බොරුවක් සත්‍යා මහත්තයෝ, නීතිය රකින්න වුවමාවක් තිබුණානම් සියලුම හොරුන්ට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම නැතුව පයිල් තිස් හතරක ඉන්න හොරු ගැන නොකියා එක පයිල් එකක ඉන්න හොරු ගැන විතරක් කතා කරන්නේ මොකද? මට නම් අනෙකුත් අවස්ථාවාදීන්ගෙන් වෙන්කර හඳුනාගන්න අමාරුයි.
SathyayaaSunday, 14 January 2018 03:05 AM
පතිරණ මහත්මයාට ඔහොම හිතෙන එක අසාධාරණයි කියල මම කියන්නේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට තීරණ ගැනීමේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේදී සහය දීමට සිටි "සම්මුති" ආණ්ඩුවේ අනෙක් පාර්ශවයේ අගමැති හා මැති ඇමතිවරු ගෙනගිය කුමන්ත්‍රණ කාරී අඟේ සිට කණ කන ප්‍රතිපත්තිය නිසා ජනාධිපති තුමා අවංකවම කිරීමට බලාපොරොත්තුවූ බොහෝ දේවල් කඩා කප්පල් වුනා. මැතිවරණ පොරොන්දුවක් ලෙසින් ජනාධිපතිගේ විධායක බලතල ස්වේච්චාවෙන් කප්පාදු කරගෙන අගමැති කෙනෙකුට කිසිදා හිමි නොවන බලයක් ලබා දී එතුමා බලාපොරොත්තු වුයේ දුෂණය පිටු දැක සමාජ සාධාරණත්වයක් ඉටු කරන්නයි. බාධා පමුණුවන පිරිසගේ බලවත් කම නිසාම අසරණ වන්න ඉඩ තියෙන ජනාධිපති තුමාගේ දෑත් ශක්තිමත් කිරීමත් එතුමාව ආරක්ෂා කරගැනීමත් දේශයට ආදරය කරන හැම පුර වැසියාගේම යුතු කමයි.
Rohana Saturday, 13 January 2018 01:11 PM
සජිත්ගේ පිහිටෙන් ඔබ පාර්ලිමේන්තුවට ආවේ. මහින්ද අමරවීර ඇමතිතුමා සමග ඔබට හැරෙන්නවත් බැරිබව හිතට ගන්න.