(*** මඩුකන්ද සිතුම් චතුරංග)
වැරැදි කළ පුද්ගලයන් රකින්න සමගි ජන බලවේගය කිසිවිටක උත්සාහ දරන්නේ නැති බවත්, මොනම ආකාරයකින්වත් ඔප්පු වුවහොත් සියලු දෙනාට අපක්ෂපාතීව දඬුවම්කරන බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා වවුනියාවේදී පැවසීය.
බොරු චෝදනා නිර්මාණය කර විවිධ පුද්ගලයන්ගෙන් පළිගැනීම වත්මන් රජයේ න්‍යායපත්‍රය බවට පත්වී ඇති බවත් රටේ ඒකීයභාවය, භෞමික අඛණ්ඩතාව, දේශපාලන නිදහස රැකගනිමින් ජාතික ආරක්ෂාව හා සියලු ජාතීන්ට මුල්තැන දෙමින් තමා කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ වවුනියාව සංස්කෘතික ශාලාවේ පෙරේදා 1වැනිදා පැවැති සමගි ජන බලවේගය ජනහමුවකට එක්වෙමිනි.
එහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය.
මා ප්‍රථමයෙන් වන්නි මැතිවරණ කොට්ඨාසයේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේ හැටපන් දහසකට වැඩිය ඡන්ද සියයට 74ට වැඩි ප්‍රතිශතයක් ලබා දී තැබූ විශ්වාසය පිළිබඳව ස්තූතිවන්ත වනවා. ඒ විශ්වාසය මත වවුනියාව මැතිවරණ කොට්ඨාසය දියුණු කරන්නටත් මා මේ මොහොතේ පොරොන්දු වන බව ඔබට කිවයුතුයි.
මා පිරිසිදු සිංහල බෞද්ධයකු හැටියට බුදුන්වහන්සේගේ නිර්මල දහම අකුරටම ක්‍රියාත්මක කරනවා. කිසිම දවසක බුදුන්වහන්සේ මිනිසුන්, ජාතීන්, ආගම්, කුල ගෝත්‍ර ලෙස වෙනත් විදිහට හඳුන්වලා වෙනත් විදියට සලකන්න ක්‍රියාකළා යයි කොහේවත් දේශනා කර නැහැ. මා උතුම් ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කරමින් ප්‍රදේශයේ ජීවත්වන සියලු දෙනාටම ජාති, ආගම්, කුල මල, පන්ති, පක්ෂ බේදයකින් හෝ වෙනත් බේදවලින් හෝ තොරව මනුෂ්‍යත්වයට මුල් තැන දී මේ බලප්‍රදේශය සංවර්ධනය කරන්න ඇපකැප වෙනවා.
මගේ පියා ඝාතනය වූයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සිය දිවි නසාගැනීමේ බෝම්බකරුවකු නිසයි. ඔහු දමිල ජාතිකයෙක්. ඒත් එක් පුද්ගලයකුගේ ක්‍රියාකාරකමක් තුළ අප දමිළ ජාතියක් එක්ක වෛර කරන්නේ නැහැ. ඒ දමිළ ජාතිය සම්බන්ධ හින්දු, කතෝලික, ආගම්වලට වෛර කරන්නේ නැහැ. ඒ ජන කොට්ඨාසවලට වෛර කරන්නේ නැහැ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අපට උගන්වා තිබෙන්නේ එක් අයකුගේ දෙදෙනකුගේ කිහිප දෙනකුගේ වැරැදි ක්‍රියා තුළ මුළු ජාතියක්ම ආගමක්ම විනාශ කිරීම වැරැදි බවයි. ඒ වගේම පාස්කු ප්‍රහාරයේ සම්බන්ධ වූ ත්‍රස්තවාදීන් මහා දැවැන්ත හානියක් අපේ රටට කළා. ඒ පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජාතිකයන් සම්බන්ධ වූවයි කියා අප මුළු මුස්ලිම් ජාතියම විනාශ කරන්න හොඳ නැහැ. ඔවුන්ගේ ආගම වූ ඉස්ලාමීය ආගම විනාශ කරන්නට හොඳ නැහැ. එවැනි දේවල් අපට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උගන්වලා නැහැ. අපි දැනගන්නට ඕනෑ ත්‍රස්තවාදය අන්තවාදය තුරන් කරලා, සංහිඳියාවෙන්, එකමුතුභාවයෙන් එකට ඉන්නයි. සමගි ජන බලවේගයේ උදාරතර සංකල්පය එයයි.
අද වන විට සමගි ජන බලවේගයත් සමග එ්කාබද්ධව කටයුතු කරන බොහෝ දේශපාලන නායකයන් පලිගැනිමට ලක්වෙලා. දේශපාලන නායකයන්ට විවිධ චෝදනා එල්ලකරලා. පළිගැනීමම පමණක් පදනම් කර ගෙන අද දේශපාලනය තුළ දැඩි ව්‍යාකූලත්වය නිර්මාණය කර තිබෙනවා. වැරැදි කළ පුද්ගලයන් රකින්නට සමගි ජන බලවේගය කිසි විටක උත්සාහ කරන්නේ නැහැ. මොනම ආකාරයකින් වත් ජන සමාජය තුළ වැරැදි ක්‍රියාකරලා එය ඔප්පු වුවහොත් සියලු දෙනාට දඬුවම්දීමට අපක්ෂපාතීව මා කටයුතු කරනවා.
ඒ වගේම සමගි ජන බලවේගය අප රට ශක්තිමත් කරන්නටත් රට දියුණු කරන්නටත් රට සංවර්ධනය කරන්නටත් ඇප කැප වෙනවා. කොරෝනා නිසා රටේ වෙලා තිබෙන මහා ආර්ථික හානිය තුළ ආර්ථිකය ගොඩදමන්නට දැවැන්ත පරිශ්‍රමයක නිරතවෙනවා.
සමස්ත මාතෘ භූමියටත්, උතුරුකරයටත් අනාගතයට තිබෙන එකම විකල්පය දුරකථනයෙන් තරග කරන සමගි ජනබලවේගයයි.
මේ අපේ මාතෘ භූමියයි. මේ අපේ රට අපිට දෙවැනි පන්තියේ තුන්වැනි පන්තියේ සැලකිලි නැහැ. අප උත්සාහ කරන්නේ හැමෝටම එක වගේ සලකන රට ඇතිකිරීමටයි. ජයග්‍රාහී මාතෘ භූමිය ගොඩනගමි කියා සියලු දෙනාට පැවසිය යුතු බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග වන්නි දිස්ත්‍රික් අපේක්ෂක අපේක්ෂිකාවන් ඇතුළු පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘තරහකාරයන්ගෙන් පලිගැනීම ආණ්ඩුවේ න්‍යාය පත්‍රය වෙලා‘
Raveendra Saturday, 04 July 2020 04:54 AM
මාසේ පෝය ළංවෙනකොට හරකුන්, මීහරකුන් අසාමාන්‍ය විදියට තප්පුලනවා කියන පැරණි කියමන නැවතත් මනා ලෙස ඔප්පු කර ඇති බව දැන්වීමට කැමැත්තෙමු..
Sirimanna Saturday, 04 July 2020 06:41 AM
දේශපාලන පළිගැනීම පටන්ගත්තේ ඔබගේ පියාගේ කාලේ... මතකද දාස මුදලාලිට සහ ඒ.ටී. ආරියරත්නට කරපු දේවල්?
RaveendraSaturday, 04 July 2020 10:31 AM
ඔබගේ අදහස් නිවැරදිය.. මෙයා හිතාගෙන ඉන්නේ මිනිස්සු මැරිලා අලුතෙන් ඉපදිලා කියලා. මෙයා නම් "තාම ඇස් ඇරලත්" නැහැ. ඇත්තෙන්ම මේ වගේ කිසි වැදගැම්මකට නැති අපතයින්ගේ කතා අහන්නත් මිනිස්සු ඉන්නවානේ...
Bamunuarachchi Saturday, 04 July 2020 02:01 PM
ඔය ගොල්ලොත් කලේ එ්කනේ. අනුර කුමාරත් ළඟ තියාගෙන නේද විජේදාස රාජපක්ෂ කියලා තිබෙන්නේ? සුමානෙකට එක රාජපක්ෂ කෙනෙක් ඇතුළට දමන්න කටයුතු කරන්න කියලා.
මෝ Sunday, 05 July 2020 11:47 AM
බලන්නකෝ ඉන්න අපූරුව පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයෙකුත් ළඟ තියාගෙන. මෙයාලා දින්නොත් රටේ අවසානය තමයි.