IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


දෙමුහුන් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

රටේ දේශපාලන පෙළගැස්ම සහ විපක්ෂ භූමිකාව ඇතුළු කාලීන ප්‍රශ්න පිළිබඳව මේ විමසීම් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙනි.

 

යහපාලනයට ඡන්දෙ දීපු ගොඩක් අය දැන් කියන්නේ ආණ්ඩුව කිසි ගතියක් නෑ කියලා. විපක්ෂය ගැනත් තියෙන්නේ ඒ වගේම අදහසක් නේද?   
විපක්ෂෙ වැඩවල ගතියක් එන්න ආණ්ඩුවෙ වැඩවල ගතියක් තියෙන්න ඕන. ආණ්ඩුව රටට හිතකර හෝ අහිතකර මොකක් හෝ කරනවා නම් විපක්ෂයට ඒ සඳහා ප්‍රතිචාර දක්වන්න පුළුවන්. ඒත් මේ ආණ්ඩුව එවැනි දේවල් නොකරන නිසාත්, රටක් පාලනය කරන ආණ්ඩුවක් කියලා මේ ආණ්ඩුව ජනතාවට නොදැනෙන නිසාත් දේශපාලන​ෙය් යම් නිද්‍රාශීලි බවක් ඇතිවෙලා තියෙනවා.   
මෙවැනි වර්ගයේ ආණ්ඩුවක ස්වභාවයම මේ විදිය තමයි. මේ වගේ දෙමුහුන් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. ජනාධිපතිට සහ අගමැතිට තියෙන්​ෙන් 2020 ජනාධිපතිවරණය පිළිබඳ සිහිනය පමණයි. රටවල්වල දේශපාලන පෙරළි සිදුවෙලා තියෙන්නෙත් මේ ව​ෙග් අරාජික වාතාවරණයක් පසු කළාම තමයි.

 

  
ඔබ කියන්නේ මේ ආණ්ඩුව පතෝල වැටකොළු ආණ්ඩුවක් කියලද?   
පහුගිය රාජපක්ෂ ආණ්ඩුව ගෙන ගිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන යම් පමණකට මේ ආණ්ඩුව නතර කරල තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් රටට හිතකර යෝජනා ප්‍රමාණයක් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගෙන තියෙනවා. ඒ සාධනීය දේවල් ගැන අපි සතුටු වෙනවා. නමුත් රටේ ජනතාව ඊට වඩා ලොකු දෙයක් බලාපොරොත්තු වුණා.   


විශේෂයෙන්ම රාජපක්ෂ පාලනය විසින් කරන ලද වැරදි වැඩ නතර කිරීමෙන් එහා ගිහින් ඒ සිදුවුණු වැරදිවලට දඬුවම් දෙන්න ඕන අයට දඬුවම් දීම ඒ වැරදි මේ ආණ්ඩුව යළිත් නොකර සිටීම වගේ දේවල් ජනතාව බලාපොරාත්තු වුණා. එවැනි දේවල් ඉෂ්ට වෙන්නෙ නැති එක තමයි දැන් ඔප්පු වෙමින් තියෙන්නේ.   


රාජපක්ෂ පාලන කාලයේ වගේම මේ ආණ්ඩුවෙනුත් ගලගොඩඅත්​ෙත් ඥාානසාර හාමුදුරුවෙ​ා් වගේ අය හුරතල් කරන පාටක් පේනවා කියාල මිනිස්සු කියනවා.   


පහුගිය ආණ්ඩුවෙයි මේ ආණ්ඩුවෙයි කිසිම වෙනසක් නෑ කියලා ඔප්පු කෙරෙන හොඳම උදාහරණ තමයි මේ ඥානසාර හාමුදුරුවන්​ෙග සිද්ධිය. උන්වහන්​ෙස් ආරක්ෂා කරමින් ඉන්නවා කියලා මේ ආණ්ඩුවෙ ඇමැතිවරුන්ට චෝදනා එල්ලවෙනවා.   
තමන්​ෙග් පුද්ගලික දේශපාලන සිහින වෙනුවෙන් 2015 ජනතාව ලබා දුන්නු ජනවරම පාවා දුන්නු ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව ලේබල් වෙලා ඉවරයි.  

 

 
සයිටම් විරෝධයට ආණ්ඩුවේ ප්‍රතිචාරය කඳුළු ගෑස් සහ පත්තර, රූපවාහිනී, වෙළෙඳ දැන්වීම් අතර දෝලනය වෙනවා. මොකක්ද වෙන්නේ ඉස්සරහට?   
   මේ ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම ඉන්​ෙන් පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුයි කියන අදහසේ. මොකද යූඑන්පීය මුල ඉඳලම අධ්‍යාපනය විකිණීම වෙනුවෙන් පෙනී ඉඳපු සහ කටයුතු කරපු පක්ෂයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විටින් විට තමන්​ෙග් මතය රටේ ඇතිවෙන රැල්ල අනුව වෙනස් කරගෙන තියෙනවා.   


මේ පිළිබඳව මේවනතෙක් ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා තමන්​ෙග් නිල ස්ථාවරය සෘජුව ප්‍රකාශ කරල නෑ. ඒ වෙනුවට වෙන වෙන අය ලව්වා කොස් ඇට බාවමින් ඉන්නවා.   


අධ්‍යාපනය විකිණීමට එරෙහි විරෝධයට මුහුණ දෙන්න අඩුම තරමෙ ආණ්ඩුවට කොන්දවත් පණ නෑ කියලා තමයි අපිට පේන්​ෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දඩමීමා කරගෙන ආණ්ඩුව සයිටම් සහ පුද්ගලික විශ්වවිද්‍යාල නීතිගත කිරීමේ මාර්ගයට වැටිලා ඉන්නේ. අපි නම් කියන්නේ සයිටම් කියන්නේ ලංකාවේ අධ්‍යාපන​ෙය් එක් ප්‍රශ්නයක් පමණයි. අපි සයිටම් ප්‍රශ්නයේ ඉන්නවා වගේම මේ රටේ සමස්ත අධ්‍යාපන ප්‍රශ්නය වෙනුවෙන් පෙනී ඉන්නවා.   

 


 නලින්ද මේ ප්‍රශ්නෙට පාර්ලිමේන්තුවෙදිත් මැදිහත්වෙච්ච නිසයි අහන්නේ. අද අපේ ර​ෙට් සිනමාව නන්නත්තාර වෙලා. ඔබත් අනුර දිසානායකත් පසුගිය දවසක සිනමාවේ ප්‍රශ්න පාර්ලිමේන්තුවෙ මතු කළා. ඒ​ෙක ප්‍රතිඵලයක් තියෙනවද? නැත්නම් මේක ඉදිරියටත් අරගෙන යනවද?   
සමස්ත කලාවේ අර්බුදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුවෙදිත් ඉන් පිටතත් හඬ නගල තියෙනවා. ඒ අතරිනුත් සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ගැන අපි විශේෂ අවධානයක් යොමු කළා. අපි මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කතා කරපු වෙලාවෙ එවකට ජනමාධ්‍ය ඇමැතිවරයා විදියට කටයුතු කළ ගයන්ත කරුණාතිලක යම් යම් විසඳුම් දෙනවා කියලා පාර්ලිමේන්තුව ඉදිරියේ පොරොන්දු වුණත් ඔහුගේ ඇමැතිකම ගැලවෙනකම් මොකුත් කරගන්න බැරිවුණා.   


ඒ කාලෙත් ජාතික චිත්‍රපටි සංස්ථාවට තිබුණෙ කුඩම්මාගෙ සැලකිල්ලක්. අද වෙද්දී ඒ තත්ත්වය තවත් නරක අතට හැරිලා තියෙන්නේ. රටේ ජනතාව හිතාගෙන හිටියට අගමැතිවරයාට කලාව සාහිත්‍ය පිළිබඳව පුළුල් රසවින්දනයක් තියෙනවා කියලා අපිට නම් පේන්නෙ නෑ. ඔහුට ඒ පිළිබඳව පුළුල් දැක්මක් හෝ උනන්දුවක් තියෙනවා කියලා.   


චිත්‍රපටිශාලා ඩිජිටල්කරණය සඳහා යම් සාධනීය වැඩපිළිවෙළක් චිත්‍රපට නිෂ්පාදකවරුන්ගේ සහ චිත්‍රපටශාලා හිමියන්ගේ පැත්තෙන් ඉදිරිපත් වෙලා තියෙද්දිත් ඒ සඳහා ඉතා සරල ණය පහසුකමක් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියදීත් ආණ්ඩුව එයත් නොදෙන තැනක ඉන්නේ.   


සිනමාව ගොඩගන්න ආණ්ඩුවට ඕනකමක් නෑ කියලා ආණ්ඩුව දවසින් දවස ඔප්පු කරමින් ඉන්නවා. ඒ වෙනුවට කලාවට අයිති තැන් විදියට තියෙන ජෝන් ද සිල්වා රඟහල පරිශ්‍රය ව්‍යාපාරිකයෙකුට දීලා කීයක් හරි හොයාගන්න තැනටයි වැටිලා තියෙන්නේ. ඕක තමයි මේ ආණ්ඩුවෙ කලාව සහ සිනමාව පිළිබඳව තියෙන සංවේදීකම.   


අපි මේ පිළිබඳව දිගින් දිගට පෙනී ඉන්නවා සහ ප්‍රශ්න කරනවා. ආණ්ඩුව අනෙක් ප්‍රශ්නවලට දක්වන ප්‍රතිචාරයට දෙවෙනි නෑ මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරයත්.   


ජවිපෙ දේශපාලන නායකයින්​ෙග් යම් යම් දේවල් පිළිබඳ ක​ා​ෙලන් කාලෙට මතුවෙන විවේචන අවලාද මඩ අපි දකිනවා. පහුගිය දවස්වලත් ඒ වගේ දේ මතු වුණා.   


 විවේචන, අවලාද, මඩ කියන ඒවා දේශපාලනයේදී සාමාන්‍ය දේවල්. සයිබර් අවකාශයේ කරක්ගහන යම් යම් කණ්ඩායම් ඔය වගේ ව්‍යාපාර අරගෙන යනවා. සත්‍ය​ෙයන් තොර ඔය වගේ දේවල් වලින් පක්ෂයේ ගමන හෝ ජවිපෙ නායකයින් නවත්තන්න බෑ.   
 මේ ව​ෙග් බොළඳ වැඩ හරහා ජනතාවගෙන් ජවිපෙ ඈත් කරන්න බෑ. ෆේස්බුක් එකේ කොට කොටා ඉන්න ඔය කට්ටියට කියන්න තියෙන්නේ ඔය වැඩ කරන කාලය තමුන්ටත් රටටත් ප්‍රයෝජනවත් වැඩකට යොදවන්න කියලා.   


ඔය අනුන්ගේ කොන්ත්‍රාත් කරලා කිසිම සුගතියක් නෑ කියන එක මතක් කරන්න කැමැතියි.  

 

 
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්​ෙග් සාම්ප්‍රදායික රටාවෙන් ටිකක් වෙනස් වෙන්න නලින්ද උත්සාහ කරනවද?   
ඒක මගේ පුද්ගලික උත්සාහයකටම වඩා වෙනස් දෙයක්. සමාජය දවසින් දවස වෙනස් වෙනවා. අපිත් ඒ වෙනසට අනුකූලව අපේ අනන්‍යතාව තුළ වෙනස් වුණාට ප්‍රශ්නයක් නෑ. දේශපාලන ව්‍යාපාරයකට කවදාවත් එකතැන පල්වෙන්න බෑ. ​   


දේශපාලන උපාය උපක්‍රම වගේම අනෙක් දේවලුත් කාලීනව වෙනස් කළ යුතුයි. අපිත් වෙනස්වන සමාජ වටපිටාවට අනුව වෙනස් වෙනවා. අපි ප්‍රතිප්තිමය කාරණාවලින් වෙනස් නොවුණත් උපක්‍රම සහ ජනතාවට ළඟාවන ආකාරය කාලීනව වෙනස්කරන්න සූදානම් පක්ෂයක්.   

 


නලින්ද ටයිකෝට් ගහලා පාර්ලිමේන්තුව යන්නෙත් ඒ උපක්‍රමවලට අනුවද?   
ටයිකෝට් ඇඳලා පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට යන එන එක අපිට අරුමයක් නොවෙයි. අපේ සුනිල් වටගල සහෝදරයා හැමදාම පළාත් සභාවට සහභාගි වෙන්​ෙන් ටයිකෝට් ඇඳලා. නමුත් පාර්ලිමේන්තු ඉතිහාසයේ අපේ සාමජිකයෙක් ටයිකෝට් ඇඳගෙන පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වුණා නම් ඒ මම තමයි.   


අපේ පක්ෂෙ අය ඔය අවස්ථාව අනුව කොයි වර්ගයේ ඇඳුම්වලිනුත් සැරසෙනවා. අපිට ටයිකෝට් හෝ ජාතික ඇඳුම ඇලජික් නෑ.   
අපි ඒවා හිස්මුදුණෙන් තියාගෙනත් නෑ. ජනතා විමුක්ති පෙරමුණ නිකායක් විදියට දකින අයට මේක ටිකක් දිරවගන්න අමාරු ඇති. ඇඳුමට වඩා අපේ ප්‍රතිපත්ති එක්ක අපි හරි දේශපාලනයක් කරනවද ඒකයි බලන්න ඕන.

සාකච්ඡා කළේ  
ප්‍රියන්ත කොඩිප්පිලි

 



අදහස් (0)

දෙමුහුන් ආණ්ඩුවකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 79 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 66 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 54 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 25 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 37 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 55 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 196 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 454 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 241 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site