IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පැළැස්තර විසඳුම් මගින් ආර්ථික අර්බුදය විසඳන්න බෑ

(නාලක සංජීව දහනායක)

සහල් මිල හා පොල් මිල ඉහළ යෑමේ මාෆියාව පාලනය කිරීමට රජය වහාම ඉදිරිපත් විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (1) පැවසීය.

පැළැස්තර විසඳුම් මඟින් රටේ ආර්ථිකයේ ඇතිවී තිබෙන අර්බුද විසඳීමට හැකියාවක් නැතැයිද ඔහු කීය.

 පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේදී ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (1) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත සතොස ආයතනය භාණ්ඩ වර්ග විසිපහක මිල අඩු කර තිබෙනවා. මේක හිඟන්නන්ට පවුඩර් දානව වගේ වැඩක්. හිඟන්නන්ට පවුඩර් දැමීමෙන් හිඟන ප‍්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම පැළැස්තරවාදී විසඳුම් දෙන අයවැය ලේඛනයකින් මේ ප‍්‍රශ්න විසඳන්න බැහැ. ආර්ථික අර්බුද වලදී මෙහෙම විසඳුම් හොයන්න බැහැ. ආර්ථිකයේ විශාලතම අර්බුදයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුහුණදුන් ආකාරය එම යුගයේදී කෘෂිකර්ම අමාත්‍යධුරය දැරූ වර්තමාන ජනාධිපතිවරයා හොඳට දන්නවා. ඒ යුගයේදී මුදල් අමාත්‍යංශය, වෙළඳ අමාත්‍යංශය හා කෘෂිකර්ම අමාත්‍යංශය ඒකාබද්ධව තීරණ ගත්තා. විනාශව තිබූ සතොස ශාඛා රටපුරාම විවෘත කළා. නොසලකා හැරතිබූ සමුපකාර ව්‍යාපාරය සක‍්‍රීය කර කෝප්සිටි ශාඛා 1200ක් ආරම්භ කළා. විශේෂ ආර්ථික මධ්‍යස්ථාන දහතුනක් ආරම්භ කළා. උපරිම මිල ප‍්‍රතිපත්තිය නිවැරැදිව ක‍්‍රියාත්මක කළා. වී කිලෝවක් සඳහා රුපියල් 30ක සහතික මිලක් ලබාදුන්නා. සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 60 දක්වා වැඩි කළා. ඒ මිල ක‍්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය ඉතාම බරපතළ ලෙස මැදිහත් වුණා. මෙවැනි ක‍්‍රියාත්මකවීම් නිසා ඒවට රට මුහුණ දී තිබූ ආර්ථික අර්බුදයට මුහුණ දීමට අපිට හැකිවුණා. සහල් මිල, පොල් මිල ඉහළ යෑමේ මාෆියාව පාලනය කිරීමට මෙම රජය ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා නූල කැඩුණු සරුංගලයක් වගේ ඒ භාණ්ඩ මිල ඉහළ යනවා.

ලෝක ආර්ථික විද්‍යා දර්ශකය අනුව දුඛ සමාජයට ආර්ථික දුක ඇතිවීමට බලපාන්නේ උද්ධමනය හා සේවා ව්‍යුක්තිය ඉහළයෑම නිසයි. උද්ධමන අනුපාතිකයට සේවා ව්‍යුක්තිය අනුපාතිකය එකතුවීමෙන් හැදෙන දර්ශකය දුක්ඛිත බවේ දර්ශකය වශයෙන් හඳුන්වනවා. 1980 දි දුක්ඛිත බවේ දර්ශකය සියයට 40.9යි. 1990දි සියයට 37.4යි.  පසුගිය රජය සමයේදී ලංකා ඉතිහාසයේ පළමුවතාවට දුක්ඛිතබවේ දර්ශකය සියයට දහයකට වඩා අඩු සංඛ්‍යාවකින් පවත්වා ගැනීමට හැකිවුණා.  ඒ අනුව 2014 එම දර්ශකය සියයට 7.9 අගයක් ගත්තා. වර්තමාන රජය යටතේ මෙය සියයට 5.6 දක්වා අඩුවුණා. ලෝකයේ සියලූම ආර්ථික දර්ශකවල මිල අඩුවුණේ 2015 වසරේදියි. ඒ වසරේදී ලෝක වෙළෙඳපොළේ ගෑස්, ඛනිජතෙල්, රසායනික ද්‍රව්‍ය මිල අඩුවුණා. ඒ නිසා අපේ රටේත් තේ, රබර් මිල පහත වැටුණා. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම වසරේදී දුක්ඛිතබවේ දර්ශකය පහළ වැටුණා.

නමුත් මෙම වසරේ අගෝස්තු මාසය වනවිට එම දර්ශකය සියයට 12.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රටේ බඩුමිළ වේගයෙන් වැඩිවුණා. මේ දිනවලදී මිනිසුන්ට ජීවත්වීම සඳහා විශාල අරගලයක නිරතවීමට සිදුව තිබෙනවා. විශේෂයෙන්ම සහල්, එළවළු හා පළතුරු වැනි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල කිලෝව රුපියල් සියයට වඩා වැඩිවෙලා තිබෙනවා. එමෙන්ම රැකියා අවස්ථාවන් විශාල වශයෙන් අහිමිවෙලා තිබෙනවා. ඒ නිසා ආර්ථිකයේ සමස්ත ක‍්‍රියාකාරීත්වය නතරවීම නිසා වැඩබිමක් වශයෙන් තිබූ රට මුඩු බිමක් බවට පත්වෙලා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ හා ආර්ථික සැලසුම්කරුවන්ගේ අවධානය වහාම යොමුවිය යුතුයි.

නියඟය නිසා අපේ රටේ පවුල් දහස් ගණනක් දවසකට එක්වේලක් පමණක් යැපෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය මෑතකදී නිකුත්කළ වාර්තාවක සඳහන් වෙනවා. අපේ රටේ ඉතිහාසයේ කවදාවත් එවැනි තත්ත්වයක් වාර්තාවී නැහැ. අපි ඉතිහාසයට එක්වී තිබෙන්නේ වේල්තුනම බත් කාපු ජාතියක් වශයෙනුයි. මහබැංකු බැඳුම්කර වංචාව නිසා ග‍්‍රාමීය ආර්ථිකයට දැඩි බළපෑමක් සිදුවුණා. රටේ පොළී අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. ඒ නිසා මිනිස්සුන්ට ණය වාරික ගෙවාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනවා. ග‍්‍රාමීය ජනතාවගේ ණයගැති බව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙන බව   එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර සංවිධානය මෑතකදී කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබෙනවා. ඒ නිසා ණය ගෙවාගත නොහැකිව මියයන පිරිස ඉහළගොස් තිබෙනවා. මේ පීඩනය දරුවන්ටත් අසාමාන්‍ය ලෙස දැනෙන්න පටන්ගෙන තිබෙනවා. මේ නිසා මිනිස්සුන්ට ඉදිරි කාලයේදී තවත් ආර්ථික අපහසුතාවන් වනු ඇතැයිද පැවසීය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිසිර ජයකොඩි මහතා මෙසේ පැවසීය.

රජය සඳහන් කරන මිලට සතොස ආයතනවල භාණ්ඩ නැහැ. රජයේ මිලට භාණ්ඩ විකුණන්න බැහැ. රුපියල අවප‍්‍රමණය වෙලා ඇමරිකානු ඩොලරයේ මිළ ඉහළ යෑම නිසා ආනයනික සියලූම අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යනවා. අපනයන අංශය වැඩිදියුණු කිරීමට මේ රජයට කිසිම වැඩ පිළිවෙළක් නැහැ. පොහොර සහනාධාරය නැති නිසා කෘෂිකාර්මික නිෂ්පාදන අගයන් පහළ බැහැලා. පොල් සඳහා දුන් සහනාධාර නතර කළ නිසා පොල්මිල ඉහළ ගියා. ඒ නිසා ඉදිරියේදී පොල් පූජාභාණ්ඩයක් වශයෙන් පමණක් ප‍්‍රයෝජනයට ගැනීමට සිදුවනු ඇතැයි පැවසීය.

 



අදහස් (1)

පැළැස්තර විසඳුම් මගින් ආර්ථික අර්බුදය විසඳන්න බෑ

Dayal Monday, 02 October 2017 09:35 AM

මේ මනුස්සයා හැමදේකටම කට ගහන්න යනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 129 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2035 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1569 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6478 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 767 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site