IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බැසිල් රාජපක්ෂ ඒ ගොල්ලන්ට දිනන්න පුළුවන් විදිහට සීමා නිර්ණය කළා

 

රටේ නව දේශපාලන පෙළ ගැසීම් සම්බන්ධයෙන් හා දළ පූට්ටුවාගේ මරණය සම්බන්ධයෙන් බුද්ධශාසන, තිරසාර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සමඟ කළ සාකච්ඡාවකි.

 

ප්‍රශ්නය:- ආණ්ඩුවේ නම ‘යහපාලනය’ වුණත් පුංචි ඡන්දය ගන්න වුණෙත් සෑහෙන සටනක් දීලා? 
පිළිතුර:- කොයිදේත් සටනක්නේ. සටනක් නැති ජයග්‍රහණයකුත් නැහැ. සටනක් තිබුණොත් තමයි හැම පාර්ශ්වයක්ම උනන්දු වෙන්නේ. 


ප්‍රශ්නය:- නියමිත වෙලාවට ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක්. නමුත් මේ ආණ්ඩුව ඒ අයිතිය උල්ලංඝනය කළා? 
පිළිතුර:- ඒකට හේතු තියෙනවා. අපි යමු ඉතිහාසයට. මහින්ද රාජපක්ෂ මහත්තයා 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පස්සේ එතුමා ආරාධනා කළා අපේ පක්ෂයට එතකොට මම පක්ෂයේ සභාපති. විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අරලියගහ මන්දිරයට ආරාධනා කළා. ඒ පළාත් පාලන මැතිවරණයට කොට්ඨාස සීමා නිර්ණය කරන්න. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. ඒ සාකච්ඡාවට අපේ පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමයි මමයි, තිස්ස අත්තනායකයි, ජෝශප් මයිකල් හා කරු ජයසූරිය උන්නැහැ සහභාගි වුණා. ඒ පැත්තෙන් ජනාධිපතිතුමා හිටියා මුලසුනේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ කාලේ පක්ෂයේ ලේකම්. එතුමා හිටියා. බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල හිටියා. අපි සාකච්ඡාව පටන් ගත්තා. එතැනදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙළින්ම කිව්වා අපි කොට්ඨාස ක්‍රමයට ඡන්දයට යන්න ඕනෑ කියලා. එහෙම කියලා කමිටුවක් දැම්මා. 

 


ප්‍රශ්නය:- ඒ කමිටුවේ ඔබත් හිටියා? 
පිළිතුර:- ඔව් මම, තිස්ස, ජෝශප් මයිකල් හිටියා. ඊළඟට කතා කළා විධායක ජනාධිපති බලය අගමැතිට දෙන්න ඕන කියලා. ඒකත් කතා කරලා ඉවර වුණාම මම ප්‍රශ්නයක් ඇහුවා. මතකයිනේ 2005 ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුදු 2 කට ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා ගිවිසුමක් අත්සන් කළා. 

 


ප්‍රශ්නය:- එහෙම තීරණයකට ගියේ ඇයි? 
පිළිතුර:- එයාට පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබුණේ නෑනේ. සුළුතරයක්නේ තිබුණේ. ඒකට කපුකම කළේ මම. මමයි මහින්ද රාජපක්ෂයි එකට නාලන්දේ බෝඩිමේ හිටියේ. මචං ලෙවල් එකෙන් හිටියේ අපි. එයා මට වඩා ටිකක් වයස අඩුයි. ඒ යාළුකම දිගටම තිබුණා. 2005 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනේ ‘මම දිනලා ජාතික ආණ්ඩුවක් හදනවා’ කියලා. ඒ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරන්න. 

 


ප්‍රශ්නය:- නමුත් දිනුවේ මහින්ද රාජපක්ෂ? 
පිළිතුර:- ඔව්. මහින්ද දිනුවා. හැබැයි ඒ දිනුවේ හරි විදියට නොවෙයිනේ. කොටි සංවිධානයට මිලියන 800 ක් විතර දුන්නනේ. ඒ නිසා කොටි සංවිධානය උතුරේ ඡන්දය තහනම් කළා. රනිල්ට කපටි හිවලා කියලා කිව්වනේ. ඒ ඡන්දයෙන් පස්සේ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වා ‘මහින්ද රාජපක්ෂ අවතක්සේරු කරන්න එපා. මෙයා ලේසි පහසු පුත්‍රයෙක් නොවෙයි. ඔබතුමා ඡන්දේදි කිව්වනේ ජාතික ආණ්ඩුවක් හදනවා’ කියලා. අපි පැරදුනා. අපි දැන් ජාතික ආණ්ඩුවකට නොගියොත් මහින්ද අපේ කට්ටිය කඩා ගනී. ඒ නිසා අපි ජාතික ආණ්ඩුවකට යන්න මට පුළුවන් කතා කරන්න කියලා. 

 


ප්‍රශ්නය:- රනිල් අනුමැතිය දුන්නා. 
පිළිතුර:- ඔව්. ඒකටනේ අවසරය අරගෙන තමයි මම කතාවට ගියේ. 

 


ප්‍රශ්නය:- ඔය කොයි කාලෙද? 
පිළිතුර:- 2005 ජනාධිපතිවරණය ඉවර වෙලා සති දෙක තුනක් විතර ඇති. එතැනදී කතා කරලා අරලියගහ මන්දිරයේදී අපි ගිවිසුමක් අත්සන් කළා. අපේ පැත්තෙන් කරු ජයසූරිය අත්සන් කළා. ඒ පැත්තෙන් මෛත්‍රීපාල සිරිසේන අත්සන් කළා. එහෙම අත්සන් කරල තියෙද්දිත් අපේ පක්ෂයෙන් 16 ක් කරු ජයසූරිය ඇතුළු කට්ටියක්ම මහින්ද රාජපක්ෂ උන්නැහැ ගත්ත. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට මම කිව්වා ඒක වළක්වන්න කියලා. රුක්මන් සේනානායකට කිව්වා ගිහිල්ලා කතා කරන්න කියලා. විපක්ෂනායකතුමා ඒ වෙලාවේ හිටියේ නේපාලයේ. 

 


ප්‍රශ්නය:- කවුරු කතා කළත් වැඩේ නතර කරගන්න බැරි වුණා? 
පිළිතුර:- ඔව්. ඇහුවේ නෑ. අපේ ගිවිසුමේ එකඟතා මහින්ද රාජපක්ෂ කැඩුවා. ඒ වේදනාවත් මට තියෙනවා. මොකද කපුකම කළේ මම හින්දා. 

 


ප්‍රශ්නය:- ඔබ කිව්වා 2010 සාකච්ඡාවේදී ප්‍රශ්නයක් ඇහුවා කියලා? 
පිළිතුර:- ඔව්. ඒ ප්‍රශ්නයේ පසුබිම තමයි මම විස්තර කළේ. ජනපතික්‍රමය නැති කරනවා. කොට්ඨාස මට්ටමින් ඡන්දය තියනවා කියලා. කියනකොට මම ඇහුවා ඔබතුමා මෙයාට කතා කරන්නේ අවංකවමද කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ගැස්සුණා ඒකට. 

 


ප්‍රශ්නය:- ජනාධිපති මහින්ද මොකද කිව්වේ? 
පිළිතුර:- එයා එකපාරටම ඇහුවා ඇයි එහෙම අහන්නේ කියලා. මම කිව්වා අපි ගිවිසුමක් අත්සන් කරලා තියෙද්දිත් ඔබතුමා අපේ කට්ටිය ගත්තනේ කියලා.’ ඔය වාදය ටිකක් දුර ගියා. අන්තිමට කිව්වා ‘මම ආයෙත් ගන්නේ නෑ කියලා.’ 

 


ප්‍රශ්නය:- නමුත් ගත්තා? 
පිළිතුර:- එහෙම කියලා පැය 24 ක් යන්න කලින් දිගම්බරම්වයි ප්‍රභා ගනේෂන්වයි ගත්තා. මතක තියාගන්න. එහෙම නායකයෙක් කොහොමද විශ්වාස කරන්නේ? ඒ නිසා පළාත් පාලන මැතිවරණය කල් ගියේ අපි හින්ද නොවෙයි. ප්‍රශ්නය හැදුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. බැසිල් රාජපක්ෂ ඒ ගොල්ලන්ට දිනන්න පුළුවන් විදියට සීමා නිර්ණය කළා. අපි බලයට ආවට පස්සේ මේකේ වැරැද්ද අපි දැක්කා. ඒක නිවැරදි කරන්න ගිය නිසා තමයි මේක පරක්කු වුණේ. 

 


ප්‍රශ්නය:- ඡන්දෙදි මොකක් වෙයිද? 
පිළිතුර:- ඡන්දය අපි දිනනවා. 


ප්‍රශ්නය:- මෛත්‍රී-මහින්ද බැරිවෙලා හරි එකට එකතු වුණා නම් අනික ඒකට තවමත් අවස්ථා තියෙනවා? 
පිළිතුර:- එකතු වුණා කියලා අපට ප්‍රශ්නයක් නෑ. ඊයේ පෙරේදා ටීවී එකේ ගියා. දෙරණේ වෙන්නැති මම උදේ අහගෙන හිටියා. මහින්දගෙන් අහනවා. ‘ඔබ දෙගොල්ලෝ එකට එකතු වෙනවද කියලා’ එතකොට දීපු උත්තරය තමයි ‘මට අමතක නෑ අරලියගහ මනදිරයෙන් මට වෙච්ච හිරිහැර කියලා. ඒකෙන්ම පේනවා මොන වගේ වෛරයක්ද තියෙන්නේ කියලා. මෛත්‍රීපාල ජනාධිපතිතුමත් ඒක දන්නවා. එහෙම එකතු වුණොත් දෙගොල්ලොම මරාගෙන පක්ෂය විනාශ කර ගන්නවා. ඒ නිසා අපට ප්‍රශ්නයක් නෑ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්ක 2025 වෙනකම් මේ ආණ්ඩුව අපි ගෙනියනවා. මුදල් ඇමැතිතුමා අය වැය ඉදිරිපත් කළේ ඒ සැලසුමට අනුවයි. අපි මේ රට ලෝකයේ දියුණු රටක් බවට පත් කරනවා. ඒ කණ්ඩායම් දෙක එකතු වුණා නොවුණා කියලා ඒක අපට ප්‍රශ්නයක් නොවෙයි. 

 


ප්‍රශ්නය:- පුංචි ඡන්දෙදි එජාපයයි ශ්‍රීලනිපයයි වෙන වෙනම ඉල්ලුවාම ගම නැවතත් දෙකට බෙදෙනවා. 
පිළිතුර:- එහෙම වෙන්නේ නැහැ. ඇයි මොකටද එහෙම බෙදෙන්නේ? මේක ජාතික මැතිවරණයක් නොවෙයිනේ. කොට්ඨාස ක්‍රමයට ඡන්දය තියන්නේ. මමත් ගම් සභාවෙන් ආපු කෙනෙක්. ඒ 1968 දී. මගේ ගම බෝපිටියෙන් තරග කරලා තමයි මම දේශපාලනයට ආවේ. ඒ විදියේ කොට්ඨාස ක්‍රමයක් තියෙනකොට අපේක්ෂකයා තරග කරන්නේ තමන්ගේ කොට්ඨාසය තුළයි. ඒ කාලයේ ජනතාවට පුළුවන් තමන්ගේම නියෝජිතයෙක් තෝරාගන්න. පක්ෂ භේදයට වඩා ජනප්‍රිය කෙනා තමන්ට වැඩක් කරගන්න පුළුවන් අපේක්ෂකය, දුක සැප බලන කෙනා, තෝර ගන්න පුළුවන්. ඒ නිසා මේ මැතිවරණයේදී එහෙම කා කොටා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. 

 


ප්‍රශ්නය:- සමහරු නම් කියන්නේ ජාතික ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව බිංදුවයි කියලයි. 
පිළිතුර:- මතක තියාගන්න සියයට සීයක්ම අපට සතුටු වෙන්න බැහැ. එක පැත්තකින් විශාල ණය කන්දක් තියෙනවා. ඒකට පොළිය ගෙවන්න වාරිකය ගෙවන්න තියෙනවා. ඊට අමතරව අපට ස්වභාවික විපත්වලට දිගටම මුහුණ දෙන්න වුණා. අද රාජපක්ෂ ආණ්ඩුවක් තිබුණා නම් ජනතාවට කන්න වෙන්නේ තණකොළ. ඇයි මහින්ද රාජපක්ෂ උන්නැහේ අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයට ගියේ? හරිනම් දැන්නේ ඡන්දය තියන්න ඕනෑ. එහෙම කලින් ඡන්දයට ගියේ එතුමා දැනගෙන හිටියා ආර්ථිකයේ භයානක තත්ත්වය. මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන පවා වෙනස් කරලා විකෘති තත්ත්වයක් තමයි පෙන්නුම් කළේ. අනික් පැත්තෙන් ලෝකය අපට තහංචි දානවා. ලෝකයටම බොරු පොරොන්දු දුන්නා. ලෝකයම තරහා වුණා. මේ තත්ත්වය නැති වුණේ අපේ ආණ්ඩුව ආවට පස්සෙයි. රටේ වාසනාවට තමයි මෛත්‍රීපාල-රනිල් ආණ්ඩුව ආවේ. අපි රට තිබුණ තත්ත්වයෙන් ගොඩක් ඉදිරියට ගත්තා. 

 


ප්‍රශ්නය:- ඔය අතරේ බැඳුම්කර ගනුදෙනුවත් ආවා? 
පිළිතුර:- ඒක අපි කිසිම වෙලාවක වහන්න ගියේ නෑ. පහුගිය ආණ්ඩුවේ මේ වගේ කොමිෂන් තිබුණේ නැහැ. සුදු වෑන් තිබුණේ මාධ්‍යවේදීන් ඝෘතනය කළා. ඒ ගැන කිසිම පරීක්ෂණයක් කෙරුණේ නෑ. කැබිනට් අනුමැතිය නැතිව බිලියන ගණන් සල්ලි වියදම් කරලා තියෙනවා. එහෙම අතීතයක් තියෙන රටක අපි ප්‍රඥාවක් දුන්න දූෂණයෙන් තොර හොරකමින් තොර රටක් බිහි කරනවා කියලා. ඒ නිසා තමයි ඇවන්ගාඩ් ප්‍රශ්නය ආපු වෙලාවේ තිලක් මාරපන ඇමැතිකමින් අස්වුණේ. 

 


ප්‍රශ්නය:- නමුත් දැන් යළිත් ඔහු ඇමැති? 
පිළිතුර:- එතුමට මුකුත් චෝදනාවක් නැහැනේ. අධිකරණයෙන් චෝදනාවක් නැහැනේ. පත්තර වලින් මඩ ගහන එක එකක්. විපක්ෂය කියන කතා තවත් එකක්. නමුත් තාක්ෂණිකව එතුමට ඔප්පු කරන්න කිසිම චෝදනාවක් නෑ. 

 


ප්‍රශ්නය:- හැබැයි ඇත්ත කතා කරපු විජයදාස රාජපක්ෂට ඇමැතිකම නැති වුණා. 
පිළිතුර:- ඒක වෙනම ප්‍රශ්නයක්. ඇමැති මණ්ඩලයේ සාමූහික වගකීම් කඩ කිරීමේ චෝදනාවනේ එතුමට ආවේ. රවි කරුණානායක මැතිතුමාට ප්‍රශ්නයක් ආවා. එතුමත් ඉල්ලා අස්වුණා. මෙතෙක් නොතිබුණ ආදර්ශ අපි දීල තියෙනවා. 

 


ප්‍රශ්නය:- විජයදාස රාජපක්ෂ තවමත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක්ද? 
පිළිතුර:- ඔව්. ඔව්. එතුමා තවම අපේ පාක්ෂිකයෙක්. එතුමා අස්වෙලා නැහැනේ. 

 


ප්‍රශ්නය:- ඔහු පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ වෙනවා? 
පිළිතුර:- ආණ්ඩු පක්ෂයේ රැස්වීමට නම් ආවේ නෑ. මම දැන් පක්ෂයේ තනතුරක් දරන්නේ නෑ. ඒ නිසා මම හරියටම දන්නේ නෑ. එතුමා අස්වෙලා නම් නෑ. 

 


ප්‍රශ්නය:- රටටම ආඩම්බරයක් වෙච්ච දළ පූට්ටුවා රැකගන්න ඔබට බැරිවුණා. 
පිළිතුර:- දළ පූට්ටුවා කියන එක්කෙනා රැක ගන්නවා කියන්නේ එහෙම දළ ඇතුන් ඉන්​ෙන බොහොම ටික දෙනෙක් තමයි. දළ පූට්ටුවා කැලේ එක තැනක ඉන්නේ නැහැ. එක ඇහැක් පේන්නේ නැහැ. අනික් ඇහැ පේන්නෙත් ටිකයි. අලිය රෑකට කිලෝ මීටර් 20 ක් 25 ක් ඇවිදිනවා. අපේ නිලධාරින්ට පුළුවන්ද අලියාව රකින්න කියලා පස්සෙම යන්න. මේ සතා පස්සේ දිගටම යන්න පුළුවන් කාටද? කොහොම වුණත් මේ සිද්ධියෙන් අපේ ඇස් ඇරීමක් වුණා. අපිට එක පැත්තකින් අලියව රැකගන්න බැරි වුණා තමයි. අනික් පැත්තෙන් අපේ පැත්තෙන් විය හැකි වැරදි පවා හඳුනා ගන්න අපට පුළුවන් වුණා. මින් ඉදිරියට මෙවැනි සිද්ධි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ.

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

බැසිල් රාජපක්ෂ ඒ ගොල්ලන්ට දිනන්න පුළුවන් විදිහට සීමා නිර්ණය කළා

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 99 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 82 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 69 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 29 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 38 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 57 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 223 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 250 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site