IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


බහුතර ජනතාව මේ ආණ්ඩුව පිළිඅරගෙන ඉවරයි

නිවාස හා සමාජ සුබසාධන ඇමැති  ජාතික නිදහස් පෙරමුණේ නායක  විමල් වීරවංශ  

 

ආණ්ඩුවට මොකද වෙන්නේ? බහුතර බලය කෝ? ආණ්ඩුව ගත්තේ නඩු හබවලින් බේරෙන්නද? මේ ආදී ප්‍රශ්නවලට උත්තර සොයමින් නිවාස හා සමාජ සුබසාධන ඇමැති ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය: ඔබ හිතන්නේ නැද්ද ජනාධිපති මෛත්‍රී නැවතත් මහින්ද රාජපක්ෂව උගුලකට හසු කළා කියලා?  


පිළිතුර: මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මේ රට ඇද්‍ වට්ටවන්න ගිය උගුලෙන් මේ රට බේරා ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඇතුළු ඒ බලවේගයට අවස්ථාවක් ලැබුණා කියලා. එම අවස්ථාව එම අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ පූජනීය පරමාර්ථය වෙනුවෙන් නිවැරැදිව යොද‌ා ගැනීමේ වගකීම හා කාර්යභාරය අපට පැවරිලා තියෙනවා.  


ප්‍රශ්නය: ඔය හේතු දැක්වීම්වලින් පිටිපස්ස දෙ‌ාරෙන් බලය ලබා ගැනීම......?  


පිළිතුර:- පොඩ්ඩක් ඉන්න. රනිල් වික්‍රමසිංහගේ අතේ තිබුණේ එක පැත්තකින් බටහිර න්‍යාය පත්‍රය. ෆෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒම මේ නිසා වැළකුණා කියලයි දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා නහයෙන් අඬන්නේ. සමහර යුරෝපා රටවල් කලබල වෙලා තියෙන්නේ ජිනීවා න්‍යාය පත්‍රයට අනුව මේ රට ඇදගෙන යන්න ගිය ගමනේ තවදුරටත් ඇදගෙන යන්න බැරි වී තිබෙන නිසයි. ඒ වගේම ආර්ථිකයේ ඉතාම උපායමාර්ගිකව වැදගත් මර්මස්ථාන, ප්‍රධාන සම්පත් විදේශීයකරණය කිරීම නතර වීම සම්බන්ධයෙන් හටගත් කම්පනය ඔවුන් වෙතින් ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ පැත්තෙන් බැලුවොත් තව අවුරුදු එකහමාරක් විපක්ෂයට වෙලා සටන් කරනවා කියන එක මහා අමාරු දෙයක් නොවෙයි. ඒ අවුරුදු එක හමාර අපි සටන් කරයි. නමුත් රට ඉතිරි වෙන්නේ නෑ. එක එක විදේශීය ගිවිසුම් ගහන්න නියමිතව තිබුණා. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ගැහුවට ඒක ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. නමුත් ඒක ක්‍රියාත්මක වෙන්න තිබුණා. ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා නම් මේ රටේ සමාජ ආර්ථික හා සංස්කෘතික වශයෙන් සිදුවෙන විපත මෙපමණකැයි ගණන් හදලා කියන්න බැහැ. අනික් පැත්තෙන් මහ බැංකු බැඳුම්කර හොරකම වගේ හොරකම් තොග වශයෙන් වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම රට පරිපූර්ණ වශයෙන් බදු බර පටවල. කෘෂිකර්ම හා රටේ අනෙකුත් කර්මාන්ත ක්ෂේත්‍ර කඩාවැටීමේ ගමන වේගවත් වෙන්න තිබුණා. මේ ඔක්කොම දිහා බැලුවම අවුරුද්දකින් එක හමාරකින් ඡන්දයෙන් ගන්න රටක් ඉතිරි වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි 2005 දී ලංකාව නෝර්වේ උගුලේ හිරකරලා තිබුණට එල්ටීටීඊය විජයග්‍රහණයේ පාමුල හිටියට ඒ තත්ත්වය ගැන බය වෙන්නේ නැතිව මහින්ද රාජපක්ෂ මැතිතුමා එද‌ා ඒ අභියෝගය භාර ගත්තා වගේ එතුමා මේ මොහොතේ අගමැති ධුරය බාර අරගෙන ඒ අභියෝගය බාර අරන් තියෙන්නේ. එතුමාට මෙබඳු අභියෝගවලට මුහුණ දීම හා ඒවා ජයග්‍රාහීව කළමනාකරණය කිරීම අසීරු කාර්යභාරයක් නොවෙයි.  

මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව ​මේ ආණ්ඩුව පිළිඅරගෙන ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් ස්වාභාවිකව ඇති වෙච්ච පෙළපාළියක් ඔබ දැක්කද? එහෙම නෑ. එ් වගේම කැලණිය රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ, ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ දේශනා කළේ මොකක්ද? උන්වහන්සේලා ඉතාම විවෘතව අදහස් පළ කරමින් මේ නව පාලනයට ආශිර්වාද කළා. මේක මේ ඔබ කියාපු විදියෙ බල ලෝභිත්වයේ ප්‍රශ්නයක්ද කියලා බලන්න. ජනවාරි 8 ජනාධිපතිවරණයේදී නිල ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයෙන් පිටවුණා. 


ප්‍රශ්නය:- මල් වට්ටියක් අතට අරන් හිටිය මහින්ද රාජපක්ෂ අතට ගොම හට්ටියක් දුන්නා වගේ කියලත් සමහරු කියනවා?  


පිළිතුර:- එහෙම කියන්නේ මේ දේශපාලනය නොතේරෙන එක්තරා ආකාරයකට දේශපාලන ළදරුවෝ. ඒ කියන්නේ අවුරුදු එකහමාරක් ගියාට පස්සේ ඒ අය හිතනවා නම් ලංකාව මල් වට්ටියක් වගේ හම්බවෙනවා කියලා, එහෙම මල් වට්ටියක් ඒ වෙනකොට ඉතිරි වෙන්නේ නෑ. එද‌ාට හම්බ වෙන්නේ ගොම හට්ටියකුත් නොවෙයි ඊට හපන් හට්ටියක්. අවුරුදු එකහමාරකට පස්​ෙස් මේ රට මල් වට්ටියක් වගේ බාරගන්න තිබුණා නම් ඇත්තටම මේ වෙලාවේ වට්ටියට කරගහන්න ඕනැත් නෑ.  


ප්‍රශ්නය: නමුත් මහින්ද රාජපක්ෂ කඳවුර කලබල වුණා වැඩියි?  


පිළිතුර: නෑ.... ඇත්තෙන්ම නැහැ. කවුරුත් නොසලකා හරින සත්‍ය තමයි ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්නේ මේ කතානායකවරයා කට හඬින්නේ. අද ඔය ඊනියා විශ්වාසභංග සම්මත කරගන්නවා වගේ. කටහඬින් ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කළාම ඇයි මොකක්ද මල් වට්ටිය? ඊට පස්සේ හම්බ වෙන්නේ මිනී අළු හට්ටියක්. එට්කා ගිවිසුම අත්සන් කළාම සේවා ආර්ථිකය ඇතුළට ඉන්දියානුවන් කඩාගෙන පාත් වුණාම හම්බ වෙන්නේ මල් වට්ටියක්ද? ඒක වුණාට පස්සේ හම්බ වෙන්නේ මිනී අළු වට්ටියක්. ඒ නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කාලා ඉවර වුණාම වි​ේදශිකයාට මේ රට ගිලගන්න ඉඩ හැරියාම ආයිත් අවුරුද්දකින් එක හමාරකින් එන නායකයා දුටුගැමුණු රජ්ජුරුවෝ වුණත් කරන්න පුළුවන් කෙංගෙඩියක් නෑ. එ් නිසා ඒ පැවැති තත්ත්වය විසින් අපට බලකළා මහ මැතිවරණයකට පෙරාතුව රනිල් වික්‍රමසිංහ පරාජයට පත් කිරීම මගින් ඒ දේශපාලන හා ආර්ථික පරගැති න්‍යාය පත්‍රය හකුළලා ද‌ාන්න. ඒක තමයි මේ කරන්නේ. ඒක කරන එක වරදක් නම් මීට කලින් අපේ රාජවංශ ඉතිහාස​ෙය් අපේ රජවරු විවිධ පරදේශක්කාර බලවේග පරදවා සිහසුන තමන් අතට ගත්ත එකත් වැරදියි.  


ප්‍රශ්නය: දේශපාලනඥයන් බලයට ඇයි මේ තරම් කෑදර කියන ප්‍රශ්නයත් සමාජය තුළ සංවාදයට ලක් වෙනවා?  


පිළිතුර: බලයට මේ තරම් කෑදර ඇයි කියලා අහන්න ඕන අරලියගහ මන්දිරය තවමත් බද‌ාගෙන ඉන්න කෙනාගෙන්. රටේ මූලික ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතුව තියෙනවා බලය. තිබුණ ඊනියා ජාතික ආණ්ඩුව විසුරුණා එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග. එතකොට ඇමැති මණ්ඩලයත් විසිරෙනවා. අගමැතිවරයාගේ අගමැතිකමත් නැති වෙනවා. ඊට පස්සේ තමයි පුරප්පාඩුව ඇතිවෙන්නේ  


ප්‍රශ්නය: පුරප්පාඩුව මුලින් ඇතිකරලා ඒ පුරප්පාඩුව පිරවීම සාධාරණද?  


පිළිතුර: එක රට. ඒ රට වෙනුවෙන් ගත යුතු පියවර ගන්න පැකිළෙන්න අවශ්‍ය නෑ. මම කියාගෙන ආපු විදියට පුරප්පාඩුවට පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය ඇති මහජන නියෝජිතයාට ආරාධනා කරනවා.  


ප්‍රශ්නය: විශ්වාසය විතරද? බහුතරය අවශ්‍ය නෑ?  


පිළිතුර:- බහුතරයද? අදත් පාර්ලිමේන්තුවේ තත්ත්වය බලන්න. රනිල් වික්‍රමසිංහට 101 යි. අගමැති මහින්ද රාජපක්ෂට 104 යි. එතකොට ඒ වඩාම විශ්වාසය තියෙන කෙනා එයාට ආරාධනා කළා. එතුමා අගමැති ධුරය බාර ගත්තා. එතකොට ගැසට් නිවේදන මගින් ජනාධිපතිවරයා නීත්‍යානුකූලව රටට ප්‍රකාශ කළා. එතකොට කොහොමද කියන්නේ බලයට කෑදර කමට වේවා කළා කියලා.  


ප්‍රශ්නය:- මේ මොහොත වන විටත් ඔබේ විශ්වාස කරනවද ඒ වෙච්ච දේ හරි කියලා?  


පිළිතුර:- ඒකාන්ත වශයෙන්ම? එහෙම බලය අරගෙන මේ සති හතරට මොනවද කළේ පොහොර මිටිය රුපියල් 500 ට දෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදකයාට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගහලා තිබුණ ලාභය මත බද්දක් සියයට 14 ක්. ඒ බද්ද දැන් අත්හිටෙව්වා. ඒ ක්ෂේත්‍රයේ නිෂ්පාදනය වැඩිකිරීම ඒකේ අරමුණ. ලාභය නැතිවුණත් පාඩු වුණත් ගහපු ආර්ථික සේවා බද්දක් තිබුණා. ඒක සියයට 5 ක්. ඒක 2.5 දක්වා අඩුකළා. මේ රටේ ආර්ථිකයේ කෘෂිකර්මාන්තයේ නිෂ්පාදනය දියුණුකිරීමේ දිශාවකට රට යොමු කළා. ඒ විතරක් නොවෙයි පොල් ගෙඩිය අරන් කිරි ටික අරන් පැකට් කරලා දෙනවා කියලා. ඒකේ තියෙනවනේ නිෂ්පාදන පැත්තක්. ඒවට තිබුණ සියයට 28 ක බද්දක්. ඒ බද්ද සියයට 14 කට අඩු කරන්න යනවා. මේවා බලලෝභයද? තෙල් මිල තුන් වතාවක් අඩු කළා. ඒ ප්‍රයෝජනය ගත්තේ කවුද? ජනහිතකාමී යුගයක් නැවත මේ රටේ ඇතිකරන්න මේ යන්නේ. මේ රටේ සාතිශය බහුතරයක් ජනතාව ​මේ ආණ්ඩුව පිළිඅරගෙන ඉවරයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනුවෙන් ස්වාභාවිකව ඇති වෙච්ච පෙළපාළියක් ඔබ දැක්කද? එහෙම නෑ. එ් වගේම කැලණිය රජමහා විහාරයේ නායක හාමුදුරුවෝ, ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ දේශනා කළේ මොකක්ද? උන්වහන්සේලා ඉතාම විවෘතව අදහස් පළ කරමින් මේ නව පාලනයට ආශිර්වාද කළා. මේක මේ ඔබ කියාපු විදියෙ බල ලෝභිත්වයේ ප්‍රශ්නයක්ද කියලා බලන්න. ජනවාරි 8 ජනාධිපතිවරණයේදී නිල ප්‍රතිඵල නිකුත් වෙන්නත් කලින් මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරයෙන් පිටවුණා. බල ප්‍රේමියා අන්න තවමත් අරලියගහ මන්දිරයේ ඉන්නවා. ඒ අරලිය ගහ මන්දිරයේ තිබුණ වටිනා බඩු භාණ්ඩ අතුරුදන් වෙලා. එක පැත්තක් මල මුත්‍රා ගඳයි. ලංකාවේ ඉන්න ඔක්කොම රස්තියාදුකාරයො එතැන ළැග ගෙන ඉන්නවා. අන්න නියම බලප්‍රේමියා. තනතුර අහිමි වෙලත්, ‘‘නෑ මම තවමත් අගමැති’’ කියාගෙන කෑදරකමින් එතැන ඉන්නවා.  


ප්‍රශ්නය: විශේෂ මහාධිකරණ පිහිටුවලා නඩු අහන්න ආසන්න මොහොතකදී තමයි මේ බල පෙරළිය සිදුවන්නේ. මේ පෙරැළියත් සමග නඩු හබ ගැට ගැහිලා නෑ කියලා ඔබට කියන්න පුළුවන්ද?  


පිළිතුර: අවුරුදු තුන හමාරක් නඩු ඇහුවේ නැද්ද? අපිව හිරේ දැම්මේ නැද්ද? රාජපක්ෂවරු හිරේ දැම්මේ නැද්ද? අවුරුදු තුන හමාරක් මොනවද කළේ? ඔය ඔක්කොම කළා. ෂෙයින් අල් හුසේන් ලංකාවට ආපු වෙලාවේ පෙළපාළියක් යෑමේ චෝදනාවට මෙච්චර දවසක් තිබුණේ බි වාර්තාවක්. මම ඇමැති කෙනෙක් වුණාට පස්​ෙස තමයි චෝදනා පත්‍රය ගොනු කරලා නඩුව අහන්න පටන් ගත්තේ. ඔන්න ආණ්ඩුවක් ආවම වෙලා තියෙන වෙනස. මහින්ද‌ානන්ද මන්ත්‍රීතුමාට සාමාන්‍ය අධිකරණයේ තමයි තිබුණේ කැරම් බෝඩ් පිළිබඳ නඩුව. ආණ්ඩුව ආවට පස්සේ සාමාන්‍ය අධිකරණ​ෙයන් කියනවා ඒ නඩුව විශේෂ මහාධිකරණයට ද‌ාන්න කියලා. ඒ කියන්නේ අපිට මොනවා හරි වාසියක් වෙලාද? සාමාන්‍ය උසාවියේ තිබුණු නඩු විශේෂ උසාවිවලට මාරු කරන එකනෙ​් වෙලා තියෙන්නේ. නඩු හබ හින්දා දේශපාලන තීරණ ගන්නවා නම් අපි ඒ ආණ්ඩුවට යටත් වෙලා බොහොම කල්. එහෙම යටත් නොවන මිනිස්සු තමයි මේ සටනේ දිගට ආවේ. ඒ නිසා අපි නඩු හබ නිසා දේශපාලන තීන්දු ගන්න අය නොවෙයි කියලා ඉතිහාසයෙන් ඔප්පු කරලා තියෙනවා.  

 

අපි 105 තමයි ඉන්නේ. බලන්නකෝ ඉදිරියේදී ටැක්සි මීටරය වගේ ඉහළ නගින හැටි. අද එක්සත් ජාතික පක්ෂය තුනට බෙදිලා ඉවරයි. එකක් කරු ජයසූරිය එක්ක නවීන් ඇතුළු පිරිසක් ඉන්නවා. සජිත් ප්‍රේමද‌ාස පස්​ෙස් තව පිරිසක්. රනිල් පිටිපස්සේ තව පිරිසක්. ඇයි රනිල් වික්‍රමසිංහට බහුතර බලය තියෙනවා නම් අපි කිව්වා අත්සන් 113 ක දිවුරුම් ප්‍රකාශයක් දෙන්න කියලා. අජිත් පී. පෙරේරා පැන ගෙන ගියා පහුවැනිද‌ා උදේ 10 ට කලින් දුවුරුම් ප්‍රකාශය ගේනවා කියලා. තාමත් නෑ. තාම දුන්නේ නැත්තේ ඇයි. දෙන්න බෑ. දෙන්න නෑ. අත්සන් 113 ක් නෑ.


ප්‍රශ්නය:- කොහොම වුණත් මහින්ද කඳවුර මේ නඩු හබ නිසා හෙල්ලිලා හිටියේ?  


පිළිතුර: දැන් ඔය ප්‍රශ්නය මතු කරන අය ඔහොම කියන්​ෙන් කොහොමද කියලා හිතන්න. ඒ ගොල්ලෝ කියන විදියට ආණ්ඩුව අපේ වුණාම උසාවි අපේ වෙනවද? එතකොට ඒකේ අනික් පැත්තම එ් ගොල්ලෝ කියන්නේ ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව තිබුණ කාලේ උසාවි ඒගොල්ලන්ගේ කියලද? උසාවි වැඩ කළේ ඒ ගොල්ලන්ට අවශ්‍ය විදියට කියලද? ඒක එහෙම නම් විතරයිනේ ආණ්ඩුව මාරුවුණාම උසාවිය අපිට වාසියි කියලා හිතෙන්නේ. ඒ ප්‍රකාශයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසෙනවනේ. ආණ්ඩුව මොක වුණත් අධිකරණ ක්‍රියාද‌ාමය ඉදිරියට යනවා. ඒවට අත පොවන්න පුළුවන්ද? කාටද ඒ බලය තියෙන්නේ? නඩු අහනවා වැරැදි නම් වැරැදිකාරයා වෙයි. නිවැරැදි නම් නිවැරැදිකාරයා වෙයි. අපි මේ බලන්නේ රට ඇදගෙන ගිය විනාශකාරී න්‍යාය පත්‍රයෙන් එළියට ගන්න. ජනතා විමුක්ති පෙරමුණ අද බටහිර න්‍යාය පත්‍රයට අනුව හිටගෙන ඉවරයි. ඇමෙරිකන් තානාපති කියන එකයි අනුර දිසානායක කියන එකයි අතර වෙනසක් නෑ. ඇමරිකන් තානාපති කාර්යාලයත් කියනවා අර ඊනියා විශ්වාසභංගය පිළිගන්න කියලා. අනුර දිසානායකත් ඒකම කියනවා. ඇ​ෙමරිකන් තානාපති කාර්යාලය කියනවා නව ආණ්ඩුව පිළිගන්න අපට බෑ කියලා. අනුර දිසානායකත් කියනවා. ඒ නිසා අද ඔක්කොම අය එක ලයින් එකේ යන්නේ. බටහිරට ඕනෑ පදයට නටන රූකඩ දේශපාලන කල්ලි මේ කරපු වෙනසේ වටිනාකම වහලා ද‌ාන්න ඔය ප්‍රබන්ධය ගොතනවා.  


ප්‍රශ්නය:- ආණ්ඩුවේ සුජාතභාවය පෙන්වන්න ඔබලා බහුතර බලය පෙන්විය යුතුයි. නමුත් පෙන්වන්න බැරි නිසා කලබල කරලා පාර්ලිමේන්තුව අවුල් කරනවා?  


පිළිතුර:- දැන් චන්ද්‍රිකා මැතිනියගේ ආණ්ඩුව තිබුණා. ඒකට එක අවස්ථාවක 113 තිබුණේ නෑ. 105 ක් තිබුණේ. හැබැයි කථානායකවරයා ඒ ආණ්ඩුව පිළිගත්තා. එහෙම පිළි අරගෙන කාරක සභාවල බහුතරයක් දුන්නා. ක්‍රමානුකූලව ඊට පස්සේ 113 නොවෙයි එකසිය තිස් ගණනක් දක්වා වර්ධනය වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනවාරි 8 න් පස්​ෙස් ආණ්ඩුව ගන්නකෝ. පාර්ලිමේන්තුවේ 42 යි හිටියේ. එවෙලේ හිටියේ චමල් රාජපක්ෂ කථානායකතුමා. 2004 දී ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ අගමැති කථානායක තෝරන්න ගියාම ආණ්ඩුවෙන් ද‌ාපු ඩිව් ගුණසේකර පරාද වුණා. එජාපයෙන් ද‌ාපු වි.ජ.මු. ලොකු බණ්ඩාර දිනුවේ. බහුතරය මහින්දගේ ආණ්ඩුවට තිබුණේ නෑ. හැබැයි පසුකාලීනව ඒකත් එකසිය තිස් ගානක් දක්වා වර්ධනය වුණා. යුද්ධයත් දිනුවා. රනිල්ගේ ආණ්ඩුවට 42 යි හිටියේ. කාරක සභාවල බහුතරයක් දුන්නා චමල් රාජපක්ෂ කථානායකතුමා. ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තුව ඉදිරියට ගියා. ඒ නිසා අද අපි ඉන්නේ එකසිය පහේ. අද ඒ ගානේ ඉන්නවා කියන්නේ හෙටත් ඒ ගානේ ඉන්නවා කියන එක නොවේ. මේ 105 මෙතැන නතර වෙන්නේ නැහැ. ගිය වසන්ත සේනානායකලා, වඩුවෙල් සුරේෂ්ලා මේ එන්නේ ඒකටනේ. ගිය අය තව එන්න ඉන්නවනේ. ආපු නැති අයත් එන්න බලන් ඉන්නවනේ. සමහරු බයයි අර විසුරුවාලීමේ ගැසට් නිවේදනය නිසා. ඡන්දයකට යන්න බය නිසා. ඒකනම් බය ඒ බය නැති කරන ක්‍රමයකුත් අපි හොයාගෙන තියෙන්නේ.  


ප්‍රශ්නය:- මොකක්ද ඒ ක්‍රමය?  


පිළිතුර:- ඒක අපි සුදුසු වෙලාවට කියන්නම්.  


ප්‍රශ්නය:- මුදල් කුට්ටි විසි කරලා මහජන නියෝජිතයෝ මිලදී ගැනීම හරහා?  


පිළිතුර:- නෑ.... නෑ.... එහෙම කරනවා නම් අපි දැන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් හදලා. ඔය තියාගෙන ඉන්නේ එහෙම දීලා තමයි. බටහිර තානාපති කාර්යාල වලින් සල්ලි කඳු පිටින් ලැබිලා තියෙන්නේ. ඒවා බෙදුවා අරලියගහ මන්දිරයේ තියාගෙන මන්ත්‍රීවරුන්ට. ඒ ගිය සල්ලි මලුවල බලය තියෙන්​ෙන් එතැන.  


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුවේ ගැටුම සමනය කරගන්නේකොහොමද? හැමද‌ාම ගැටුම්?  


පිළිතුර:- ඒක අහන්න ඔබ කතානායකවරයාගෙන්. ඔහු තමයි ඝට්ටනයේ නිර්මාතෘ. මීට පෙර කිසිම කථානායකවරයෙක් මෙහෙම හැසිරුණේ නැහැ. අද කරු ජයසූරිය කථානායක හැසිරෙන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවා උල්ලංඝනය කරලා. දැන් බලන්න යූඑන්පී මන්ත්‍රීවරුන් යෝජනා දෙනවා මුදල් වියදම් කිරීම අත්හිටුවන්න කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වගන්තිය කියවලා බලන්න. පැහැදිලිව තියෙන්නේ මුදල් පනතක් හෝ යෝජනාවක් ගේන්න පුළුවන් ඇමැති කෙනෙකුට පමණයි කියලා. ඒකත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව. ඇමැතිටවත් නිකම් ගේන්න බෑ. මන්ත්‍රීවරයෙකුට කොහෙත්ම බෑ. එතකොට මේ 152වැනි වගන්තිය උල්ලංඝනය කරමින් තමයි මන්ත්‍රීවරුන් දෙන යෝජනා කතානායකවරයා භාරගන්නේ. කථානායකවරයා ඉතාම පැහැදිලිව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝගත් පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායත් අමු අමුවේ කෙලෙසා දමමින් තියෙනවා. ඔහුට මම හිතන්​ෙන අගමැති ඔටුන්​ෙග් සිහිනයක් දීලා තියෙනවා. ඒ වෙනුවෙන් මෙහෙම නිර්ලජ්ජිතව හැසිරෙනවා. ඔහුගේ ඒ හැසිරීම තමයි පාර්ලිමේන්තුවේ මේ වියවුලට හේතුව.  


ප්‍රශ්නය: ඉතින් ආණ්ඩුවට පුළුවන්නේ කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගේන්න?  


පිළිතුර: ඔව්. ඒ වෙනුවෙන් අපි කටයුතු සූද‌ානම් කරමින් ඉන්නේ. ඒක ඉදිරියේදී ඔබට බලාගන්න පුළුවන්.  


ප්‍රශ්නය: ඔබ හිතනවද මේ ආණ්ඩුවට නිරුපද්‍රිතව ඉදිරියට යන්න පුළුවන් කියලා?  


පිළිතුර: ඔව්. අනිවාර්යයෙන්ම. අපි 105 තමයි ඉන්නේ. බලන්නකෝ ඉදිරියේදී ටැක්සි මීටරය වගේ ඉහළ නගින හැටි. අද එක්සත් ජාතික පක්ෂය තුනට බෙදිලා ඉවරයි. එකක් කරු ජයසූරිය එක්ක නවීන් ඇතුළු පිරිසක් ඉන්නවා. සජිත් ප්‍රේමද‌ාස පස්​ේස තව පිරිසක්. රනිල් පිටිපස්සේ තව පිරිසක්. ඇයි රනිල් වික්‍රමසිංහට බහුතර බලය තියෙනවා නම් අපි කිව්වා අත්සන් 113 ක දිවුරුම් ප්‍රකාශයක් දෙන්න කියලා. අජිත් පී. පෙරේරා පැන ගෙන ගියා පහුවැනිද‌ා උදේ 10 ට කලින් දුවුරුම් ප්‍රකාශය ගේනවා කියලා. තාමත් නෑ. තාම දුන්නේ නැත්තේ ඇයි? දෙන්න බෑ. දෙන්න නෑ. අත්සන් 113 ක් නෑ. ඒ බැරි කෙනාගේ පැත්ත නොවෙයි මෙතැනින් එහාට ශක්තිමත් වෙන්නේ. පුළුවන් කෙනාගේ පැත්ත. ඒක ඔබට දකින්න පුළුවන් වේවි.  

 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   

 



අදහස් (0)

බහුතර ජනතාව මේ ආණ්ඩුව පිළිඅරගෙන ඉවරයි

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 22 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 43 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


රට තවම අයි.එම්.එෆ් මාර්ගයේ අතරමැද
2025 මාර්තු මස 10 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 334 ක මුදලක


විදෙස් ආධාර නැත ඉල්ලන්නත් එපා අමෙරිකානු කසකාරයා පසුපස බ්‍රිතාන්‍යය හා යුරෝපයත්
2025 මාර්තු මස 03 503 0

ආධාර ලැබෙන තෙක් පොහොසත් රටවල් දෙස බලා සිටි යුගය අවසන් වේද? ධනවත් රටවල සේප්පු අගුළු වැටෙමින් පවතීද? දැනට අමෙරිකාව නිවේදනය කර ඇති විදෙස් ආධාර අත්හිටුවීම


ජාතික ආරක්ෂාව යනු කුමක්ද?
2025 මාර්තු මස 03 109 0

රට තුළ පසුගිය මාස කීපය තුළදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සිදුවීම් වැල, රටේ ජාතික ආරක්ෂාවක් පවතින්නේ ද යන්න පිළිබඳව කතිකාවක් නිර්මාණය කළේය. පසුගිය මාස දෙකක කාල


මාලිමා ආණ්ඩුවත් අසමත්ද?
2025 මාර්තු මස 03 271 0

ආණ්ඩුව පත්වී මාස පහක් ගෙවී යද්දී ගෙන ආ අයවැය ආණ්ඩුවේ ගමන්මග හා ප්‍රතිපත්ති ගැන යළිත් කතිකාවක් ආරම්භ කරන්නට හේතුවක් වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 110 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 268 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site