IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මම මහින්දගෙ මිනිහෙක් කියල මෛත්‍රී මහත්තයා ළඟ හිටි අය මාව කැපුවා

එජාප - ශ්‍රීලනිප රජයට වසර දෙකක් පිරුණි. දින 100 රජයේ ඇමැතිකම් දරා මුලින්ම එළියට ගිය පුද්ගලයා වන්නේ හිටපු මන්ත්‍රී රජීව් විජේසිංහය.   
මෙවර මුහුණට මුහුණ හමුවන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති රජිව් විජේසිංහයි.   

 

 

රජිව් විජේසිංහ දැන් මොකද කරන්නේ?   
මම දැන් තෘතියික වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති විදියට තමයි රාජකාරී කරන්නේ.   

 


පොලිටිකල් වැඩ නවත්තලා ද?   
මම ඒවයින් ඈත් කරලානේ. මාව පාර්ලිමේන්තුවට දැම්මේ නෑනේ. හිටපු ජනාධිපතිතුමා මාව සාම කාර්යාලයට දැම්මා. මානව හිමිකම් අමාත්‍යාංශයේ ලේකම් විදියට වැඩ කළා. අපේ ලිබරල් පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මාව පාර්ලිමේන්තුවට දැම්මා.   

 


ඒ වෙලාවේ ඔබ ඇමැතිමක් එහෙමත් බලාපොරොත්තු වුණා නේද?   
මහින්ද රාජපක්ෂටත් අදහසක් තිබුණා මට ඇමතිකමක් දෙන්න. කුමාර් රූපසිංහ මට කිව්වා. රජිව් ඔයා අධ්‍යාපන ඇමැති කරන්න ප්ලෑන් එකක් තියෙනවා.’ කියලා. මහින්ද රාජපක්ෂ කිසිම වෙලාවක මට එහෙම දෙයක් කියලා නෑ, ඒත් මට ඇමැතිකමක් දෙනවට ලොකු විරෝධයක් ඇවිත් තියෙනවා. විමල් වීරවංශ එහෙම ඒකට තදින්ම විරුද්ධව කෑ ගැහුවා. එයා ඇහුවනේ මාව ඇයි පාර්ලිමේන්තුවට ගත්තේ කියලත්. එයා​ෙ​ග් පක්ෂෙ කෙනෙක් නොදා මාව දැම්මට එයා අවුලෙන් හිටියේ.   


මහින්ද ව​ෙට් ඉඳපු ගොඩක් අය දීපු උපදෙස් නිසා තමයි, මහින්දට ඔය ඉරණම අත් වුණේ. මානව හිමිකම් සිදුවීම්වලදී මමත් දයාන් ජයතිලකත් ඔහුට ගොඩක් උපදෙස් දුන්නා. ඒත් අන්තිමට ඔහු හිතුමතේ වැඩ කරන්න පටන් ගත්තා. එල්.එල්.ආර්.සී. එක පත්කරන්න කිව්වාම ඒක ඇද ඇද හිටියා. ඒක හරියට කළේ නෑ. රාජ්‍යතාන්ත්‍රික වැඩ කරන්න බෑ ගමේ ගොඩේ නඩු විසඳනවා වගේ. හරි විදියට හරි වෙලාවට එල්.එල්.ආර්.සී. දැම්මා නම් මේ ගොඩක් ප්‍රශ්න නෑ.   

 


ඒක නිසාද මහින්ද රාජපක්ෂ අප්සෙට් වුණේ?   
අපි විතරයි කෙළින් කතා කළේ. අපි ලිබරල් පක්​ෙෂ විදියට කෙළින්ම මහින්ද රාජපක්ෂට පැහැදිලි කරලා දුන්නා තියෙන තත්ත්වය. අපි කෙළින්ම කියපු වැඩ කරන්න, නැත්නම් ඊළඟ මැතිවරණයේදී උදවු කරන්න බෑ කියලා. ඉක්මන් ඡන්දෙකට යන්නත් එපා කියලා අපි කිව්වා. 2010 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරපු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා ඊට පස්සේ හරි වෙලාවට ඡන්දෙට යමු කියලා අපි තදින්ම කියා සිටියා. අපි කියපු කිසි දෙයක් සත පහකට ගණන් ගත්තේ නෑ.   

 


පොදු අපේක්ෂකයට සහාය පළ කරන කණ්ඩායමට එකතු වෙන්න ඩීල් එක ආවේ කොහොමද?   
මට කතා කළේ රාජිත සේනාරත්න. රාජිත මට කිව්වා චන්ද්‍රිකා එයාට නම් තුනක් කියලා කිව්වලු ඒ අයගෙන් අහන්න කියලා. එයාලා එක්ක එකතු වෙන්න කැමතිද කියලා. අනිත් දෙන්න බෑ කිව්වා බයේ. එක්කෙනෙක් රෙජිනෝල්ඩ් කුරේ. ඇත්තටම අවංකවම ගියේ මමයි වසන්ත සේනානායකයි විතරයි. අපි මුකුත් ඉල්ලුවේ නෑ.   

 


ඒ කියන්නේ ගිය අනිත් අය ලොකු දේවල් ඉල්ලලා?   
ඔව්. එහෙම අයට තමයි ඇමතිකම් ලැබුණේ. සුමන්තිරන් මට කිව්වා රිෂාඩ් බදුර්දීන් කිව්වා කියලා එයාට ඇමතිකම දෙනවා නම් එනවා කියලා. රනිල් වික්‍රමසිංහ මට කිව්වා මුස්ලිම් කොංග්‍රසය සල්ලි ඉල්ලුවා කියලා. එ් අයට තමයි පස්සේ තැන් ලැබුණේ.   

 


එ්ත් රජිව් විජේසිංහටත් අවුල් වුණේ ආණ්ඩුව හැදුවට පස්සේ කැබිනට් ඇමතිකමක් හම්බ වුණේ නැති එක?   
මට රාජ්‍ය ඇමැතිකමක් ලැබුණා. මම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගෙන් කෙළින්ම අැහුවා එකඟතාවයේ තිබුණේ හැම පක්ෂයක්ම නියෝජනය වෙන විදියට කැබිනට් එකට දානවා කියලා. ඇයි මට කැබිනට් ඇමැතිකමක් දුන්නේ නැත්තේ කියලා මම ඇහුවා. එතුමා කිව්වා මම නෙවෙයි ඒක කළේ රනිලුයි චන්ද්‍රිකායි තමයි සේරම කළේ ඒ අයගෙන් අහන්න කියලා.   


මම කිව්වා මට ඒ අයගෙන් අහන්න ඕනෑකමක් නෑ කියලා. මම ඒ අයට නෙවෙයිනේ වැඩ කළේ. මම ජනාධිපතිතුමාට කිව්වා මේක වැඩ කරන්න පුළුවන් තනතුරක් තමයි මට ඒක කරන්නම්. ඒත් මම තරහයි කියලා. ඔය අතරේ චන්ද්‍රිකා මට කිව්වා යූ.ජී.සී. එකේ චෙයාර්මන් ක්ෂනිකා හිරිඹුරේගම අයින් කරන්න කියලා. මම කිව්වා එහෙම කරන්න බෑ, ප්‍රශ්නයක් තියෙනවනම් සෝදිසි කරලා බලන්නම් කියලා. එතකොට චන්ද්‍රිකා කිව්වා ‘හරි අපි බලමුකො ඉහළින් දාන්නේ’ කියලා. ඊට පස්සේ කබීර් හෂීම්ව දැම්මා. මම කබීර්ට කතා කරලා ඇහුවා මේ මොන පිස්සුවක් ද කියලා. කබීර් කිව්වා ‘නෑ නෑ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා ඔයා සේරම වැඩ ටික කරගෙන යන්න. මට බලන්න වෙලාවකුත් නෑ, පක්ෂෙ මහලේකම් නිසා මැතිවරණ වැඩ ටික බලන්නත් ඕන’ කියලා.   


එ්ත් ඊට පස්සේ ඇඟිලි ගහන්න පටන් ගත්තා. මම ජනාධිපතිමාට කිව්වා මම ඉල්ලා අස්වෙනවා කියලා. එතුමා කිව්වා ‘නෑ ඔයාට යන්න දෙන්න බෑ ඒත් පොඩ්ඩක් එජාපයට කතා කරන්න’ කියලා. මම කබීර්ට කිව්වා මම කාටවත් කතා කරන්න යන්නේ නෑ කියලා. ඊට පස්සේ එජාපෙ ලොක්කෝ මගෙන් අැහුවා මොකක්ද ප්‍රශ්නෙ කියලා. මම අැහුවා කබීර් ඔයාට කිව්වේ නැද්ද කියලා. ඒත් මොකුත් වුණේ නැහැ. ඔය අතරේ තමයි මහ බැංකුවෙ බැඳුම්කර සිද්ධිය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ. එදා තමයි මම අනිත් පැත්තට ගියේ. 

 

 
ඇමැතිකමේ ඉඳලා කරන්න බැරි දෙයක් දැන් කරන්න පුළුවන්ද?   

දැන් මගේ ඇමති විදියට ඉන්නේ චන්දිම වීරක්කොඩි. මහින්ද සමරසිංහ මට කතා කළා එයත් එක්ක වැඩ කරන්න. මම කිව්වා ෆුල් ටයිම් පර්මනන්ට් ජොබ් එකක් කරන්න බෑ කියලා. මට ඕනෑ දෙයක් කරන්නයි ඕනෑ.   

 


රජිව් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු ගත්තේ නැත්තේ මොකද?   
මෛත්‍රීපාල මහත්තයා ළඟ ඉඳපු සමහරු කිව්වා මම මහින්ද රජපක්ෂගෙ මිනිහෙක් කියලා.   
ඒක සාධාරණයි. ඔබ ‘ක්‍රොස්ඕවර්’ කරලා ගියේ මහින්දගෙ පැත්තට   
මම කාගෙවත් මිනිහෙක් නෙවෙයි. මම පක්ෂෙට වැඩ කළා.   

 


ජනවාරි 8 ‘මූමන්ට්’ එකට ඔබව සම්බන්ධ කරගන්න තරම් ඔබව ඕන වුණු චන්ද්‍රිකා කුමාරතුංග පස්සේ අවුල් වුණේ ඇයි?   
එයාලට මාව ඕන වුණේ මම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කෙළින්ම විවේචනය කරපු චරිතයක් විදියට. යුද්දෙ කරලා දිනපු මනුස්සයට සජින් වාස් ගුණවර්ධනලා වගේ අය කන්ට්‍රෝල් කරන්න බැරි වුණේ ඇයි කියලා මම ඇහුවා. මම දිගටම ලිව්වා. මම පාර්ලිමේන්තුවෙත් යෝජනා ගෙනාවා. චන්ද්‍රිකාල, වසන්ත සේනානායකටත් නරක විදිහයට කතා කරලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන එක්ක එළියට බහින්න අය නැති වෙලාවෙ තමයි වසන්තයි මමයි ආවේ. වසන්තටත් නොසලකා හැරියා. දැන් ජනාධිපතිතුමාට තේරිලා තියෙනවා වසන්ත විදේශ අමාත්‍යාංශයේ වැඩ ටික අදිනවා කියලා. මොකද තිලක් මාරපන වැඩට​ හොරයිනේ. හැබැයි තිලක් දන්නවා තමන් දන්නේ නැති දේවල් මොනවද කියලා. තිලක් වසන්තල ලව්වා වැඩ කරවගන්නවා. වසන්ත දක්ෂ විදියට වැඩ ටික කරනවා.   

 


රජිව්ගෙ ලිබරල් පක්ෂෙට මොකද වුණේ? දැන් එහෙම එකක් තියෙනවාද?   
මම පක්ෂයෙන් අයින් වුණා. පක්ෂෙ කොටසක් යූ.එන්.පී. එකට සහාය දෙන්න ඕනෑ කියන මතයේ හිටියා. මම ඒකට විරුද්ධ වුණා. මම ඉල්ලා අස්වුණා. මම කිව්වා අනිත් අයට එයාලා කැමති දෙයක් කරන්න කියලා. දැන් මොනවා වෙලාද කියලා මම දන්නේ නෑ. අයින් වුණාට පස්සේ මම එ්කට ඇඟිලි ගහන්න යන්නේ නෑ.   


මට ආපහු පක්ෂෙට එන්න කියලා සමහරු කියනවා. ඒත් මම යන්නේ නෑ.   

 


ඇමැතිවරයෙක් විදියට ඉඳපු ඔබ අමාත්‍යාංශයක පොඩි කෑල්ලක වැඩ කරන්න ලැබීම අවුලක් නැද්ද?   
මම කාටවත් යටත් නෑ. පාර්ලිමේන්තුවෙ හිටියෙත් මම එහෙමයි. මට වැඩ කරන්න පුළුවන් තැනක මම වැඩ කරනවා. බැරි තැනක ඉන්නේ නෑ.   

 


ඔබ ළඟින් ඉඳපු ඇමති තමයි මහින්ද සමරසිංහ. ඇමැතිකම වෙනස් වුණාම එයා තමන් ළඟට කතා කළේ නැද්ද?   
එයා වරාය ඇමැතිනේ. මම වරාය ගැන දන්න දෙයක් නෑ. මම දන්නවා මම දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලා. මම නොදන්න දේවල් කරන්න යන්නේ නෑ, මම හොඳටම දන්නවා දැනට මම තරම් අධ්‍යාපනය ගැන වෙන කවුරුත් දන්නේ නෑ මේ රටේ. තාරා ඩි මෙල් ඉන්නවා. ඒත් එයා වැඩ කරන්නේ නෑ.   

 


රනිල් වික්‍රමසිංහ ඔබේ ළඟ ඥාතියා. එයාගේ දේශපාලනය සෙට් වෙන්නේ නැද්ද?   
ඔව්. මගේ ඥාතියෙක් තමයි. ඒත් එ්ක විශේෂ කාරණයක් හෝ සාධකයක් නොවෙයි දේශපාලනය කරද්දී. රනිල්ගෙ තාත්තා මගේ අම්මගෙ අයියා. ජේ.ආර්. ජයවර්ධන 78 වෙනසක් කළා. ඒත් මම 79 ලංකාවට එනකොට තේරුණා ඒ වෙනස ඇතුළෙ අන්තවාදී ගතියක් තියෙනවා කියලා. ඒක ලිබරල් ඉ​ෙකානොමි කියලා කිව්වාට එ්ක හරියට වුණේ නෑ. මම ජේ.ආර්.ගෙ, රනිල්ගෙ යූ.එන්.පීයට කැමති නෑ. ප්‍රේමදාස ඊට වඩා දෙයක් කළා.   

 


ඔබ උදම් අනන්නේ ඔබට වඩා අධ්‍යාපනය ගැන දන්න කෙනෙක් නෑ කියලා. ඔබ මේ රටේ අධ්‍යාපනයට ඒ තරම් දෙයක් කරලා තියෙනවාද?   
මට හිතේ හැටියට අතපය දිග ඇරලා වැඩක් කරන්න ඉඩක් ලැබුණේ නෑ. අවස්ථාවක් ලැබුණු වෙලාවේදී මම මට පුළුවන් වැඩ කොටස කළා. අපේ රටේ කොහොමත් වැඩ කරන්න පුළුවන් මිනිහට වැඩ කරන්න ඉඩක් නෑ.   

 


රජිව් විජේසිංහගේ දේශපාලන අනාගතයට මොකද වෙන්නේ?   
මම කිසිම දෙයක් ඉල්ලගෙන යන්නේ නෑ කාගෙවත් පස්සේ. දැන් මට පක්ෂයක් නැතිනිසා ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්න අවස්ථාවක් නෑ. ජාතික ලයිස්තුවකින් හෝ ඉල්ලීමක් ආවොත් කොන්දේසි පිට තමයි යන්නේ. පාර්ලිමේන්තු ගිහිං පුටු රත් කරන්න කැමති මිනිහෙක් නෙවෙයි මම. මට වැඩක් කරන්න පුළුවන් තැනකින් ආරාධනාවක් ආවොත් සලකා බලමු.



අදහස් (0)

මම මහින්දගෙ මිනිහෙක් කියල මෛත්‍රී මහත්තයා ළඟ හිටි අය මාව කැපුවා

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

කණපිට හැරුණු ප්‍රතිපත්ති
2025 ජනවාරි මස 27 293 0

සෑම ආණ්ඩුවක්ම බලයට ආවේ ඡන්දදායකයන්ට අති විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදෙමිනි. ඡන්දදායකයන් කල්පනා කරන්නේ බලයට එන ආණ්ඩු රටේ ඒ වනවිටත් පවත්වාගෙන යන ක්‍ර


ඉදිරි ගමනෙහි මාවත කාර්ම්කරණයයි
2025 ජනවාරි මස 27 62 0

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රතිඥා දුන්නේ තම පක්ෂයේ නායකත්වය යටතේ “2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ


වාහන ආනයන බදු ගැන විමසුමක්
2025 ජනවාරි මස 27 326 0

එළැඹෙන පෙබරවාරි මස මුල දී වාහන ආනයනයට ඉඩ දෙන බවට කෙරෙන ප්‍රකාශ හේතුවෙන් යළි විවෘත වෙන වාහන වෙළෙඳපොළ පිළිබඳ කතාබහ තීව්‍ර වී ඇති බවක් පෙනේ . එහිදී වාහන මත


තම අසුන මතම අවසන් හුස්ම හෙළු කථානායක
2025 ජනවාරි මස 24 693 0

මෙයින් හරියටම වසර 73කට පෙර 1951 ජනවාරි 23 වැනි දින ලංකා පාර්ලිමේන්තුවේ ලංකා ගුවන් සේවා ඒකාබද්ධ පනත පිළිබඳ විවාදය පැවැත්වෙමින් තිබුණි.


81 අමිර්තලිංගම්ට එරෙහි විශ්වාසභංගය
2025 ජනවාරි මස 24 20 0

ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායකයා වූ එස්. ජේ. වී. චෙල්වනායගම්ගේ මරණයෙන් පසු එම පක්ෂයේ නායකත්වයට පත්වූ ඒ. අමිර්තලිංගම් දෙමළ ඊළම පෙරට දමා 1977 මහ මැතිවරණය ජය ගත්


අනුරගේ අපූරු රස්සාව
2025 ජනවාරි මස 24 384 0

මෙරට ජනගහණයේ අඩු-වැඩිවීම් පිළිබඳව තොරතුරු රැස් කිරීමත්, ඒවා ජනතාවගේ දැන ගැනීම සඳහා නිලවශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සිදු කරනු ලබන්නේ ජන හා සංඛ්‍යාලේඛ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site