(නිමල් අල්ගෙවත්ත)
‘සිල් රෙදි බෙදලා මෙහෙම නම් මහ බැංකුව කොල්ලකාපු අය අවුරුදු 300 ක් වත් හිරේ යැවිය යුතුයි‘ යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසයි.
අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
“අධිකරණය ලබා දුන් තීන්දුවට අපි හිස නමා ආචාරශීලීව අධිකරණයට ගෞරව කරමින් පිළිගන්නවා. කිසිම ආකාරයකින් ඒ සදහා අභියෝගයක් නෑ. ජනාධිපති ලේකම් විදියට සද්භාවයකින් තමයි එතුමා මේ සිල් රෙදි බෙදුවේ. ඒකත් බෙදීමක්.
මහබැංකුව කොල්ලකාලා ගෙදර ගෙනිහිල්ලා ඒකෙන් අරක්කු කොම්පැනි දාලා, පත්තර ගහලා, ඇමතිවරුන්ට ගෙවල් දීලා. ෆුට් නෝට් කල්ලියට වරදාන දීලා, තවත් මාධ්‍ය ආයතන දාපු අයට දෙන්න ඕන රජකාලේ දඩුවම්. නමුත් ඒවා ගැන පැමිණිලි කරන්නේ නෑ. මහබැංකු වංචාව සම්බන්ධයෙනුත් මේ ආකාරයෙන්ම කරුණු කාරණා සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘මහ බැංකු කොල්ලකරුවන්ට වසර 300ක සිර දඬුවමක් ඕනෑ‘
himal Thursday, 07 September 2017 10:45 AM
මෙතන ගැටළුව බෙදුවේ සිල් රෙද්දක්ද නැත්නම් චීත්ත රෙද්දක්ද කියන එක නෙවෙයි. විදුලි සංදේශ නියාමනය සඳහා පමණක් වෙන් කරලා තියෙන අරමුදලකින් දේශපාලකයෙකුගේ වැඩකට වියදම් කරපු එක. ඒක රජයේ මුදල් අවභාවිතයක්. මහ බැංකු සිද්ධිය ගැන මේ තියනවා කියන්නේ සාක්ෂි.තවම වරදක් ඔප්පු වෙලා නෑ. අනික බැඳුම්කර නිකුතුවේ තියෙන්නේ අභ්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ප්‍රශ්නයක්.
maheeFriday, 08 September 2017 02:13 AM
අපුරුයි, ඔබේ සටහන් ආණ්ඩුවේ ලොක්කෙක් දැක්කොත් නිසැකවම ඔබව ආණ්ඩුවේ උපදේශකයෙක් කරගන්නවා. දැනටත් එහෙම අය ඉන්නවා. ඒත් මේ වගේ තර්ක ගෙන්න ඒ අය දක්ෂ නැහැ.
nimmi Thursday, 07 September 2017 12:38 PM
පිස්සුද මන්ත්‍රී තුමා එහෙම එකක් මේ රටේ වී නැ දැන් යහපාලානේ තියෙන්නේ.
Chanak Los angeles Thursday, 07 September 2017 06:35 PM
උගත් මන්ත්‍රීතුමනි, ඔය සද්භාවයෙන් සිල් රෙදි බෙදුවේ ඔවුන්ගේ පූද්ගලික සල්ලි වලින්ද ? රජයේ ආයතනයක සල්ලි වලින්ද?
nilmini Friday, 08 September 2017 03:00 AM
තාත්තගේ නම නිසා කවුන්සිලේට යන්තම් ගිය අය දැන් දොඩවනවා. තාත්තා කරපු දේ ඇරෙන්න මෙයා කරපු කිසිම දෙයක් නෑ.