IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


​මේ ආණ්ඩූව කබරගොයා තලගොයා කරගන්නවා

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා  

  • අපි පෝට් සිටියට විරුද්ධ නෑ. අපි විරුද්ධ වුණේ පනත් කෙටුම්පතේ තිබූ ව්‍යවස්ථාවට පටහැනි වගන්ති වලටයි.   

 

පෝට්සිටි පනත සම්බන්ධයෙන් අප රටේම අවධානය යොමු වී තිබේ. මේ ඒ ගැන සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමග කළ සාකච්ඡාවකි.

   
ප්‍රශ්නය - පෝට්සිටි පනතට එරෙහිව දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ඔබේ මතය. 

 
පිළිතුර - අපි මේ පනතේ තිබූ ව්‍යවස්ථාවට පටහැනි කාරණා බොහොමයක් ආණ්ඩුවට මුලින්ම පෙන්වලා දුන්නා. අපේ නීතිඥවරුන් අනෙක් පෙත්සම්කරුවන් 17 දෙනා සමග දැඩි ලෙස මේකේ වැරැදි අගවිනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු මඩුල්ලට පැහැදිලි කළා. ඒ පැහැදිලි කිරීම හරහා අපට හැකියාවක් ලැබුණා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ ජයග්‍රහණය ලබාගන්න.   


ප්‍රශ්නය - මෙතැනින් එහාට වරාය නගරයේ අනාගතය කුමක් වෙයිද?   


පිළිතුර - අපි දිගටම එකම ප්‍රතිපත්තියෙ හිටියේ. ඒ තමයි පෝට්සිටි කියන ව්‍යාපෘතියට අපි අකුල් හෙලන්නේ නෑ. අපි විශ්වාස කරනවා ඒ ව්‍යාපෘතිය සාර්ථක වෙන්න ඕනෑ කියලා. ඒ හරහා අපේ දැනුම මත පදනම්වෙච්ච ලෝකයට එකතු වෙච්ච ඉහළ වැටුප් ලබන සේවා ආර්ථිකයක් හදාගන්න පුළුවන්. අපි විරුද්ධ වුණේ මේ පනත් කෙටුම්පතේ තියෙන ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි අපේ රටේ ජනතාව අගතියට පත්කරන අභූත යෝජනාවලටයි. අපට යම්කිසි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවෙලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට මේක පෙන්වාදීම හරහා. නමුත් තව මේකේ කාරණා කිහිපයක් තියෙනවා.   


ප්‍රශ්නය - මේ පනත් කෙටුම්පතට සමගි ජන බලවේගය හැටියට ඔබලා සංශෝධන ඉදිරිපත් කරනවද?   


පිළිතුර - අපි අපේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ සංශෝධන ආණ්ඩුව පිළිගත්තොත් අපට පුළුවන් මේක ඉදිරියට අරගෙන යන්න. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා තමයි පහුගිය බදාදා පෝට්සිටි පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය ආරම්භ කළේ. අගමැතිතුමා එතැනදී අපේ සහයෝගය ඉල්ලා සිටියා.   


ප්‍රශ්නය - ඒ සහයෝගය දෙන්න සූදානම්ද?   


පිළිතුර - මම තමයි විපක්ෂයෙ ප්‍රධාන කතාව කළේ. මම කිව්වා අපේ සහයෝගය ලබා දෙන්න සූදානම්. හැබැයි අපි ඉදිරිපත් කරන ජනතාවාදී සංශෝධන බාරගන්න. ඒවා බාරගත්තොත් සහයෝගය දෙන්න අපට ගැටලුවක් නෑ කියලා. අනිත් එක තමයි කෝ මන්ත්‍රීවරු? අතිබහුතරයක් මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම අපි ඉදිරිපත් කරපු සංශෝධනවලට එකඟයි. ඒවාට ආණ්ඩුවේ නිල එකඟත්වය ලබාදෙන්න කියලයි මම කිව්වේ?   


ප්‍රශ්නය -  ඇමැති ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවේදී කිව්වා. මේ පනත් කෙටුම්පත සම්මත කරගැනීම සඳහා තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවට වැරැදි මතයක් හදලා කියලා. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද?   


පිළිතුර - ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය කියලා තියෙනවා වගන්ති 24 ක් ඔය තියෙන විදියට සම්මත කරන්න නම් තුනෙන් දෙකක බලය අවශ්‍යයි කියලා. ඊට අමතරව ඒ 24 න් 8 ක් සම්මත කරගන්න නම් තුනෙන් දෙකත් මදි. ජනමත විචාරණයකට යායුතුයි කියලා. උදාහරණයක් විදියට මම කියන්නම් එක අපබ්‍රංස වගන්තියක් තමයි ප්‍රජා නීති හදන්න කොමිසමට බලය දීම. ඒ කියන්නේ වරාය නගරය ඇතුළේ කොයි විදියටද හැසිරෙන්න ඕනෑ මොනවද ඒ රීති කියලා. අපේ රටේ මිනිස්සු ආගම දහම සමගයි ජීවත්වෙන්නේ. බෞද්ධයෝ පන්සල් යනවා. සිල් ගන්නවා. කතෝලික ජනයා පල්ලි යනවා. මුස්ලිම් ජනයා මුස්ලිම් පල්ලියට යනවා. හින්දු අය කෝවිලට යනවා. සාම්ප්‍රදායික ආගම් අදහන සම්ප්‍රදායක් තියෙනවා. ඒ සංස්කෘතියත් එක්ක අපි ජීවත් වෙනවා. එතකොට මේ පනත් කෙටුම්පතේ තියෙනවා අර කොමිසමට පුළුවන් ඒ භූමිය තුළ ඒක තීරණය කරන්න කියලා. අපි කිව්වා එහෙම කරන්න බෑ. කොමිසම කොහොමද ඒක තීරණය කරන්නේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයත් අපේ විරෝධය පිළිගත්තා. එහෙම කරන්න නම් තුනෙන් දෙකක ඡන්දයක් අරන් ජනමත විචාරණයකටත් යන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා.   


ප්‍රශ්නය - ඇමැති ජී.එල්. පීරිස් අපේ රටේ නීතිය සම්බන්ධ ප්‍රමාණාත්මක උගතෙක්.   


පිළිතුර - ඒකනේ ඇත්තටම ජී.එල්. පීරිස් ඇමතිතුමා වගේ කෙනෙක් එහෙම කීම ගැන කනගාටු වෙනවා. පනත් කෙටුම්පතේ තියෙනවා සංචරණ සීමාවන්. මේ වරාය නගරයට ඇතුල් වෙන්නනම් ශ්‍රී ලංකා පුරවැසියකුට ඒ වරාය නගරයේ අධිකාරියෙන් අනුමැතිය ලබාගත යුතුයි කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා එහෙම කරන්න බෑ. එහෙම කරන්න ඕනෑ නම් තුනෙන් දෙකක ඡන්දයක් අරගෙන ජනමත විචාරණයෙනුත් ජයගන්න ඕනෑ කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඔය කරුණු 24 ටම කිව්වේ මේවා වෙනස් කරගත්තොත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන විදියට සංශෝධනය කළොත් සරල බහුතරයෙන් සම්මත කරගන්න පුළුවන් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙහි තියෙන්නේ එහෙම තමයි.   


ප්‍රශ්නය - තරඟකාරී වෙළඳපොළක් සහිත මේ වගේ විශේෂ ව්‍යාපෘතිවලට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි කියලා ආණ්ඩුව කියනවා. විපක්ෂය කරන්නේ ඒකට බාධාවක්?   


පිළිතුර - ඇත්ත තත්ත්වය අපි බාධා කරන්නේ නැහැ. අපි එකම ප්‍රතිපත්තියක දිගටම හිටියේ. අපි හැමදාම කිව්වේ ලංකාව ලෝකයට එකතු කරන්න ඕනෑ කියලා. අපි සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගේන්න හදනකොට ඒකට අකුල් හෙළුවේ අද ආණ්ඩුවේ ඉන්න එදා විපක්ෂයේ හිටපු කට්ටිය. ඒ අය කිව්වේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම අත්සන් කරන්න එපා මේක අත්සන් කළොත් සිංගප්පූරු ජාතිකයන් මෙහෙට ඇවිත් රස්සා කරයි කියලා. ඉන්දියාවත් එක්ක ගිවිසුම් අත්සන් කරන්න එපා. ඉන්දියන් කට්ටිය ඇවිත් මෙහෙ රස්සා කරයි කියලා. අද ගෙනල්ලා තියෙන පනත් කෙටුම්පතට අනුව සීමාවක් නැතිව මේ ලෝකයේ ඕනෑම කෙනෙකුට මෙම වරාය ව්‍යාපෘතිය ඇතුළේ වැඩ කරන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි එක දවසකට එකක්. තව දවසකට තව එකක් කියන්නේ. කබරගොයා තලගොයා කරගන්නේ මේ ආණ්ඩුවයි. හැබැයි අපි එකම තැනමයි. එක ප්‍රතිපත්තියයි. අපි හැමදාමත් කිව්වේ ලෝකයත් එක්ක සම්බන්ධ වෙලා අපි මේ ගමන යන්න ඕනෑ කියලා. 

 
ප්‍රශ්නය - ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තීරණය කරලා තියෙනවා රැකියා ලබාදීමේදී ශ්‍රී ලාංකිකයන්ට ප්‍රමුඛතාවය දිය යුතුයි කියලා.   


පිළිතුර - ඕක විහිළුවක්නේ. මම අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට කිව්වා. ඔබතුමා ඕක මේ සභාගැබේ කියලා හරියන්නේ නෑ. සංශෝධනයක් හැටියට පනතට ඇතුල් කරන්න කියලා. පාර්ලිමේන්තුව ඇතුළේ නොයෙකුත් දෙනා නොයෙකුත් දේ කියනවා. හැබැයි එහෙම කියපු පලියට ඒක නීතියක් වෙන්නේ නැහැ. ඒක නීතියක් වෙන්න නම් රෙගුලාසියක් හැටියට ගෙනල්ලා ඒක සම්මත කරගන්න ඕනෑ. ඔය දේශපාලන වේදිකාවල කියන ඒවා නීතිය වෙන්නේ නෑ. සංශෝධනයක් ගෙනාවොත් අපට හිතන්න පුළුවන් සද්භාවයෙන් තමයි මේක ගෙනාවේ කියලා. එහෙම නැත්නම් ඕක පාර්ලිමේන්තුවේ කියපු වැදගැම්මක් නැති කතාවක් හැටියට තමයි අපට සලකන්න වෙන්නේ.   


ප්‍රශ්නය -  මේවගේ ව්‍යාපෘති හරහා රටේ ආර්ථිකය ශක්තිමත් වෙලා රට දියුණු වෙනවට බයේ තමයි විපක්ෂය මෙහෙම කියන්නේ කියලා ආණ්ඩුව කියනවා.   

පිළිතුර - අපි නොවෙයි බයට කතා කරන්නේ. අපි දිගින් දිගටම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් පෙනී හිටියේ. ඉතින් එහෙම නම් කොහොමද අපි අකුල් හෙලනවා කියන්නේ. මූලික කාරණා 8 ක් වෙනුවෙන් තමයි අපි සංශෝධන ඉදිරිපත් කළේ.   


ප්‍රශ්නය - ඔබලා මොනවාද ඉදිරිපත් කරපු සංශෝධන?   


පිළිතුර - මම බොහොම කෙටියෙන් කියන්නම්. පළමු වැනි එක තමයි මේක රජයේ සංස්ථාවක් හැටියට තියෙන්න ඕනෑ. මේකට තියෙනවා අරමුදලක් රුපියල් මිලියන හාරසියයක. මේ අරමුදලෙන් යම්කිසි කොටසක් රජය අනුග්‍රය දක්වන්න ඕනෑ. එතකොට මේක රජයේ සංස්ථාවක් බවට පත්විය යුතුයි. එතකොට තමයි මේක අපේ වෙන්නේ. නැත්නම් මේක පෞද්ගලික ආයතනයක් හැටියටයි තියෙන්නේ. ඊළඟට මේ කොමිසමට පත්කරන නිලධාරීන්ගෙන් බහුතරය රජයෙ නිලධාරීන් විය යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරය අද පත්කරන අය හොඳයි කියලා අපි පළමුව පිළිගමු. නමුත් තව අවුරුදු 20 කින් 40 කින් 50 කින් කවුද එන ජනාධිපති කියලා අපි දන්නේ නෑ. ඒ ජනාධිපතිවරය චීන්නු හත්දෙනෙක් හරි ඇමෙරිකන් හත්දෙනෙකු හරි පත්කළොත් එහෙමත් නැත්නම් ඉන්දියන් ජාතිකයන් හත්දෙනකු පත් කළොත් ඒක එදාට කිසි ලෙසකින් හෝ නවත්වන්න බෑ. මේ විදියට එක පුද්ගලයෙක් වටා නීතියක් හදන්න බෑ.  


ප්‍රශ්නය - මහ බැංකුව හරහා මෙහි නියාමනය විය යුතු බවටත් ඔබලා කිව්වා?  


පිළිතුර - ඔව්. ඒ සංශෝධනය අපි ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒක පිළිගත්තා. ඒවගේම පාර්ලිමේන්තුවේ බලයට මේක යටත් කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බලය අබිබවා ගිහින් කොමිසමට මේකේ බලය දීලා තිබුණේ. ශ්‍රේෂ්ඨාධිකරණය ඒක පිළිඅරගෙන තියෙනවා. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන්ට මේකේ අවස්ථාව දිය යුතුයි. දේශීය ව්‍යාපාරිකයකු අපනයනය කරලා විදේශ විනිමයක් හොයාගෙන තියෙනවා නම් ඒ හොයාගෙන තියෙන මුදලින් ව්‍යාපාරයක් කරන්න දැනට තියෙන නීතියට අනුව තහනම්. ඒ තහනම ඉවත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊළඟට මේකේ තවත් දෙයක් තමයි ඇතුළේ ව්‍යාපාර කරන පුද්ගලයන්ට සියලු බදුසහන භුක්ති විඳින ගමන් ලංකාවේ වෙන තැනකට ගිහින් තවත් කෙනෙකු සමග ඒකාබද්ධ ව්‍යාපාරයක් පටන්ගන්න පුළුවන්. එහෙම කළාම ඒ ප්‍රදේශයේ ව්‍යාපාර කරන දේශීය ව්‍යාපාරිකයාට කන පැලෙන්න වදිනවා. මොකද එයාට තරඟ කරන්න ශක්තිය නැති නිසා. ඉතින් ඒවා අයින් කරන්න කියලා අපි කිව්වා. මේ වගේ දේවල් තමයි අපේ සංශෝධන හරහා අපි ඉල්ලන්නේ.  


ප්‍රශ්නය -  සංශෝධනවලට රජය එකඟ නම් ඔබලාගේ සහයෝගය ලබා දෙනවා?  


පිළිතුර - අනිවාර්යයෙන්ම ඔව්. හැබැයි සංශෝධන නැතිව අපි විශ්වාස කරන්නේ නැහැ ඔය බලාපොරොත්තු වන සංවර්ධන ඉලක්කවලට යන්න පුළුවන් කියලා.  


ප්‍රශ්නය -  යුද සැමරුම් දිනයේ දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන් කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට ආවා. ඔබ එය අනුමත කරනවද?  


පිළිතුර - ඒ සම්බන්ධයෙන් මගේ කිසිම ප්‍රතිචාරයක් නැහැ.  


ප්‍රශ්නය - එහෙම බෑ. ඔබත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්.  


පිළිතුර - ඒ අය කළු ඇඳගෙන එනවා අපිත් දැක්කා. ඒගොල්ලන් කියන්නේ මැරුණු සියලු සිවිල් ජනතාවත් සමරන්න ඕනෑ කියලා. ඒ සම්බන්ධයෙන් මම මේ වෙලාවේ පැටලෙන්න යන්නේ නෑ.  


ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාවත් ඒ ගැන කතා කරනවා අපි දැක්කේ නෑ?  


පිළිතුර - ක්‍රියාකාරකමෙන් ක්‍රියාකාරකමට ප්‍රතිචාර දක්වන්න අපට ක්‍රමයක් නෑ. අපි සමස්තයත් සමගයි ඉන්නේ. 

 

සාකච්ඡා කළේ  
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්  



අදහස් (0)

​මේ ආණ්ඩූව කබරගොයා තලගොයා කරගන්නවා

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

විජේවීර යාපනයේ දේශපාලනය ගොඩනැගූ හැටි
2025 පෙබරවාරි මස 05 11 0

1977 නොවැම්බරයේ දී ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් සමග - රෝහණ විජේවීර හිරෙන් නිදහස් විය.


“නිදහස් සටන මුවහත් කළ කවි අසිපත් ”
2025 පෙබරවාරි මස 05 7 0

නව නිදහස් සටනක ආරම්භය මෙසේ පබැඳුමෙන් ලියවෙද්දී නව දේශපාලන පරිච්ඡේදයත් සමඟ නව රජයක්, නව පාලනයක් යටතේ 77 වන නිදහස් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 0


නිදහස් සටනේ ගමන් මග
2025 පෙබරවාරි මස 05 8 0

1505 වර්ෂයේදී පෘතුගීසින්ටද, 1658 ලන්දේසි පාලනයට නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදු විය.


ශ්‍රී ලංකාවේ පළමු නිර්පාර්ෂික ජනාධිපති
2025 පෙබරවාරි මස 05 15 0

ශ්‍රී මත් ඔලිවර් ගුණතිලකයන්ගෙන් පසුව මෙරට නව ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් විලියම් ගොපල්ලව උතුමාණන්ගේ පදවි ප්‍රාප්ති උළෙල බුද්ධභාෂිත පාලි බසින් එදා ද


කණපිට හැරුණු ප්‍රතිපත්ති
2025 ජනවාරි මස 27 311 0

සෑම ආණ්ඩුවක්ම බලයට ආවේ ඡන්දදායකයන්ට අති විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදෙමිනි. ඡන්දදායකයන් කල්පනා කරන්නේ බලයට එන ආණ්ඩු රටේ ඒ වනවිටත් පවත්වාගෙන යන ක්‍ර


ඉදිරි ගමනෙහි මාවත කාර්ම්කරණයයි
2025 ජනවාරි මස 27 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රතිඥා දුන්නේ තම පක්ෂයේ නායකත්වය යටතේ “2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site