IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මේ වැඩ පිළිවෙල නම් ඉතාම අසාර්ථකයි

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්

  • රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමේදී ඉතා දුර්වල තැනක ආණ්ඩුව ඉන්නේ

රටේ අලුත් තත්ත්වය සම්බන්ධයෙන් හා සමගි ජන බලවේගය සම්බන්ධයෙන් පැතිර යන විවිධ කතා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමග කළ සාකච්ඡාවකි.


ප්‍රශ්නය- ඔබේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?


පිළිතුර- සෞඛ්‍ය තත්ත්වයනම් ඉතාම හොදයි. මම දැන් නිවෙසේ ඉන්නේ.


ප්‍රශ්නය-  ඔබ ​කොවිඩ් එන්නත ලබා ගත්තේ නැද්ද?


පිළිතුර- ඇත්තටම මම ගත්තේ නෑ. මොකද මෙතැන ප්‍රමුඛතාව දියයුතු පිරිස් ඉන්නවා. සෞඛ්‍ය අංශවල පිරිස්, පොලිසිය හා ආරක්ෂක අංශ, රාජ්‍ය පරිපාලන නිලධාරීන්, ග්‍රාම සේවකවරුන්, සමෘද්ධි නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් වගේ පිරිස් ඉන්න නිසා අපි කල්පනා කළා අපි ටිකක් පස්සට වෙලා ඒ අයට ප්‍රමුඛතාවය දෙමු කියලා.


ප්‍රශ්නය- මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර කියලා තිබුණා ආණ්ඩුවේ කොවිඩ් මර්දන මෙහෙයුම අසාර්ථකයි. වහා ඉල්ලා අස්වෙන්න කියලා. ඔබත් එහෙම හිතනවාද?


පිළිතුර- මමත් කියන්නේ මේ වැඩපිළිවෙලනම් ඉතාම අසාර්ථකයි. ඒක මම හිතන්නේ නෑ මොළේ තියෙන කිසිම කෙනෙක් කියයි කියලා සාර්ථකයි කියලා. ඇස් පනාපිටම පේන්න තියෙනවා ආණ්ඩුවට කිසිම දෙයක් කරගන්න බැරිව රාජ්‍ය යන්ත්‍රණය මෙහෙයවීමේදී. ඉතාම දුර්වල තැනක ආණ්ඩුව ඉන්නේ. මෙතැන දේශපාලන නායකත්වයන් ඇත්තෙම නැති තරම්. කොවිඩ් මර්දන මෙහෙයුමේදී විතරක් නොවෙයි, ආර්ථික පැත්ත ඇතුළු හැම ක්ෂේත්‍රයක්ම බරපතල විදියට කඩා වැටීමකට ලක් වෙලා තියෙන්නේ.


ප්‍රශ්නය- එහෙම තිබියදීත් ඇයි විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසට පක්‍ෂපාතීත්වය පළ කරලා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගත්තේ?


පිළිතුර- පහුගිය දවස්වල විශේෂයෙන්ම ආණ්ඩුවේ තියෙන අර්බුදයත් එක්කම නොයෙකුත් ආකාරයේ අසත්‍ය ප්‍රචාර වෙබ් අඩවිවල පල වුණා. සමගි ජන බලවේගය ඇතුළේ ගැටුමක් තියෙනවා කියලා ඒක නිසා එහෙම දෙයක් නෑ කියලා පාක්‍ෂිකයන් තුළ විශ්වාසය තහවුරු කරන්න තමයි එවැනි යෝජනාවක් ගෙනාවේ.


ප්‍රශ්නය-  විපක්‍ෂ නායක සජිත්ගේ නායකත්වය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නේද?


පිළිතුර- එහෙම ගැටලුවක් මතු වෙලානම් නැහැ කණ්ඩායම් රැස්වීමකදීවත් අපේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදීවත් එහෙම නැත්නම් අපේ පක්ෂ නායක හමුවකදීවත් එහෙම ප්‍රශ්නයක් කවුරුවත් මතු කරලා නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමා දවසෙන් දවස තමන්ගේ අත්දැකීම් උපයෝගී කරගෙන ඉදිරියට යන බව තමයි අපට හැම පැත්තෙන්ම අහන්න තියෙන්නේ.


ප්‍රශ්නය-  සජිත් සාමූහිකව තීණ්දු තීරණ ගන්නේ නෑ. අත්තනෝමතික විදියටයි තීන්දු ගන්නේ කියලා සජබය තුළින්ම විරෝධයක් මතු වුණා.


පිළිතුර- අපේ පැත්තෙන් බලනකොට නම් එවැනි දෙයක් වාර්තා වෙන්නේ නෑ. එහෙම සාකච්ඡාවක් අපේ පක්ෂය තුළ නෑ. පොදුවේ අපට පේන දේ තමයි එතුමා හැම තිස්සේම මන්ත්‍රී කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සමග වගේම පක්ෂයේ ඉන්න ජ්‍යෙෂ්ඨ නායකයන් සමග සාකච්ඡා කරල තමයි තීන්දු තීරණ ගන්න බව අපට පේන්නේ. ඔය කියන දේවල් අපටත් ප්‍රහේළිකාවක්. අපි නොදන්න දේවල් පවා මාධ්‍යවල පළ වුණාම අපිත් බලනවා කොහොමද මේවා පළ වෙන්නේ කියලා. විපක්ෂයේ ඉන්නකොට ආණ්ඩු පක්ෂයෙන් ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් වගේම මාධ්‍ය පක්ෂය අඩපණ කිරීම සඳහා යම් යම් මෙහෙයුම් දියත් කරනවා. ඒ වගේ මෙහෙයුමක් තමයි මේකත්.


ප්‍රශ්නය- මේ ප්‍රශ්නය මුලින්ම එළියට එන්නේ සජිත්ගෙන්මයි. මගේ කකුලෙන් අදින්න එන්න එපා කියලා සජිත් කිව්වා. ඒ තරවටුව කවුරු ඉලක්ක කරගෙනද?


පිළිතුර- පක්ෂය ඇතුළේ ඉන්න අය ඉලක්ක කරගෙන කරපු ප්‍රකාශයක් නොවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මටත් එතුමාගෙන් ඍජුවම මේ ගැන අහන්න බැරිවුණා. අපේ පක්ෂයේ ඉන්න අපේ සන්ධානයේ ඉන්න කාවවත් ඉලක්ක කරගෙන කළා කියලා මටනම් හිතෙන්නේ නෑ.


ප්‍රශ්නය-  මාව නටවන්න එන්නත් එපා. මම නැටවෙන්නෙත් නෑ කියලා සජිත් කිව්වා. ඔබ හිතන්නේ මේවා නිකම් කියන කතා කියලද?


පිළිතුර- මෙහෙමයි. නායකයෝ වුණාම විවිධ ප්‍රකාශ කරනවනේ. ඒක සාමාන්‍ය දෙයක්. ඔබ කියපු ප්‍රකාශය දිහා බලලා ඒ උඩ සියල්ලම තීන්දු කරන්න බෑ. එතුමා ජනාධිපතිවරණයේදී විශාල ඡන්ද ප්‍රමාණයක් ගත්ත නායකයෙක්. ඊළඟට රටේ නායකත්වය ගන්න වැඩ කරගෙන යන කෙනෙක්. ඒ නිසා එතුමාට නොයෙක් ආකාරයේ පීඩන එන්න පුළුවන්. ඒ නිසා එතුමා යම් යම් තැන්වල කරන එක ප්‍රකාශයක් හැමදේම වලංගු වෙන්නේ නෑ කියලයි මම නම් හිතන්නේ.


ප්‍රශ්නය-  පහුගිය නිදහස් සැමරුම් උළෙලට සහභාගි වෙන්නේ නෑ කියල සමගි ජන බලවේගය නිල තීණ්දුවක් අරගෙන තිබියදී සජිත් නිදහස් සැමරුම් උළෙලට සහභාගි වුණා.


පිළිතුර- ඒකෙදි කෘත්‍යාධිකාරී මණ්ඩලයෙදි මට මතක හැටියට එතුමාට බලය පැවරුවා කැමැති තීන්දුවක් ගන්න කියලා. ඒ ගැන සාකච්ඡාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙ වුණා. එතැනදි විවිධ මත පළවුණා. නමුත් අවසානයේ තීන්දුවක් ගත්තා එතුමාට තීන්දුවක් ගන්න කියලා. රටේ තියෙන තත්ත්වයත්, නිදහස් උත්සවයත් ගැන හිතලා සුදුසු තීරණයක් ගන්න කියලා එතුමාට බාර කළා.


ප්‍රශ්නය-  සමගි ජන බලවේගය තුළ මේ අර්බුදය මතුවෙලා තියෙන්නේ 2024 ජනාධිපති අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන්?


පිළිතුර- එහෙම වෙන අපේක්ෂකයෙක් ඉන්නවද මේ වෙලාවේ. සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇරුණාම එහෙම තරග කරන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් ඉන්නවද? මට නම් එහෙම කිසි කෙනෙක් පේන්න නෑ.


ප්‍රශ්නය-  42 සේනාංකය හදාගෙන මන්ත්‍රී චම්පික රණවක වෙනම ගමනක් යනවා.


පිළිතුර- චම්පික රණවක මැතිතුමාටත් යම් දේශපාලන අදහසක් තියෙන්න පුළුවන්. එක එක්කෙනාට එක එක බලාපොරොත්තු තියෙනවනේ. අපට ඒ බලාපොරොත්තු නැති කරන්න බෑනේ. ඒක වරදකුත් නොවෙයි. හැබැයි මම හිතන්නේ නෑ ඒක සජිත් ප්‍රේමදාස මැතිතුමාට අභියෝගයක් වෙයි කියලා. එතුමා කරගෙන යන වැඩපිළිවෙල ගැන අපට අවුලකුත් නෑ. ඒක හොඳයි. මොකද එතුමා යම් සමාජ බලවේගයත් නියෝජනය කරන කෙනෙක්. ඒ නිසා එතුමාවත් අපේ ඉදිරි කටයුතුවලදී පෙරමුණ ගත යුතු නායකයෙක්. මම හිතන්නේ නෑ එතුමා මේ වෙලාවේ එහෙම දෙයක් කරයි කියලා. එහෙම ගැටලුවක් නෑ.


ප්‍රශ්නය- කෝ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු? කිසි ශබ්දයක් නෑ?


පිළිතුර- එතුමා වෛද්‍ය උපදෙස් මත ‘‘රෙස්ට්’’ කරනවා. එතුමා මේ වෙලාවේ ඉන්නේ එහෙමයි. සති කිහිපයක් විවේකීව ඉන්න කියලා එතුමාට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙනවා.


ප්‍රශ්නය-  එජාප නායක රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට එන බව තහවුරු වෙලා තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ?


පිළිතුර- එක්සත් ජාතික පක්‍ෂය තීන්දු කරලා තියෙනවා එතුමාව පාර්ලිමේන්තුවට එවන්න. අපට කියන්න තියෙන්නේ එතුමා පාර්ලිමේන්තුවට ආවත් විපක්‍ෂයේ අපි මේ කරගෙන යන කාර්යභාරය හා විශේෂයෙන්ම මේ ආණ්ඩුව රට වට්ටලා තියෙන තැනින් ගොඩ ගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා කරගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දීලා විපක්ෂයෙ ක්‍රියාදාමය ශක්තිමත් කරන්න කියලා තමයි අපි එතුමාට කියන්නේ.


ප්‍රශ්නය-  රනිල් වික්‍රමසිංහ සමග එකතුවිය යුතුයි කියලා මතයක් සමගි ජන බලවේගය තුළ මතුවෙලා?


පිළිතුර- ඔබතුමා කියන විදියට එක එක මත තියෙනවා. එක්සත් ජාතික පක්‍ෂයත් මේ සන්ධානය එකතු කරගෙන යන්න ඕනෑ කියන මතය දරණ අයත් ඉන්නවා. ඊට විරුද්ධව අදහස් දරණ අයත් ඉන්නවා. තව ඒ වගේ අදහස් කීපයක් තියෙනවා. හැමදේම කාලයා විසින් විසඳාවි. හෙට අනිද්දා ආණ්ඩුව වෙනස් කරන ජාතික ඡන්දයක් නෑනේ. ඒ තත්ත්වයට එනකොට ඒ තියෙන පරිසරයත් සමග සියලු දෙනාට එක පෙරමුණකට එන්න වෙයි. එහෙම ඇවිත් නම් ආණ්ඩුව එළවීම සඳහා සියලු බලවේග එකතු කරගෙන යන තත්ත්වයක් ඉදිරියේදී ඇති වෙයි. එතැනදී අපට ගැටලුවක් නෑ. සමගි ජන බලවේගය හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ඒ සියලු බලවේග එකතු කරගන්න අපි ලෑස්තියි.


ප්‍රශ්නය- සියලු බලවේග එකතුවීම කෙසේ වෙතත් සජිත් අත හැරලා රනිල් සමග එකතු වෙන්න පිරිසක් ඉන්නවා කියලයි ආරංචි වෙන්නේ?


පිළිතුර- මමත් දැක්කා ඔය කතාව. මම දැනුවත්වනම් එහෙම එකක් නෑ. එහෙම එකක් තියෙනවා නම් අපිටත් යම් යම් තොරතුරු එන්න එපැයි. නමුත් මගේ දැනුවත් බව තුළ නම් එහෙම යන්න කෙනෙක් ඉන්නවා කියලා දන්නේ නෑ. මේවා යන්නේ ප්ලාන්ට් කරපු ප්‍රවෘත්ති හැටියටයි. ආණ්ඩුව වැටිලා තියෙන අර්බුදය නිසා මේ වගේ මඩ ප්‍රහාරවලින් තමයි ඉදිරියට යන්න හදන්නේ.

 

 

සාකච්ඡා කළේ
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්



අදහස් (0)

මේ වැඩ පිළිවෙල නම් ඉතාම අසාර්ථකයි

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 22 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 43 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


රට තවම අයි.එම්.එෆ් මාර්ගයේ අතරමැද
2025 මාර්තු මස 10 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 334 ක මුදලක


විදෙස් ආධාර නැත ඉල්ලන්නත් එපා අමෙරිකානු කසකාරයා පසුපස බ්‍රිතාන්‍යය හා යුරෝපයත්
2025 මාර්තු මස 03 502 0

ආධාර ලැබෙන තෙක් පොහොසත් රටවල් දෙස බලා සිටි යුගය අවසන් වේද? ධනවත් රටවල සේප්පු අගුළු වැටෙමින් පවතීද? දැනට අමෙරිකාව නිවේදනය කර ඇති විදෙස් ආධාර අත්හිටුවීම


ජාතික ආරක්ෂාව යනු කුමක්ද?
2025 මාර්තු මස 03 109 0

රට තුළ පසුගිය මාස කීපය තුළදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සිදුවීම් වැල, රටේ ජාතික ආරක්ෂාවක් පවතින්නේ ද යන්න පිළිබඳව කතිකාවක් නිර්මාණය කළේය. පසුගිය මාස දෙකක කාල


මාලිමා ආණ්ඩුවත් අසමත්ද?
2025 මාර්තු මස 03 271 0

ආණ්ඩුව පත්වී මාස පහක් ගෙවී යද්දී ගෙන ආ අයවැය ආණ්ඩුවේ ගමන්මග හා ප්‍රතිපත්ති ගැන යළිත් කතිකාවක් ආරම්භ කරන්නට හේතුවක් වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 262 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 203 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site