(ජුඩ් සමන්ත)
අපේ රටට අවශ්‍ය වන්නේ තවත් හිට්ලර් කෙනෙත්වත්, ප්‍රභාකරන් කෙනෙක්වත්,මුසලෝනි කෙනෙක් වත් නොව ලී ක්වාන් යූ වැනි සෘජු තීරණ ගන්නා නායකයෙකු යැයි වාරි මාර්ග,ජල කළමණාකරන හා ආපදා කළමණාකරන රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පැවසීය.
බත්තුළුඔය සිටඋඩප්පුව හරහා ආඩිමුනේ දක්වා ඇති මාර්ගයේ මෝය කට අසල පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය.
මෙම පාලම ඉදිකිරීම සදහා රජය රුපියල් ලක්ෂ 4140 ක මුදලක් වෙන් කර ඇත.
වැසි කාලයේදී උඩප්පුව මෝය තුළින් වැඩි ජලය මුහුදට ගලා නොයාම හේතුවෙන් පසුගිය කාලය පුරා ගැටළු ඇති විය.උඩප්පුව මෝය කපා නොදැමීමෙන් බත්තුළුඔය,පුලිච්චාකුලම,මුන්දලම ආදී ප්‍රදේශ ජලයෙන් යට වන අතර,මෝය කපා දැමූ විට බත්තුළුඔය සිට උඩප්පුව හරහා ආඩිමුනේ දක්වා ගමන් කිරීමට නොහැකි වනු ඇත.
ඊට පිලියමක් ලෙස නව පාලම ඉදි කෙරේ.
මෙහිදී තව දුරටත් කථා කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද කියා සිටියේය. වත්මන් ජනාධිපතිවරයා පසුගිය දිනක මහනුවරදී දැඩි ප්‍රකාශයක් කරමින් මත්කුඩු ජාවාරම් නිරතව සිට දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින අයට එම දඩුවම ක්‍රියාත්මක කිරීමට තමන් සුදානම් බල ප්‍රකාශ කළා.
එය ඉතාමත්ම හොද තීරණයක්.මත් කුඩු ජාවාරම්කරුවන්ට පමණක් නොව සංවිධානාත්මක අපරාධකරුවන්ට සහ නීති විරෝධී ගිනි අවි භාවිතා කරමින් ජන ජීවිතය අවුල් කරන අපරාධකරුවන්ටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ යුතු බවට මම යෝජනා කරනවා.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි,ශාන්ත සිසිර අබේසේකර,හිටපු නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්ටනි බියන්විල,පුත්තලම දිසා ලේකම් එන්.එච්.චිත්‍රානන්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘ලීක්වාන් යූ වැනි නායකයෙකු ලංකාවට අවශ්‍යයයි‘-රංගේ බණ්ඩාර
kalani Friday, 13 July 2018 03:45 AM
අනේ ඉතින් ඔබේ පක්ෂයට ලික්වාන් යු වැනි නායකයෙක් පත්කර අපේ මව්බිම ගොඩ ගන්නකො.