(නිමල කොඩිතුවක්කු)
තැන් තැන්වල විසීරී සිටි සංක‍්‍රමණිකයින් පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇතැයි පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නිවේදන නිකුත් කිරීමට තරම් ජනාධිපතිවරයා බංකොළොත් වීම පිළිබ`ද තම පක්ෂය කණගාටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා අද(22) පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් ඇතුළු පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇතැයි යනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිවේදන නිකුත් කිරීම පොදු දේපල අපහරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කියා සිටියේය.
බත්තරමුල්ල පැළවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනිත‍්‍රීවරයා මේ බව පැවසීය.
එජාප, ශී‍්‍රලනිප, මෛතී‍්‍ර පිල සහ මහින්ද පිල යන සියල්ලම විවිධ චෝදනාවන්වලට ලක්වෙලා තිබෙනවා. හොරකම ¥ෂණය නැතිකරන්න ආපු එජාපය මහ බැංකු වංචාව සිදුකළා. අද එජාප සාමාජිකයින් නායකයින් ගැන කළකිරිලා. මෛතී‍්‍රපාල ජනාධිපති අද ඉතා බංකොළොත් තත්වයට පත්වෙලා. ලක්‍ෂ 60ට අධික ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත්ත මෛතී‍්‍රපාල සිරිසේන අද කුණු කෑලි එකතු කරනවා. ලැජ්ජයි. මේ ලැයිස්තුවල ඉන්න අන්ජාන් උම්මා විමල්ගේ පක්‍ෂයේ සාමාජිකාවක්. ඒ විතරක් නෙවෙයි පසුව එජාපයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයට තරග කොට තිබෙනවා. එජාපයෙන් ගත්ත කෙනා ජවිපෙ වෙන්නේ කොහොමද? එස්.කේ. සුභසිංහ පෙරටුගාමී පක්‍ෂයේ ගොවි නායක. මීට අවුරුද්දකට පමණ පෙර සිට ජනාධිපති කාර්ය සාධන බලකායේ වැඩ කරනවා. ගේ ඇතුළෙම හිටපු කෙනා ජවිපෙ වෙන්නේ කොහොමද? රණවීර පතිරණ දුමින්ද දිසානායක යටතේ තිබෙන ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්. ජවිපෙන් ඉවත් වෙලා වසර ගණනක් වෙනවා. දිමුතු අබේකෝන් පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයෙක්. පසුව කිරිඇල්ලගේ උපදේශකයෙක් ලෙස සේවය කළා. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ හිටපු අනුර නැමැත්තා එජාපයෙන් පළාත් සභාවට තරඟ කරපු කෙනෙක්. පසුව පේෂල ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. භූමිනාදන් තොණ්ඩමන්ගේ පක්‍ෂයේ සාමාජිකයෙක්. මේ අය කොහොමද ජවිපෙ සාමාජිකයන් වෙන්නේ? මීට වසර ගණනාවකට පෙර ජවිපෙන් ඉවත් කරපු අය තමන් ළඟට අරගෙන නිවේදන ගහනවා. මේ අය හරියට සංක‍්‍රමණිකයන් වගේ. අද මෛතී‍්‍රපාල සිරිසේන හරියට පරණ යකඩ බඩු එකතු කරන බෝතල් පත්තරකාරයෙක්ගේ තැනට වැටිලා‘‘ යැයිද ඔහු පැවසීය.
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
සමාජ ආරක්ෂණ පනත තවම අහෝසි නොකළේ ඇයි දැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
වෛද්‍යවරුන් පන්දහසකට වැඩි පිරිසක් විදේශ රටවල වෛද්‍ය සේවයට සුදුසුකම් සපුරා විදේශගතවීමට සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘සංක්රමණිකයන් ආවත් නිවේදන නිකුත් කරන්න තරම් නිදහස් පක්ෂය පිරිහිලා‘
Raveendra Friday, 22 December 2017 10:59 AM
කතාව සම්පුර්ණ ඇත්ත අපගේ රට මෙතෙක් පාලනය කල සහ දැනට පාලනය කරන දේශපාලකයන් අනේකවිද දූෂණයන් කල සහ කරමින් පවතින බව සියලුම රටේ පුරවැසියන් දන්නා කාරණයකි. එලෙසම ඔහේලත් අපගේ මහජන දේපළ විනාශ කලේ නැද්ද? ලක්මවගේ දූදරුවන් අමු අමුවේ මර දැමුවේ නැද්ද? මේ කටින්ද කතා කරන්නේ නැත්නම් වෙන කොහින්වත්ද? තොත්ත බබලා වගේ කටෙන් පිටවෙන්නේ තුන් සරණ " බොක්කේ ගෙරි මස් "...
dahamFriday, 22 December 2017 12:05 PM
ඒ විතරක් නෙමෙයිනේ. මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහින්දට විරුද්ධව අමූලික බොරු චෝදනා යූ.එන්.පී වේදිකාවට නැගල බෙරිහන් දිදී එල්ල කළේත් මේ ජීවීපී එකම තමයි. දැන් ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා තමන් කරපු වරදට ජනතාවගෙන් සමාව ඉල්ලලා හිටපල්ලා.
සෙනෙවි Thursday, 18 April 2019 01:52 PM
ජේ ආර් ගේ විධායකය කාලෙ මේ මහත්වරු කොහේද හිටියෙ? මහින්ද හොද නම් නඩු මොකද? ගෝඨාභය හීනෙ හීනයක් විතරයි