IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


‘සංවර්ධනය ගැන කියමින් රටේ ස්වාභාවික සම්පත් විනාශ කරනවා‘ - චමල්

( නාලක සංජීව දහනායක)


සංවර්ධන ව්‍යාපෘති සඳහා යැයි කියමින් රටේ ස්වාභාවික සම්පත් විනාශ කිරීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වය පළකරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමල් රාජපක්‍ෂ මහතා අද(8)  පැවැසීය.


 මුදල් පිළිබඳව සිතමින් සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම රටේ අනාගතයට සුවදායක නොවන බවද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.


මේ රජයේ අහිතකර ප‍්‍රතිපත්ති නිසා කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ගොවීන්ට ජීවත් වෙන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා. ඒ නිසා කෘෂිකර්මාන්තය බේරා ගැනීමට හා ගොවීන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපිට මැදිහත් වෙන්න සිදුවෙලා තිබෙනවා. 


ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක් අපි මේ වෙනකොට සකස් කරමින් සිටිනවා. මේ රජයෙන් කෘෂිකර්මාන්තය සඳහා දිරි ගැන්වීමක් නැහැ. ඒ නිසා ගොවිතැන වැඩකට නැති කර්මාන්තයක් බවට පත් කරලා. 


කෘෂිකාර්මික කටයුතු සඳහා  දැනට මේ තියෙන ඉඩම් හොඳටම ප‍්‍රමාණවත්. ඉඩම් ප‍්‍රමාණවත් නැත්නම් ඉඩම් කොමිෂන් සභාව යටතේ තිබෙන කිසිඳ ඵලදායිතාවයක් නැති ඉඩම් ගොවීන්ට පවරා දිය යුතුයි.


හැමදේම විකුණන මේ ආණ්ඩුවට දැන් ඉතුරුවෙලා තියෙන්නේ රටේ ඉඩම් ටික විතරයි. දැන් ඒ ටිකත් පිටරට මහා පරිමාණ කොමිපැනිවලට පවරා දෙන්න ආණ්ඩුව සූදානම් වෙනවා. 


ඒ උත්සාහය සාර්තක වුනොත් අපේ රටේ ගොවීන් පිටරට කොමිපැනිවල වහලූන් බවට පත්වේවි. මේ වනවිටත් ගාලූ කොටුව ඇතුලේ වැඩිපුරම ඉන්නේ විදේශිකයන්. ඇතැම් තැන්වල වැල්ලට බහින්නත් විදේශිකයන්ගෙන් අවසර ගැනීමට සිදුවෙලා.
     

මහාපරිමාණ ව්‍යාපෘති සඳහා සුදුසු තැන්වලින් සුදුසු ඉඩම් දෙනවට අපි විරුද්ද නැහැ. නමුත් රටේ වටිනාකියන ඉඩම් හා ස්වාභාවික සම්පත් විනාශකිරීමට අපි විරුද්ධයි. රට සංවර්ධනය කිරීමේදී මුදල් ගැන හිතමින් සංවර්ධන යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කිරීම රටේ අනාගතයට සුවදායක නැහැ. 


බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (8) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 



අදහස් (10)

‘සංවර්ධනය ගැන කියමින් රටේ ස්වාභාවික සම්පත් විනාශ කරනවා‘ - චමල්

Chanak Los angeles Saturday, 09 June 2018 02:56 AM

මේවා කියන්නේ රට කේතුමතී රාජධානියක්ව පවත්වාගෙන ගිය අතරේ වෙනත් පාර්ශවයකට නිර්ලෝභීව භාරදුන්නු සංඛ රජුගේ සහෝදරයා නේද ?

:       0       1

Jagath Saturday, 09 June 2018 04:06 AM

මේ කතා කරන්නේ කටින්ද? එයාගේ මල්ලි තමයි රටේ හොඳම ඉඩම් ටික සින්නකර විකුණුවේ..

:       5       28

Saththaya Saturday, 09 June 2018 04:48 AM

ඔබලාගේ සමයේ රට හුඟාක් දියුණු වෙලයි තිබුණේ. රටවැසියා හරි සතුටින් හිටියේ.. පිටරටින් ඉඩම් පවා සින්නක්කරව ගත්තා. ස්වාභාවික සම්පත්, පුරාවස්තු, මේ හැමදේම කොච්චර හොඳට රැක්කද? කරපු සංවර්ධනය කොච්චර හොඳයිද? අපි හරි සතුටින් ඒ ණය ගෙවනවා. දැන් ඉන්න අයට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැනේ. කරුමේ තමයි.

:       11       457

Shan Saturday, 09 June 2018 07:06 AM

බලය තියෙනකොට පවුලටම කර කර ඉන්නවා. බලය නැති වුණූ ගමන් රට ගැන කයිවාරු ගහන්න පටන් ගන්නවා. අමාරුවෙන් ලැබුණු මනුස්ස ජීවිතයට අර්ථයක් තියෙන විදියට දැන්වත් ජීවත් වෙන්න.

:       8       257

d.upul Saturday, 09 June 2018 03:42 PM

ආ.... මේ එලි බැහැල තියෙන්නේ.

:       3       18

සෑම් Sunday, 10 June 2018 02:40 AM

ඔබතුමාලා යුද්ධ දෙකක් දිනුවා ... ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා සංවර්ධන යුද්ධය ... ඉදිරියේ දී ඔබට ඇති අභියෝගය වන්නේ මේ රටේ දූෂණය, වංචාවට, නාස්තියට එරෙහි යුද්ධයයි. එය ජය ගැනීමට ඔබට ශක්තිය ලැබේවායි පතනවා .... මේ රටට ගැලපෙන ඉඩම් පරිහරණ රටාවක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් හා සැලසුමක් ද අවශ්‍යයි ...

:       162       0

පිටිගල මිලානෝ Sunday, 10 June 2018 10:43 AM

උමා ඔය ගැන වෙන්න ඇති මේ කියන්නේ...

:       0       114

Chanak Los angeles Sunday, 10 June 2018 07:08 PM

ඒකියන්නේ ඔබලාගේ කාලයේ කළා වගේ සම්පත් විනාස කරන්නේ නැතුව ඒවා සාක්කුවේ දාගන්න කියලාද ?

:       0       99

Chandra Tuesday, 19 June 2018 02:30 PM

සංවර්දනය කෙසේ වෙතත් ඒ කාලයේ ගහපු ගැහිල්ල ලෝක වාර්තාවක්.

:       0       0

rohana Saturday, 30 June 2018 10:52 AM

මම මෙයා ගැන ලියන්න හැදුවේ... වැඩක් නැහැ අනිත් අය ඒ ටික ලියලා ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 147 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2061 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1581 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6489 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site