(අංජුල මහික වීරරත්න)
ඒකාබද්ධ කල්ලිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්ව සභාග ආණ්ඩුවක් හදනවා නම් ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමඟ එක්ව එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් හදන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (8) පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලැජ්ජා බය ඇති ශීලාචාර අමාත්‍යවරුන් 10ක් 12ක් පමණ එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සඳහා දැනටමත් ඉදිරිපත් වී සිටින බව කී මන්ත්‍රීවරයා හැකි නම් සභාග ආණ්ඩුවක් සාදා පෙන්වන ලෙසද අභියෝග කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිරිකිත නැතිව රාජපක්ෂ කල්ලිය සමඟ එකතුවිය හැකිනම් කළ හැක්කේ කණගාටුවීම පමණක් බවද මන්ත්‍රීවරයා කීය.
ආණ්ඩු මාරු කළ යුතු නම් බොරු ඝෝෂා කරන්නට අවශ්‍ය නැති අතර තව මාසයකින් ඉදිරිපත් කරන අයවැය පරද්දා ආණ්ඩුව ගෙදර යවන ලෙසට අභියෝග කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මෙය බොරු මාතෘතා මවා කාඩ්බෝඩ් වීරයන් වීමට දරණ උත්සහයක් පමණක් බවද පැවසීය.
සභාග ආණ්ඩුවට ද අවසානයේ අයත්වන්නේ විශ්වාසභංගයට, ජනබල උද්ඝෝෂණයට අයත් වූ ඉරණම බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය.
ඡායාරූප - ඉෂාන් සංජිව
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
’සහාග ආණ්ඩුවක් පිහිටුවනවා නම් යුඑන් පී තනි ආණ්ඩුවක් හදනවා’
janahitha Tuesday, 09 October 2018 03:01 AM
ජනාධිපති අපේක්ෂකයකු හොයාගන්න නැති පක්ෂය මොන තනි ආණ්ඩුද ආයිබෝවන්..................
Bamunuarachchi Tuesday, 09 October 2018 05:05 AM
එකක් බැරිනම් දාහක් හදා ගන්න.