ඇමැති චම්පික කියන කතාව
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමට පොදු එකඟතාවකින් තීරණය විය. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සියලු සුළු පක්ෂවලද එකඟතාව ලැබී තිබුණි. ජාතික හෙළ උරුමය සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට එකඟවීමේ හේතුව ඇමැති පාඨලී චම්පික රණවක මහතාගෙන් විමසුවෙමි.
සජිත් සමග රට ගොඩගන්න පුළුවන් බව තරයේ විශ්වාස කරන්නේ යැයි ඇමැති පාඨලී චම්පික රණවක මහතා කීය.
අපි ඉන්නෙ ප්‍රජාතාන්ත්‍රික සංධානයක. තුන් හතර දෙනකුට එකතු වෙලා තීන්දු තීරණ ගන්න බැහැ. මේ ප්‍රජාතාන්ත්‍රික සන්ධානයේ අපි එකිනෙකට වෙනස් ආයතන කීපයක් මගින් සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණවලින් අපේ කඳවුරේ සිටින ජනප්‍රියම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව අනාවරණය වී තිබුණා. ඒ අනුව අපි ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමා එතුමාට ඒ අවස්ථාව ලබාදීමට තීරණය කළා.
ප්‍රශ්නය - අංශ කීපයකින් සමීක්ෂණය කළා යනුවෙන් සඳහන් කළේ?
පිළිතුර - විද්‍යාත්මකව සමීක්ෂණ පවත්වන ආයතන තියෙනවා. ඒ ආයතන මගින් සමීක්ෂණය කළා. සමහර ආයතන එක පැත්තකට බරයි. එක් පුද්ගලයෙක් මූලික කර ගෙන මෙවැනි සමීක්ෂණයක් කරන ආයතන තියෙනවා. ඒවා ගැන අපට විශ්‍වාසයක් නැහැ. ස්වාධීන සමීක්ෂණයක් අපට වැදගත්. ඒ නිසා අපි මේ ගැන වෘත්තීය මට්ටමේ ආයතන තුනකින් සමීක්ෂණයක් කළා. ඒ තුනෙන්ම එකම සමීක්ෂණ ප්‍රතිඵල ලබාදී තිබුණා. සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට ආසන්න එක් හේතුවත් එයයි. තවත් හේතු ගණනාවක් තියෙනවා.
ප්‍රශ්නය - මේ සමීක්ෂණයට අමතරව තවත් හේතු තියෙනවද?
පිළිතුර - ඔව්. අපි අතර එකඟතාවක් තියෙනවා. ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල සීමා වෙලා තියෙන්නේ. අගමැති හා කැබිනට් මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා සාමුහිකව කටයුතු කළ යුතුමයි. ඒක ව්‍යවස්ථාවෙම සඳහන් වෙන දෙයක්. ජනාධිපතිගේ බලතල එක්ක මේ පැත්තේ ගොඩනැගෙන්නේ සාමුහික ප්‍රයත්නයක්. අනික් පැත්තෙන් එන්නේ පවුලේ නායකත්වයක්. සාමූහික නායකත්වයක් ගොඩනැගීමේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ශක්තීන් මෙන්ම දුර්වලතා සමග කටයුතු කිරීමට තවත් තරුණ පිරිසක් ඔහු වටා ඉන්නවා. ඔහුගේ ශක්තිය තවත් ශක්තිමත් කිරීමටත්, දුර්වලතා මගහැර නිවැරදි දේ කිරීමට හා ඒ අනුව ඉදිරියට යාමටත් තරුණ පිරිසක් අපි ඉදිරිපත් කරනවා. ඒ ඒ හැකියාවන්ගෙන් පිරුණ වෘත්තීය පිරිසක් ඉන්නවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළවිට එය හැමෝටම වැටහේවි. එතුමාගේ දුර්වලතා තිබේනම්, ඒවා මඟහැරවීමට පිරිසක් ඔහු පිටුපසින් ඉන්නවා. ඔහුගේ ශක්තිය වැඩි කරන්නත් මේ පිරිස ඉන්නවා.
ප්‍රශ්නය - සජිත් ප්‍රේමදාසගෙ දුර්වලතා ලෙස ඔබ දකින්නේ මොනවාද?
පිළිතුර - එහෙම විශේෂ දුර්වලතාවක් ගැන කිව්වා නෙවෙයි. අපි පෘතග්ජන පුද්ගලයෝ හැටියට සියලු දෙනාටම මොනවා හෝ දුර්වලකමක් තිබිය හැකියි. වැදගත්ම දේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ඉදිරියට යාමට නම් තනිව නොව, පවුලක් වශයෙන් නොව, කණ්ඩායමක් ලෙස ඉදිරියට යායුතු වෙනවා. කණ්ඩායමක් ලෙස ඉදිරියට යාමේදී හැකියාවත් සමග දුර්වලතා මඟහරවා ගෙන ඉදිරියට යාහැකියි. යහපාලන රජයක් ලෙසට විශේෂඥයන්ගේ අදහස්, උපදෙස් විමසමින් කටයුතු කෙරෙනවා.
ප්‍රශ්නය - පරිසරය, කෑමබීම, ණය බර මේ සියල්ලක්ම අද බොහොම නරක පැත්තට යොමු වී රට ගමන් කරන බව පෙන්නුම් කරනවා. එවැනි තත්ත්වයක් තුළ සජිත් ප්‍රේමදාස කුමන ආකාරයකට කටයුතු කරාවිද?
පිළිතුර - රටක් හැටියට අපේ හැකියාවන් තිබෙනවා. අපේ දුර්වලකමක් නම්, විදේශ ණය අරගෙන ආදායම් නොලබන දේට යෙදවීම. අපේ ප්‍රධානම මූල්‍ය දුර්වලතාව ඒකයි. ඒවගේ අපට හැකියාවන් දෙකක් තිබෙනවා. එකක් නම් අපේ රටේ භූගෝලීය පිහිටීම පාවිච්චි කර අප ඉන්දියානු සාගරයේ බලගතු නාවික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනයවීමේ හැකියාවක් තිබෙනවා. උගත්, සෞඛ්‍ය සම්පන්න බළකායක් අපට තියෙනවා. හොඳ උගත්කමක් තියෙන විශාල පිරිසක් අපට ඉන්නවා. මේ උගත්කමත් සෞඛ්‍ය සම්පන්න බවත් රටේ සංවර්ධනයට යෙදවිලා නැහැ. ලෝක බැංකු වාර්තාවක අපේ රටේ මානව ප්‍රාග්ධනය සීයක් නම් සේවයේ යෙදවිලා තියෙන්නේ 58ක් බව සඳහන් වී තිබෙනවා. තව 42ක් යෙදවිලා නැහැ. අන්න ඒකෙන් තව 30ක් යොදා ගත්තා නම් අප රටක් හැටියට මහ පිම්මක් පනිනවාමයි.
ප්‍රශ්නය - සජිත් ආවොත් රට ගොඩයාවිද?
පිළිතුර - අපිට ගොඩයන්න පුළුවන් කියලා මම තරයේ විශ්වාස කරනවා. රාජ්‍ය සේවයේ හා රාජ්‍ය පාලනයේ කුසලතාවට ඒ සඳහා මූලික තැන ලබාදිය යුතු වෙනවා. දේශපාලනවාදය අමතක කර, කුසලතාවාදයට මූලික තැන දියයුතු වෙනවා. ඒ වගේම හතර වැනි කාර්මික විප්ලවයත් සමග යන දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට රට පරිවර්තනය කළ යුතු වෙනවා. අපි මැතිනියගේ යුගයේ දේශීය ආර්ථිකයක් ගැන කටයුතු කළා. ජේ.ආර්. යුගයේදී අපනයන ආර්ථිකයක් ගැන කටයුතු කළා. දැන් අප දැනුම පදනම් කර ගත් ආර්ථිකයකට රට පරිවර්තනය කළ යුතු වෙනවා.
ප්‍රශ්නය - සජිත් රටට ගැරීපෙන යහපත් නායකයෙක් වේවිද?
පිළිතුර - මම සෑහෙන කාලයක් සජිත් ඇසුරු කර තිබෙනවා. ඔහු අප සමඟත් පක්ෂ නායකයන් සමඟත් පෞද්ගලිකව සාකච්ඡා කර තිබෙනවා. සාමුහික නායකයෙක් ලෙස ඔහුට ඉදිරියට යන්න පුළුවන් බව අප තේරුම් අරගෙන ඉන්නේ.
ප්‍රශ්නය- නායකයෝ බොහෝ දෙෙනකුම බලයට ආවට පස්සේ ආගියතැන් අමතක වෙනවා. සජිත්ටත් එහෙම වේවිද?
පිළිතුර - දැන් එහෙම කරන්න බැහැ. ව්‍යවස්ථාවෙන්ම ඒ සඳහා බාධා පමුණුවා තිබෙනවා. ජනාධිපතිට හිතුමතේ කටයුතු කරන්න බැහැ. අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයෙන් නොවිමසා කටයුතු කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ විමසීම පිළිබඳව ගිය වසර 4 1/2 තුළ අප ලොකු අත්දැකීමක් ලබලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා කා සමඟත් සාකච්ඡා කර සාමුහිකව කටයුතු කරාවි.
දයාසීලි ලියනගේ
1977 නොවැම්බරයේ දී ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් සමග - රෝහණ විජේවීර හිරෙන් නිදහස් විය.
නව නිදහස් සටනක ආරම්භය මෙසේ පබැඳුමෙන් ලියවෙද්දී නව දේශපාලන පරිච්ඡේදයත් සමඟ නව රජයක්, නව පාලනයක් යටතේ 77 වන නිදහස් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 0
1505 වර්ෂයේදී පෘතුගීසින්ටද, 1658 ලන්දේසි පාලනයට නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදු විය.
ශ්රී මත් ඔලිවර් ගුණතිලකයන්ගෙන් පසුව මෙරට නව ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් විලියම් ගොපල්ලව උතුමාණන්ගේ පදවි ප්‍රාප්ති උළෙල බුද්ධභාෂිත පාලි බසින් එදා ද
සෑම ආණ්ඩුවක්ම බලයට ආවේ ඡන්දදායකයන්ට අති විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදෙමිනි. ඡන්දදායකයන් කල්පනා කරන්නේ බලයට එන ආණ්ඩු රටේ ඒ වනවිටත් පවත්වාගෙන යන ක්‍ර
ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රතිඥා දුන්නේ තම පක්ෂයේ නායකත්වය යටතේ “2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
හෙළ උරුමය සජිත්ට සහාය දුන්නේ ඇයි? අපේ කඳවුරේ ජනප්‍රියම අපේක්ෂකයා සජිත් බව සමීක්ෂණවලින් තහවුරු වුණා