( නිමල කොඩිතුවක්කු)
20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදී මගකට ගැනීමේ අවස්ථාව උදා වන බව විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා කොළඹදී අද(01) පැවැසීය.
විධායකයේ අත්තනෝමතික බලය අහෝසි කෙරෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට සියලූ දෙනා පෙල ගැසිය යුතු බවද ඒ මහතා කියා සිටියේය.
ජාතික විද්වත් සංවිදානය මරදාන පිහිටි සමාජය හා සාමයික කේන්දු‍්‍රයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා මෙසේද කීය.
‘‘2015 ජනවාරි 08 යහපාළන රජය බලයට පැමිනිමත් සමඟ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ජනතාවට පොරොන්දුවක් දුන්නා. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානතම සටන් පාඨය බවට පත්වුනේ විධියක ජනාධිපතිධුරය අහෝසි කිරීමයි.
එතුමාගේ එම ප‍්‍රකාශයතත් සමග සිවිල් සමාජ ඇතුලූ සමාජ බලවේග ගනනාවක් එතුමා වටා රැස් වුණා. ජනතා විමුක්ති පෙරමුනත් මේ සටන් පාඨයට විශාල තල්ලූවක් ලබාදුන්නා.
බලය ලබා ගත්තට පස්සේ ප‍්‍රධාන පක්ෂ දෙකම තමන්ගේ ප‍්‍රධාන සටන් පාඨය අමතක කරලා අද වනවිට රිසිසේ විධායකයේ බළතල පාවිච්චි කරමින් සිටිනවා.
මේ තත්වය මත විධායක ජනාධිපතිධුරය අහෝසි කිරිම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සහ සිවිල් සමාජය අතර යම් එකඟතාවයක් ඇතිවි තිබෙනවා.
විධායක ජනාධිපතිධුරයට එරෙහිව මේ රටේ හඬක් නැගනේ විධායක ජනාධිපතිධුරය හදුන්වාදිමටත් පෙරයි. 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් විදායකය සතු අත්තනෝමතික බළතල අයින් වෙනවා.
ජේ. ආර් ජයවර්ධන ජනාදිපතිවරයාගේ සිට මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දක්වාම විධායක බළය අත්තනෝමතිකව පාළනය කළා. එහි ප‍්‍රතිඵල විටින් විට මේ රටටත් ජනතාවටත් භුක්ති විදීමට සිදුව තිබෙනවා.
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියාය කියන බළය පූර්ණ වශයෙන්ම ඉවත් වෙනවා. වෙනත් කිසිදු බළයක් ඔහුට අහිමි වෙන්නේ නැහැ. මින් සිදුවන්නේ අත්තනෝමතිකව ක‍්‍රියාත්මක කරන බළය පාළනය කිරිමක් පමණයි.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බළය, අත්තනෝමතික ලෙස තනතුරු පත්කිරීමේ බළය අහෝසි වනවා. ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය පවා තීරණය කරන්නේ කාබිනට් මණුඩළය විසුනුයි. 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් යහපත් ප‍්‍රජාතානාත‍්‍රවාදී රටක් වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් වෙනවා’’ යැයිද ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා එහිදි පැවැසීය.
මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනිල් ජයන්ත ප‍්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාල්ස් දයානන්ද, බන්ධනාගාර අමාත්‍යාංශයේ හිටපු ප‍්‍රධාන ගණකාධිකාරී වසන්ත පෙරේරා යන මහත්වරුන් ඇතුලූ පිරිසක් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය.
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.
ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල
අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘20 සංශෝධනයෙන් රට ප්‍රජාතන්ත්‍රවාදී මඟකට අවස්ථාව ලැබෙනවා‘
susil Friday, 12 October 2018 03:05 AM
පළාත් සභා බලගතු වුවොත් මොකද වෙන්නේ!