IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


දසත පැතිරූ මව් පිය ගුණ

ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත. එහි කුඩා ගස් ඔබට ඉහළට නැගීමට සිය ශක්තිය කැපකිරීම හේතුවෙන් තවමත් පහළට නැමී ඇති අයුරුද දකිනු ඇත. බොහෝ විට අප ජයග‍්‍රහණය කිරීමේදී විශ්වාස කරනු ලබන්නේ අපගේ ශක්තිය කෙරෙහි පමණි. නමුත් අපගේ ජයග‍්‍රහණයේ ශක්තිය රඳා පවතින්නේ සමාජයේ අනෙකුත් අයගේ උදව් උපකාර මත බව බොහෝ දෙනෙකු නොදකින මෙන්ම නොදන්නා කරුණකි.

 

මෙයාකාරයෙන් අපගේ ජීවන ගමනේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූවන් ගැන මෙනෙහි කිරීමට අප කාලය යෙදවීද? ඔබට ඔවුන්ව හඳුනාගැනීමට හැකිවීද? ඔවුන් ඇතැම්විට තවමත් ඔබට ශක්තියක් වෙමින් අප‍්‍රමාණ වූ කැපකිරීම් කරමින් ඔබ අසළම සිටිනවා විය හැකිය. නැතිනම් ඔවුන් සිය කාර්යයන් නිමකර, ඔබට සුරක්‍ෂිත පරිසරයක් නිර්මාණය කර ඔබගෙන් ඈතට ගොස් ඇතිවා වන්නටද ඇත. ලොව උත්තරීතර වූ මනුෂ්‍ය ගුණාංගය වන අනෙකා වෙනුවෙන් කැපවීම යන උතුම් මිනිස් ගුණාංගයට අසමසම අර්ථයක් ලබාදුන් ඔවුන් අනෙකෙකු නොව ඔබගේ දෙමාපියන් ය.

 

මෙවැනි උත්තරීතර වූ කැපකිරීමට මනා නිදර්ශනයක් වූ මව්පිය සෙනෙහසක කතාවක් අපට අසන්නට ලැබුණේ පොළොන්නරුව ප‍්‍රදේශයෙනි. සාමාජයෙන් එල්ලවූ නොයෙකුත් ගැහැට සහ එයින්ම උපන් විවිධ වූ දුෂ්කරතාවයන් ඔස්සේ සිය දරුවන් වෙනුවෙන් කැපවූ එම දෙමාපියන් අද සතුටට පත්වන්නේ සිය පුතණුවන් ජාත්‍යන්තර තලයේ ආයතනයක ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කිරීම මෙනෙහි කරමිනි. මෙතැන්සිට දිගහැරෙන්නේ ඔවුන්ගේ කතාවයි. දෛනික රැකියාවල නිරතවෙමින් සිය දුරුවන් පෝෂණය කිරීම සඳහා කැපවුණු ඔවුන් කුසට අහරක් නොලැබ, දෙනෙතට නිදි නොලැබ සිය දරුවන් පෝෂණය කිරීම වෙනුවෙන් කැපවූයේ ජීවිතයෙන් ඔවුනට උරුම වූ දුෂ්කරතාවයන් තම දරුවන්ට නොදීමට වගබලා ගනිමිනි. මෙහිදී දෙමාපියන් ලෙස තම දරුවන්ට ලබාදිය හැකි උතුම් දායාදය වන්නේ ගුණගරුක බව සහ මනා අධ්‍යාපනය යන්න විශ්වාස කළ මොවුන් ඒ වෙනුවෙන් කැපවූයේ අනාගත සුබ සිහිනයන් සිතෙහි තෙරපා ගනිමිනි.

 

දිනෙන් දින සිය දරුවා ඉගෙනුම් කාර්යයට දක්වන දක්‍ෂතාවය ඔවුන්ට ඉමහත් ධෛර්යයක් එක් කළේය. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබාගනිමින් සමත්වීම සිය දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් විශ්වාසයක් ඔවුන් තුළ ඇතිවිය. පෙරට වඩා වැඩියෙන් කුලී වැඩ සොයමින්, දිවා රෑ ඔවුන් වෙහෙසුනද දිනෙන් දින අධ්‍යාපනයෙන් ඉහළට යන සිය පුතණුවන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීමට ඔවුන් ගත වාරු නොවීය. නමුත් සිතේ ධෛර්යය ඔවුන් වෙත ශක්තිය ලබාදුන්නේය.

 

මෙහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ සාමාර්ථ 9 ක් සමගින් සමත් වූයේ ඔහුගේ සුවිශේෂී දක්‍ෂතාවය සැමට ප‍්‍රදර්ශනය කරමිනි. කුඩා කල සිටම සිය පුතුගේ සිත තුළ ගුලිවී තිබූ ඉංජිනේරුවරයකු විමේ සිහිනය ක‍්‍රමයෙන් මෝදුවන බව ඉවෙන් මෙන් හැදින ගත් දෙමාපියන් හට පවතින දුෂ්කර තත්ත්වයන් හමුවේ එම සිහිනය බොඳවේයැයි යන බියක් ඇති නොවුනාම නොවේ. නමුත් දෙමාපියන් නිරන්තරව ඔහුට ධෛර්යයක් ලබා දුන්නේ ඔවුන්ට කළහැකි අවසන් දෙයද එය බැවිනි.

 

උසස් පෙළ වභාගයෙන් ගණිත අංශයෙන් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයා වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබීමට පිවිසෙන ඔහුට ‘ඩයලොග් කුසලතා ශිෂ්‍යත්වය' හිමිවූයේ කිසිදු බාධාවකින් තොරව අධ්‍යාපන කාර්යයන් කරගැනීමේ පරිසරය සකසා දෙමිනි. මෙම ශිෂ්‍යත්ව ඔහු ඇතුලූ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෙන්ම අද වන විටද අධ්‍යාපන කාර්යයේ නිරත බොහෝ සිසු සිසුවියන් වෙත ප‍්‍රතිලාභ රැසක් ලබාදීමට සමත්ව ඇත. විශ්ව විද්‍යාලය තුළ ඉතා සක‍්‍රීය ශිෂ්‍යයකු බවට පත්වෙමින් අධ්‍යාපන මෙන්ම විෂය සමගාමී ක‍්‍රියාකාරකම් වලට සාර්ථක අයුරින් නිරත වූ ඔහු සිය උපාධිය විශිෂ්ඨ අයුරින් හිමිකරගත්තේ අන්තර්ජාතික තලයේ ආයතනික රැකියාවක් සඳහා ද මාර්ගය විවර කර ගනිමිනි.

 

කුඩා ගමක දිළිඳු පැලක කුසට ප‍්‍රමාණවත් තරමේ ආහාර නොලැබ සිය දරුවන් පෝෂණය කරමින් අද වන විට ජාත්‍යන්තර තලයේ ආයතනයන් වල සේවය කිරීමේ හැකියාවෙන් යුතු දක්‍ෂයන් බවට පත්ළ එම දෙමාපියන් අද වන විටද ඔහුගේ ගමනට ආශිර්වාද කරන්නේ ඔහුට හිමි, ඔහු අපේක්‍ෂා කරන ලෝකය ගොඩනගා ගැනීමට අවශ්‍ය මග අතුරාලිමිනි.

 

මෙය එක් මවකගේ සහ පියෙකුගේ කතාවක් වුවත් එය සමස්ත ජාතියේම මව් පියවරුන්ගේ කතාවයි. මේ අයුරින් අනේක වූ  වූ දුෂ්කරතාවයන් විඳිමින්, සිය දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන අප‍්‍රමාණ වූ ජාතියේ මව් පියවරුන් වෙත අප මෙලෙස අපගේ උත්තමාචාරය පුදකර සිටිමු. 



අදහස් (0)

දසත පැතිරූ මව් පිය ගුණ

ඔබේ අදහස් එවන්න

Other

Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය
2024 ජනවාරි මස 26 21 0

ගුණාත්මකභාවය හා නව්‍යකරණය තම ප්‍රමුඛ අරමුණ කරගත් දේශීය සන්නාමයක් වන Elephant House අභිමානයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සුවිශේෂි දක්ෂතා ප්‍රදර


IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.
2023 දෙසැම්බර් මස 04 44 0

ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝ


ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්
2023 අගෝස්තු මස 08 426 0

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්ම


Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී
2023 අගෝස්තු මස 04 32 0

ශ්‍රීලංකාවේවඩාත්මවිශ්වසනීයමආහාරපානසන්නාමයවනඑලිෆන්ට්හවුස්, ශ්‍රීලංකාවේවිශාලතම T20 ප්‍රිමියර්ලීගයවන“Lanka Premier League 2023”සමඟඅත්වැල්බැඳගත්බවසතුටින්දැනුම



ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 703 3

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site