IMG-LOGO

2024 දෙසැම්බර් මස 30 වන සඳුදා


TECNO CAMON 17 දුරකථන දැන් ශ්‍රී ලංකාවේ


• විවිධරුචිකත්වයන්ට සහ අතේ ඇති මුදලට ගැළපෙන පරිදි SPARK 7, SPARK 7 PRO, CAMON 17 PRO සහ POVA 2 මාදිලිද හඳුන්වාදෙයි
• TECNO නිල ෆේස්බුක් පිටුව හරහා 1,500 ක පමණ පිරිසක් සහ Chanux Bro YouTube චැනලය හරහා 3,500 ක පමණ පිරිසක් උත්සවය නරඹති.


ලොව පුරා වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන TECNO හි නවතම මාදිලිය වන TECNO CAMON 17 පසුගියදා ශ්‍රී ලංකාවට නිල වශයෙන් හඳුන්වා දෙන ලදි. අඩු ආලෝක තත්ත්වයන් යටතේ පවා විශිෂ්ට මට්ටමේ ඡායාරූප ලබාදෙන TECNO AI Vision Optimization Solution (TAIVOS) තාක්ෂණය මීට ඇතුළත් වී ඇත. එමෙන්ම මෙහි සෙල්ෆි කැමරාව, වෙළඳපොළේ වඩාත්ම පැහැදිලි ඡායාරූප ලබාදෙන සෙල්ෆි කැමරාව ලෙසද සැලකේ. එහි සන්නාම තානාපති ලෙස කටයුතු කරනුයේ සුපිරි හොලිවුඩ් නළු ක්‍රිස් එවන්ස් ය. 

CAMON 17 මාදිලිය හඳුන්වා දීමේ උත්සවය පසුගිය ජූලි 16 දින පැවැත්වුණු අතර එය TECNO නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විකාශය කරන ලදි. ජනප්‍රිය රංගන හා නිරූපණ ශිල්පිනී රොෂෙල් රොජර්ස්, සිනමාත්මක නිර්මාණශිල්පී CJ සහ තාක්ෂණ ලොවේ ජනප්‍රිය තරුවක් වන චනුක්ස් බ්‍රෝ ඇතුළු තරු රැසක්ද මීට එක්වූහ. TECNO CAMON 17  මාදිලියට අමතරව SPARK 7, SPARK 7 PRO, CAMON 17 PRO සහ POVA 2 යන මාදිලිද මෙහිදී හඳුන්වා දෙන ලදි. 

චනුක්ස් බ්‍රෝ විසින් උත්සවය මෙහෙයවන ලද අතර, TECNO සම්බන්ධයෙන් තම අත්දැකීම් විස්තර කරමින් ඔහු ප්‍රකාශ කළේ, TECNO යනු ශ්‍රීලංකාවට තවමත් අලුත් සන්නාමයක් ලෙස සැලකිය හැකි වුවද, අලංකාරය සහ ක්‍රියාකාරීත්වය අතින් TECNO අනෙකුත් පිළිගත් සන්නාම වල දුරකථන වලට සමාන මට්ටමක පවතින බවයි. 

CAMON 17 නිල වශයෙන් හඳුන්වා දීමට පෙර කෙටි කලක් එය භාවිතා කළ රොෂෙල් රොජර්ස්, එහි කැමරාවේ තත්ත්වය හා අනෙකුත් විශේෂාංග තමන් පුදුමයට පත්කළ බව කියා සිටියා ය. CJ ද මෙහිදී CAMON 17 හි කැමරාවේ විශිෂ්ටත්වය විස්තර කළේ ය. 

“ශ්‍රී ලංකාවේ දුරකථන වෙළඳපොළට පිවිසීමට ලැබීම අපට මහත් සතුටක්. මෙරට පාරිභෝගිකයන්ගෙන් අපට උණුසුම් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි කියා අප විශ්වාස කරනවා. 2006 දී ආරම්භ වූ TECNO, ලොව පිළිගත් වෙළඳපොළ සමීක්ෂණ සමාගමක් වන IDC විසින් 2020 4 වැනි කාර්තුවට අදාළව නිකුත් කළ දත්ත වලට අනුව ලොව ප්‍රමුඛතම සන්නාම 10 අතරට පැමිණ තිබෙනවා.” TECNO Sri Lanka අධ්‍යක්ෂ Ray Chaw මහතා පැවසී ය. 

වෘත්තියෙන් ගුරුවරියක වන නදීශානි විජේසූරිය මෙහිදී SPARK 7 PRO මාදිලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, සහනදායී මිල, පහසුවෙන් භාවිතා කළ හැකි UI පද්ධතිය සහ සුවිශේෂී බැටරිය වැනි සාධක නිසා මෙය‘ඔන්ලයින්’ ඉගෙනුම් කටයුතු සඳහා දරුවන්ටත් ගුරුවරුන්ටත් ඉතාමත් සුදුසු බවයි. 

මෙහිදී ප්‍රශ්න විචාරාත්මක තරගයක්ද පැවති අතර ජයග්‍රාහකයන්ට නව මාදිලි පෙළට අයත් දුරකථන 4 ක් පිරිනමන ලදි. TECNO නිල ෆේස්බුක් පිටුව හරහා 1,500 කපමණ පිරිසක් සහ Chanux Bro YouTube චැනලය හරහා 3,500 ක පමණ පිරිසක් මෙම උත්සවය සජීවීව නැරඹුහ. 

90Hz වැනි ඉහළ refreshing මට්ටමක් සහිත CAMON 17 මාදිලිය වීඩියෝ ක්‍රීඩා සඳහා ඉතාමත් සුදුසු ය. 8 core CPU සහිත එහි බැටරිය 5000mAh වේ. 

2016 වසරේ සිට මැන්චෙස්ටර් සිටි පාපන්දු සමාජයේ නිල ටැබ්ලට් සහ හෑන්ඩ්සෙට් සහකරු ලෙස කටයුතු කරන TECNO, ලොව විශාලතම Flipbook සඳහා වන ගිනස් ලෝක වාර්තාවටද හිමිකම් කියයි. ටෙනිස් පිටියක් තරම් විශාල වූ මෙය CAMON 17 PRO දුරකථන වලින් ලබාගත් ඡායාරූප වලින් සමන්විත වූ අතර, එය 2018 වසරේදී TECNO අප්‍රිකානු මහද්වීපයට පිවිසීම වෙනුවෙන් සිදුකරන ලද ව්‍යාපෘතියකි. 

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මගින් වැඩිදියුණු කරන ලද ඡායාරූප හා වීඩියෝ තාක්ෂණයන් සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්පත් කරගැනීමට TECNO මේ වනවිට සමත් වී තිබේ. එහි දෘඪාංග හා මෘදුකාංග ඇතුළුව සියලුම අංග වැඩිදියුණු කිරීමේ කටයුතු හේතුවෙන් එහි පර්යේෂණ හා සංවර්ධන වියදම් පසුගිය වසරේදී 30% කින් ඉහළ ගොස් ඇත. 

TECNO Sri Lanka නිල ෆේස්බුක් පිටුව වන https://www.tecno-mobile.com/lk/ හි නව දුරකථන මාදිලි පිළිබඳ විස්තර දක්වා තිබේ. 

 

 



අදහස් (0)

TECNO CAMON 17 දුරකථන දැන් ශ්‍රී ලංකාවේ

ඔබේ අදහස් එවන්න

Other

Elephant House Super Heroes දෙවන අදියරේ අවසන් මහා තරගය
2024 ජනවාරි මස 26 27 0

ගුණාත්මකභාවය හා නව්‍යකරණය තම ප්‍රමුඛ අරමුණ කරගත් දේශීය සන්නාමයක් වන Elephant House අභිමානයෙන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ සුවිශේෂි දක්ෂතා ප්‍රදර


IMM Consult ශ්‍රී ලංකාවේ කොළඹ නව කාර්‍ය්‍යාලය විවෘත කිරීමත් සමඟ ගෝලීය පැවැත්ම පුළුල් කරයි.
2023 දෙසැම්බර් මස 04 57 0

ඩුබායි හි මූලස්ථානය කර ගත් ප්‍රමුඛ පෙළේ සංක්‍රමණ උපදේශන සමාගමක් වන IMM Consult, සිය නවතම කාර්යාලය කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කිරීම දැනුම් දෙනුයේ මහත් උද්යෝ


ත්‍රස්තවාදයට මුදල් දීම නවත්තන්න ජාතික ප්‍රතිපත්තියක්
2023 අගෝස්තු මස 08 439 0

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීම සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලසුම ක්‍රියාත්ම


Elephant House, Lanka Premier League 2023 සමඟ අත්වැල් බැඳගනී
2023 අගෝස්තු මස 04 34 0

ශ්‍රීලංකාවේවඩාත්මවිශ්වසනීයමආහාරපානසන්නාමයවනඑලිෆන්ට්හවුස්, ශ්‍රීලංකාවේවිශාලතම T20 ප්‍රිමියර්ලීගයවන“Lanka Premier League 2023”සමඟඅත්වැල්බැඳගත්බවසතුටින්දැනුම



ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි
2023 මැයි මස 29 726 3

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 263 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 163 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 136 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site