(මුදිතා දයානන්ද )
මෙතෙක් කල් හිටපු ජනාධිපතිවරු සියලු දෙනාට වඩා විශාල ජනතා ප‍්‍රසාදයක් වත්මන් ජනාධිපතිට ලැබී තිබෙනවා. ඒ මත්ද්‍රව්‍ය වලට එරෙහිව ගෙන යන ක‍්‍රියමාර්ග නිසා යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) පැවසීය.
ඔහු මෙසේ පැවසූයේ විපක්ෂනායක කාර්යාලයේදි පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් වන අතර තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
මාර්තු 08 වෙනිදා මහනුවර කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන පළමු රැළිය පැවැත්වෙනවා. මේක පළමු රැළිය වන්නේ විපක්ෂ නායක කම දිනාගෙන පවත්වන පළමු රැළිය නිසයි. අපි පනස් දෙදෙනෙකුගෙන් පටන් අරන් මන්ත‍්‍රීවරු සංඛ්‍යාව අනූව සීය වුණත් අපි දිගටම සටන් කළේ විපක්ෂ නායක කමටයි.
ඒක අපිට දැන් ලැබී තිබෙනවා. ඒ නිසා සැබෑ විපක්ෂනායක ධූරයක් දිනාගෙන මහනුවර පැවැත්වෙන පළමු රැළිය තමයි අපි මාර්තු 08 පවත්වන්නේ.
2015 සිටම මේ රටේ තිබුණේ විකෘති ආණ්ඩුවක්. ආණ්ඩුව ඇතුලේ විශාල ගැටුම්. 19 ව්‍යවස්ථා සංශෝධනය අයිසින් යොදා ගෙන අසූචි ගොඩක්. මේක ගෙනාවේ එක පවුලක් ඉලක්ක කරගෙන. ඊට පස්සේ ව්‍යවස්ථා සභාවක් ඇති කළා. සුජාත බබා කිය කියා අගමැති හන්දි ගාණේ ගිහින් කියන්නේ ඒ ගැනයි.
මෙය නියෝජනය කරන්නේ විවිධ පක්ෂ හා සංවිධාන වලින් වුණත් එහි සිටින්නේ එකම කඳවුරක් නියෝජනය කරන අයයි. ස්වාධීන මැතිවරණ කොමිසම දින නියමයක් නැතිව මැතිවරන කල් දමන්න ඉඩ හැර තිබෙනවා. ජනතා පරමාධිපත්‍ය බලයට ඉඩක් නැති කරලා. කොහොමද ඒක ස්වාධීන වෙන්නේ?
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළින් විදේශ රැකියා සදහා පිටව යන ශ්‍රී ලාංකිකයන්ට ඉදිරියේ දී වට්ටම් ලබා දීමට රජය සුදානම් යැයි සංචාරක අමාත්‍ය ප්‍ර
පක්ෂයේ සංවිධාන ජාලය සහ ශාඛා සමිති ශක්තිමත් කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් මේ සති අන්තයේ සිට ආරම්භ කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
තම අභිමතාර්ථ ඉටුකරගැනීම වෙනුවෙන් පැය 24 ක් තුළ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති ආණ්ඩුවට ජනතා අවශ්‍යතා වෙනුවෙන් මාස දහයක් තුළ කිසිවක් ඉටුකර ගැනීමට
විධායක ජනාධිපති ධූරයේ බලතල සීමාකර ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තුවත් ශක්තිමත් කිරීමට 19 වන සංශෝධනයට අත එස වූ පිරිස පාර්ලිමේන්තුවත් ප්‍රජාතන්ත්‍රව
තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ජනතාවගේ යහපත් අපේක්ෂාවන් ඉටු කරනවා වෙනුවට වර්තමාන ආණ්ඩුව පළවෙනි කැබිනට් මණ්ඩලයේ දීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසිකර දමා ජනත
සෞදි අරාබියේ වසර 30කට ආසන්න කාලයක් සේවය කරමින් සිටියදී මීට මාස දෙකකට පමණ පෙරදී රෝගාතුරවී සිහිසුන් තත්ත්වයෙන් එරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘මෙතෙක් සිටි ජනාධිපතිවරුන්ට වඩා වත්මන් ජනාධිපතිට ප්‍රසාදය වැඩියි‘