(සටහන ජායාරුප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය අර්ධද්විපයේ රතු ලුනු වගාවට සීග්‍රයෙන් පැතිරි යන ඩිස්කෝ නැමති දීලිරයක් හේතුවෙන් වගාවන් සම්පූර්ණයෙන් වැනසී යමින් ඇති බව වගාකරුවෝ පවසති.
පවතින වැසි තත්වයත් සමග මෙම දීලිරය පාලනය කර ගැනිමට නොහැකි වි ඇති බවත් මේ වන විට අක්කර දහසකට වැඩි (1000) භුමියක රතු ලුනු වගාව කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකිව අත්හැර දැමිමට සිදුව ඇති බවත් ගොවිහු කියති.
කල්පිටිය අර්ධද්විපයට අයත් දළුව, නාවක්කාඩුව, මාන්පුරිය, නොරෝච්චෝල, ඉලන්තඩිය, එත්තාලේ, තලවිල, පල්ලිවාසල්තුරේ, පාලකුඩා , නාරක්කල්ලිය, ඇතුළු ගම්මාන වල මෙවර අක්කර 2000 වැඩි ප්‍රමානයක රතු ලුනු වගා කර ඇති බව ගොවිහු පවසති.
ගොවින් පවසන ආකාරයට ඩිස්කෝ නැමති මෙම දීලිරය රතු ලුනු වගාවට පැතිරි යාමත් සමග වර්ධනය සම්පුර්නයෙන් බාල කරන බවත් ඉන් පසු කිසිදු ආකාරයකින් අස්වැන්න ලබා ගැනිමට නොහැකි වී ගස මැරි විනාශ වන බව ගොවීහු කියති.
තම රතු ලුනු වගාවන් විනාශ වු වගා කරුවකු වන කපිල සංජීව මහතා අදහස් දක්වා සිටියේ මෙවැන්නකි.
“ මේ පවතින වැසි තත්වයත් එක්ක ඩිස්කෝ ඇවිත් රතු ලුනු වගාවන් සම්පුර්ණයෙන් විනාශ වෙලා .මේ වෙද්දි එක ගොවියකුට අඩුම තරමින් ලක්ෂ තුනකට වැඩිය පාඩුයි .ඒ කියන්නේ මේ වෙද්දි කල්පිටියේ අක්කර 1000 විතර විනාශ වෙලා .දැනට අපි හිතන විදිහට ගොවින්ට වෙලා තිබෙන පාඩුව රුපියල් කෝටි ගානක් .නමුත් කිසිම නිළධාරියකු ඇවිත් සොයා බලන්නේ නැහැ. අනිත් කාරණය තමා වෙළද පොලට යන්න තිබුන කල්පිටියේ රතු ලුනු කිලෝ ලක්ෂ ගානක් අහිමි ව යාම ඒ ගැන කිසිම අයෙක් කථා කරන්නේ නැහැ යැයි ඔහු පවසයි.
මේ පිළිබදව පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ඩබ්ලියු .එම් .එස් . වන්නිනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ මෙවැන්නකි.
“ අපිට දැනට ඔය ගැන වාර්තා වි තිබෙනවා .අපේ පාලකුඩා ගොවිජන මධ්‍යස්ථානයේ කෘෂීකර්ම උපදේශක මහත්වරුන් දැනුවත් කරලා තියෙන්නේ. මම මේ ගැන නැවත සොයා බලන්න කියන්නම්‘‘ යනුවෙනි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අක්කර දහසකට වැඩි ප්‍රමාණයක රතු ලූණු වගාව විනාශයි - ගොවිහු පවසති