අධ්‍යාපන ක්ෂේත්‍රයේ අර්බුද රැසක් හටගෙන ඇති බවත් මුදල් වෙන් කිරීමෙන් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ඒවාට විසඳුම් සෙවිය නොහැකි බවත් ජාතික ගුරු සවිය සංවිධානයේ සභාපති බෝසෙත් කළහේපතිරණ මහතා අද (18) පැවැසීය.
අධ්‍යාපනය අර්බුදය ජාතික අර්බුදයක් බවත් ජනාධිපතිවරයාගේ සිට සියලු පාර්ශව මෙම ජාතික අර්බුදය විසඳීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ත් ඔහු කීවේය.
“විද්‍යා විෂය නොමැති පාසල්වලින් පවා දරුවෝ විද්‍යා විෂයෙන් උසස් පෙළට සහභාගී වන සිදුවීම් අපට වාර්තා වෙනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන දරුවන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් උසස් පෙළ විභාගයට ඉදිරිපත් වෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික්කය දුෂ්කර දිස්ත්‍රික්කය ලෙස සැලෙකනවා. විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී අඩු ඉසෙඞ් අගයකින් මේ ප්‍රදේශයේ දරුවන්ට විශ්ව විද්‍යාලවලට පිවිසීමට අවස්ථාව සැලසෙනවා. මේ අවස්ථාවෙන් බොහෝ පිරිස් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. ඔවුන් නීති විරෝධී ලේඛන සකසමින් කටයුතු කරන අතර ඒවාට අධ්‍යාපන බලධාරීන්ගේ සහාය ද හිමි වෙනවා.“ යැයි ජාතික ගුරු සවිය සංවිධානයේ නුවරඑළිය දිස්ත්‍රික් නියෝජිත මාකඳුරේ රතන හිමියෝ පැවසූහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
‘අධ්‍යාපනයේ අර්බුද ගොඩනැගිලි ඉදිකිරීමෙන් විසඳන්න බෑ‘