(රේඛා තරංගනී ෆොන්සේකා)
විදේශගත වූ සිය බිරිඳගේ අනියම් පෙම පිළිබඳව දැනගන්නට ලැබී සිත් වේදනාවට පත්ව මොරටු මෝදර වරාය ප්‍රදේශයෙන් මුහුදට පැන්න දෙදරු පියෙක් පැයක මෙහෙයුමකින් (05) බේරාගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා මුහුදට පනින අයුරු සහ ඔහු ගසාගෙන යන අයුරු කාන්තාවක් දැක ඇති අතර ඇය විසින් ක්ෂණිකව එගොඩඋයන පොලිසියට සිදුකළ දැනුම් දීමට අනුව එගොඩඋයන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනිල් මාසකෝරාල මහතා සිය නිලධාරීන් සමග මුහුදට පැන්න පුද්ගලයා බේරාගැනීමට ක්‍රියාත්මක වී ඇත.
මොරටු මෝදර ධීවර වරායේ යාත්‍රා හිමිකරුවෙකු වන රෝහිත සිල්වා මහතා එම අවස්ථාවේදීම බෝට්ටුවක් ලබාදුන් බව සඳහන් කල පොලිසිය දෙදරු පියාගේ ජීවිතය බේරා ගැනීමට වහා ක්‍රියාත්මක වීමෙන් ධීවර යාත්‍රාවක් ලබාදුන් ධීවර ව්‍යාපාරිකයාගේ ඉදිරිපත්වීම ප්‍රශංසනීය බව ද පොලීසිය පැවසීය.
අදාළ ධීවර ව්‍යාපාරිකයාගේ බෝට්ටුව ක්ෂණිකව ලැබීමේ හේතුවෙන් මුහුදට පැන්න පුද්ගලයා බේරා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
අදාළ පුද්ගලයා පැයක පමණ මෙහෙයුමකින් පසු බේරා ගැනීමෙන් අනතුරුව සිහිසුන්ව සිටි ඔහුට ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කළ බවද පොලිසිය පවසයි.
සිහිලද ඔහුෙගන් සිදු කළ විමසීමේදී ඔහුගේ බිරිඳ වසර පහකට පෙර මැදපෙරදිග රැකියාවට ගොස් ඇති බවත් වර්තමාන කාලයේ බිරිඳගේ යම් වෙනස් වීමක් සිදුව ඇති බවත් ඒ පිළිබඳව සොයා බැලීමේදී ඇය අනියම් සම්බන්ධතාවයක පැටවී ඇති බවත් දැනගන්නට ලැබුණු බව දෙරු පියා විසින් ප්‍රකාශ කළ බව පොලිසිය පැවසීය.
වයස අවුරුදු තිස් හතක් වන මොහු වයස අවුරුදු දොළහක සහ වයස අවුරුදු 17 ක දරු දෙදෙනෙකුගේ පියෙක් බව පොලිසිය පවසයි.
මුහුදට පැන්න දෙදරු පියා වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පැවසීය.
දරුවන් ගැන සිතා කටයුතු කරන්නේද අවවාද කිරීමෙන් අනතුරුව ඔහුගේ මව කැඳවා මවට ඔහුව භාරදුන් බවද පොලිසිය පැවැසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනියම් පෙම නිසා දෙදරු පියා මුහුදට පනී
Aziz Saturday, 06 March 2021 10:09 AM
මෝඩ මනුස්සයෙක්
සල් Tuesday, 09 March 2021 06:05 AM
ගැහැනු පිටරටට යවලා හම්බ කරන ආණ්ඩු ඉන්නකල් මේවා පුවත් වෙයි