හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම නගරයේ ගංවතුර බැස නොයෑමේ ගැටලුවට මුල් වූ අයි. ඩී. එච්. ඇළ පිරිසිදු කර නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට නගර සභාවෙන් කටයුතු කර තිබුණ ද ඇළ දෙපස අනවසරයෙන් බැඳ ඇති තාප්ප බාධාවක් වී ඇතැයි පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා පවසයි.
පුත්තලම නූර් නගර් දුම්රිය ස්ථානයේ සිට පුත්තලම කලපුව දක්වා කිලෝ මීටර් පහකට වැඩිදුරක් දිවෙන මෙම අයි. ඩී. එච්. ඇළ සකසා තිබුණේ වැසි සමයේ දී ගලා එන ජලය අවට ගම්මානවලට බාධා රහිතව කලපුව දක්වා ගලා යාමට යි.
නමුත් කිසිදු නඩත්තුවක් නොකිරීම හේතුවෙන් ඇළේ ඇතැම් ස්ථාන ගොඩවීමටත් ඇතැම් තැන් ජලය රැඳී මැසි මදුරු වාසභවනක් බවට පත්වීමටත් පටන්ගෙන ඇතැයි ජනතාව පවසති.
මෙම අයි. ඩී. එච්. ඇළ වසර 50 ක කාලයක් කිසිදු සංවර්ධනයකට ලක් නොවිණි. ඒ නිසා පුද්ගලයින් කිහිපදෙනෙකු ඇළේ ඇතැම් කොටස් අනවසරයෙන් අල්ලාගෙන තාප්ප ඉදි කර තිබේ. එබැවින් ඇළේ ගලා යන ජලය නැවතී ඇති බව ජනතාව චෝදනා කරති. මේ වන විට ඇළේ සංවර්ධන කටයුතු ආරම්භ වී ඇතත් එයට බාධා එල්ල වන්නේ ඇළ අනවසරයෙන් අල්ලාගෙන තාප්ප ගසා ගෙන සිටින කිහිප දෙනෙකුගෙන් පමණක් බව ද ඔවුහු කියා සිටිති.
සෑම ගංවතුර සමයකදී ම අයි. ඩී. එච්. ඇළ පිටාර ගැලීම නිසා පුත්තලම නගර සීමාවේ පිහිටි කොස්තා මාවත, ආනන්ද මාවත, පෙස්ටස් පෙරේරා මාවත, ජය මාවත හා අයි. ඩී. එච්. මාවත් තුළ පදිංචි පවුල් 200 කට වැඩි පිරිසක් මාසයකට අධික කාලයක් පීඩාවට පත්වන බව ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ එම්. ඒ. මංජුලා දිල්රුක්ෂි මහත්මිය,
“ මේ ඇළ හදද්දි මගේ නිවස පිටුපස තාප්පය සම්පුර්ණයෙන් කඩා දමන්න සිදු වුනා. නමුත් කිසිම දෙයක් නොකියා එයට සහාය දුන්නා. මොකද මේ ඇළේ වතුර ගං වතුර කාලවලදි පිටාර ගලද්දි මාස ගාණක් අපි දුක් විදිනවා. ඒ නිසා මේ තාප්පය කැඩුනා කියලා මම ගැටළුවක් ඇති කර ගත්තොත් මේ පාරත් ගං වතුරට අපිට ගෙවල් අතහැරලා යන්න වෙනවා” යැයි ඇය පැවසිය.
ඉවොන් මේරි මහත්මිය ද අදහස් දැක්වුයේ මේ ආකාරයටය.
“ මේ ඇළ අපි දන්න කාලයකින් සංවර්ධනය කරලා නැහැ. මැස්සෝ මදුරුවෝ පිරිලා. ඒ නිසා ඇළ කපන්න පටන් ගත්ත එක සතුටට කරුණක්. නමුත් සමහරු ඇළ අල්ලාගෙන තාප්ප ගහලා ඇළ හදන්න දෙන්න බැහැ කියනවා. පවුල් 200 ක් විතර විඳින පීඩාව නවත්වන්න නම් ඇළ හදන්නම ඕනා. ”
ඇළ හරස් කරමින් තාප්පය ඉදි කර ඇති කාන්ති බණ්ඩාරනායක මහත්මිය එම ස්ථානයට පැමිණ ඇළ සැකසීමට විරෝධය මතු කිරීමත් සමඟ ජනතාව මෙම කාන්තාවට විරෝධය පා තිබිණි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’