(සිතුම් චතුරංග)
මහවැලි එල් කලාපය යටතේ කොක්කුතුඩුවායි, කර්නාටකේණි හා කෝකිලායි හි ප්‍රදේශයේ පවතින ඉඩම් මුලතිව් හි දෙමළ ජනතාවට ලබාදෙන ලෙස ඉල්ලා මුලතිව් ප්‍රදේශවාසීහු පිරිසක් අද (28) මුලතිව් දිස්ත්‍රික ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
මහවැලි එල් කලාපයේ පවතින දෙමළ ජනතාවගේ කුඹුරු ඉඩම් හා අනෙකුත් ප්‍රදේශ සිංහල ජනතාව විසින් ආක්‍රමණය කර ඇති බවත් එම නිසා මුල් පදිංචිකරුවන් වන දෙමළ ජනතාවට මෙම ඉඩම් අයිතිය ලබාදෙන ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියහ.
විරෝධතාවයට එක්ව සිටි හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෙයිරාසා රවීහරන් මහතා පවසා සිටියේ දෙමළ ජනතාවගේ කුඹුරු ඉඩම් ජනකපුර හා අවට සිටින සිංහල ජනතාව ආක්‍රමණය කර ඇති බවත් දෙමළ ජනතාවගේ ඉඩම් තුළ සිංහල ජනතාව මහවැලි එල් කලාපය යටතේ වගා කර ඇති බවයි.
පැයකට ආසන්න කාලයක් මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අවහිරකරමින් විරෝධතාකරුවෝ ඉඩම් අයිතිය ඉල්ලා බැනර් හා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවූහ.
විරෝධතාකරුවන් විසින් ඉඩම් අයිතිය ඉල්ලා සකස් කළ සංදේශය මුලතිව් දිස්ත්‍රික් ලේකම් රූපවතී කේදීෂ්වරම් මහත්මිය වෙත බාරදීමෙන් පසුව විරෝධතාව අවසන් කෙරිණි.
විරෝධතාවය සඳහා දෙමළ සන්ධාන ප්‍රාදේශීය දේශපාලන ක්‍රියාකාරීහු, සිවිල් සංවිධාන ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටියහ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
ඉඩම් අයිතිය දෙන්නැයි ඉල්ලා මුලතිව් ගම්වැසියෝ විරෝධතාවයක
senevi Wednesday, 28 August 2019 10:43 AM
සිංහල මිනිස්සු යාපනෙන් එලවල දාල යේම ටිකෙන් ටික රටම ආක්‍රමණය කරන්න එන්න වගේ හදන්නේ