IMG-LOGO

2024 ඔක්තෝබර් මස 18 වන සිකුරාදා


ඊනියා දේශප්‍රේමින් ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලෙට දෙනවා

 

 
(චන්ද්‍රසේන ගමගේ)

දේශප්‍රේමී ස්වරූපයෙන් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කොරෝනා වසංගතය මැද්දේම රටේ ආර්ථිකයේ මරමස්ථාන කුණු කොල්ලයට විකිණීමේ දුෂ්ඨ ක්‍රියාවලියක යෙදමින් ඉන්නා බවත් ඊට එරෙහිව මේ රටේ ජාති මාමක බලවේග පෙළගැසිය යුතු බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් අද(16) පෙරවරුවේදී තංගල්ලේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ ආන්ඩුව බලයට පත්වීම සදහා ඉතා නිර්ලජ්ජිත ක්‍රම වේද අනුගමණය කලා. බොරු දේශප්‍රේමයක් රට පුරා වැපුරවා. ජාති වාදය උපරිම ලෙස රට තුළ පැවරුවා. එලෙස ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරුණු ආණ්ඩුව මේ රටේ ජනතවගේ ඡන්දය ලබාගෙන රටේ මර්මස්ථාන ඉන්දියාවට චීනයට හා ඇමරිකාවට විකුණන්න පිඹුරු පත් සකස් කරමින් ඉන්නවා.
 
අපි දැන් අහනවා මේ ආන්ඩුව බලයට පත් කිරීම සදහා වෙහෙස මහන්සි වූ සමහර සංඝයා වහන්සේලාගෙන් අන්‍ය ආගමික ප්‍රධානීන්ගෙන් වියතුන් යැයි කියා ගත් වියත් මගේ උදවියගෙන් රටේ ජාතික සම්පත් විකිණීමේ ආන්ඩුවේ මේ දුෂ්ඨ වැඩපිළවෙලට ඔවුන් කැමතිද කියා.මේ ආණ්ඩුවට මේ රටේ ජනතාවගේ ඡන්ද ටික ලබා දෙන්න පෙරමුණ ගත්තා වගේම ඔවුන් මේ කොල්ලකාරී ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පරාජයට පත්කිරීම සදහා පියවර ගත යුතු වෙනවා. නමුත් එහෙම දෙයක් අපට මේ වන තෙක් පෙනෙන්ට නෑ.

පසුගිය මහ මැතිවරණ සමයේදී වරායේ සියළු වෘත්තීය සමිති එකතු වී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරජය කරන්න පෙරමුණ ගත්තා. නමුත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට නැගෙනහිර ජැටිය නොවිකුණ බවට පොරොන්දු දී සමහර වෘත්තීය සමිති රවටනු ලැබුවා.

නමුත් අපි දැනගෙන සිටියා මේ පාලකයෝ  සියළු පොරොන්දු කඩකර වෘත්තීය සමිති මුළා කරන බව . ආණ්ඩවට හිතවත් වෘත්තීය සමිති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පොරොන්දු වලට වටිනා කමක් දී සටනෙන් ඉවත් වුණා. දැන් ආණ්ඩුව වෙනත් වටයකින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පවරන්න කටයුතු කරමින් යනවා.

දැන් වරාය අධිකාරිය සතු වටිනාම වස්තුව වන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටියයි. ඒ මගින් වාර්ෂිකව රුපියල් කෝටි 3000 ට වඩා ආදායමක් ලබන බවට ගණන් බලා තිබෙනවා. රට වැටී ඇති මේ ජාතික ව්‍යසනයෙන් ගොඩගත හැකි එක් ප්‍රධාන තැනක් බවට කොළඹ වරායේ නැගෙනහිර ජැටිය හදුන්වන්නට පුළුවන්. එම ජැටියෙන් උපයන්න පුළුවන් විදේශ විනිමය අති විශාලයි.නමුත් තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් ඒ වටිනාකම් සියල්ල පසෙක දමා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකුණන්ට හදනවා.

මේ දේශපාලකයන්ගේ ඉතිහාසයම පුරාම සිදු කරනු ලැබුවේ තමන් සතු දේපල විකුණන් කෑමයි. චන්ද්‍රිකා බන්ඩාරණායක මහත්මිය ත්‍රිකුණාමලේ කොටසක් ෆ්‍රීමා සමාගමට වික්කා. රනිල් වික්‍රමසිංහ මෛත්‍පාල සිරිසේන ආණ්ඩුව හම්බන්තොට වරයා වික්කා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවත් විකණන්න ශරයන් බව ඔප්පු කොට තිබෙනවා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත් විකිණීමේ ශූරයෙක් බවට පත් වෙමින් ඉන්නවා.

මේ ධනපත් පාලකයින් ගේ මේ විකිණීමේ දුෂ්ඨ ක්‍රියාවලිය නැවැත්විය යුතුයි.ඒ සදහා මේ ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස් වගේම ඔවුන් පොළඹවන ලද සිවිල් සංවිධාන ක්‍රියා කාරීන් ද පෙරට ආ යුතුයි.කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සදහා ආණ්ඩුව ගනු ලබන පියවරන්  පරාජය කිරීම සදහා රටම පෙළ ගැසිය යුතුයි. ඒ සදහා ජාතික භික්ෂු පෙරමුණ ඉදිරයෙන්ම සිටිනා බව සදහන් කරන්නට කැමතියි.

 



අදහස් (5)

ඊනියා දේශප්‍රේමින් ආර්ථික මර්මස්ථාන කුණු කොල්ලෙට දෙනවා

දිලාන් Monday, 16 November 2020 01:30 PM

අර ආණ්ඩුව දකුණු ආසියාවේ වටිනාම වරාය වන "හම්බන්තොට වරාය" චීනෙට කුණු කොල්ලෙට විකුනද්දී කට්ටිය කොහෙද හිටියේ?

:       0       0

Ranasinghe Monday, 16 November 2020 07:14 PM

ගිහියනි පිටුපස සිට භිකශූන් වහන්සෙලා දේශපාලනයට නොපොලබන්න. එය පාපයකි.

:       0       0

ranjith Monday, 16 November 2020 10:58 PM

ඔබවහන්සේ හරි.

:       0       0

Ratnamalala Tuesday, 17 November 2020 04:14 AM

මොකක්හරි NGO අටමගලක් හදාගෙන මතුවෙලා මෙලෝ හසරක් නැතුව දොඩවනවා. පසුගිය සමයේ වෙච්ච දේවල් නොදැක්කා නොඇසුණා වගේ නිදා සිටි ය අය දැන් වීරයෝ වෙන්න දඟලනවා.

:       0       0

ලුම්බිණි Tuesday, 17 November 2020 04:49 AM

හාමුදුරුවනේ කලබල වෙන්න එපා. මේකට තමයි මේ රජය පත් කර ගත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 290 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1287 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 373 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 446 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 432 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 324 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 625 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 497 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1554 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site