(බදුල්ලේ පාලිත ආරියවංශ)
‘‘බදුල්ල මහ නගර සභාවේ සියළු දෙනාට මම කියන්නේ හරියට වැඩකරන්න හරියට වැඩ නොකර කකුලෙන් අදින්න එපා. කකුලෙන් ඇද්දොත් මම මගේ පෑන ක්‍රියාත්මක කරනවා‘‘... යැයි ඌව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අද (24) බදුල්ල මහ නගර සභාවේ කසල කළමනාකරණ වැඩසටහනකට සහභාගිවෙමින් පැවසීය .
ආණ්ඩුකාරවරයා එහිදී මෙසේද කීවේය.
‘‘මම තීන්දු තීරණ ගන්න බය නැහැ. හෙට මේ ආණ්ඩුකාරකම දාලා ගෙදරයන්න කියනවා නම් ඒකත් කරන්න මම ලෑස්තියි.‘‘
‘‘හරිදේ තමයි මම හැමදාම කරනනේ . මට හරි දේ කියන්නේ මොකක්ද ජනතාවට යහපතක් වෙන දේ තමයි හරිදේ කියන්නේ.‘‘
‘‘අපේ අනාගත පරම්පරාව කොහොමද ආරක්ෂා වෙන්නේ ..අන්න ඒ වෙනුවෙන් කරලා හෙට වුනත් ගෙදර යන්න මම ලෑස්තියි.‘‘
‘‘නමුත් කවුරුහරි ඒ වැඩපිළිවෙලට කකුලෙන් අදිනවා නම්, ඒකට බාධා කරනවා නම් අපිට සිද්දවෙනවා පෑන ක්‍රියාත්මක කරන්න. ඒකත් මට හොඳට පුරුදුයි. තීන්දු තීරණ ගන්න බය නම් මේ තනතුරුවලට ඇවිල්ලා වැඩකරන්න බැහැ.‘‘
‘‘මම රාජ්‍ය නිළධාරින් සියළු දෙනාටම කියලා තියෙන්නේ ගන්න තියෙන ඕනම තීන්දුවක් ගන්න වගකීම මම බාරගන්නම් කියලා‘‘
‘‘නැතිනම් මේක කරන්න බැහැ. තීන්දු දහයක් ගන්නකොට එකක් දෙකක් වරදින්න පුළුවන්. ඒත් සියයට 80ක සාර්ථකත්වයක් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එවැනි ඕනෑම තීන්දුවකට මම සහයෝගය දෙනවා..‘‘ යැයිද ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කකුලෙන් ඇද්දොත් පෑන ක්‍රියාත්මක කරනවා