IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කෘතිම ඇත් දළ ළඟ තබාගත් සැකකරුට ඇප

(ඩි.ජී.සුගතපාල)
 
ඉමදුව හව්පේ ප්‍රදේශයේදි මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගන්නා ලද ඇත්දල හතර විවෘත අධිකරණයේදි කපා බැලු අවස්ථාවේ ඒවා කෘතිමව සාදන ලද ඇත් දළ බව අනාවරණය විමෙන් බන්ධනාගාරගත කර සිටි විත්තිකරුට එම  ඇත්දල මුදාහැරිමට නියෝග කළ  ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා   ගල් කටස් වර්ගයේ ගිනි අවියක් තබා ගැනිමේ චෝදනාවට රුපියල් පන් දහසක දඩයක් අද (23) නියම කළේය.
 

මෙසේ දඩ නියම වුයේ රණේපුර හේවගේ පේමසිරි නමැති පනස්අට හැවිරිදි විත්තිකරුවෙකුටය . ඔහු මාසයක පමණ කාලයක් රිමාන්ඩ් කර සිටියේය.
 
 මෙම විත්තිකරු ඉමදුව හව්පෙ ප්‍රදේශයේ ගිනිඅවි නිෂ්පාදන කම්හලක් පවත්වා ගෙන යන බවට ලැබුන තොරතුරක් අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කණ්ඩායමක් විසින්  එම ස්ථානය වටලා මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ තවත් ගිනි අවි තුනක කොටස්ද විවිධ ප්‍රමාණයේ ඇත්දල හතරක්ද  සමඟ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා ඉමදුව පොලිසියට බාරදි තිබිණි.
ඒ අනුව ඉමදුව පොලිසිය විසින් එම නඩු භාණ්ඩද සමග පසුගිය ජූනි මාසයේ 25 වැනි දින විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට  නියෝග කළ  මහේස්ත්‍රාත්වරයා ඇත්දල රජයේ රස පරික්ෂක වෙත යවා වාර්තාවක් ලබා ගැනිමට නියෝග කළේය.
 
මේ අතර විත්තිකරුගේ නිතිඥවරුන්  අවස්ථා කිහිපයකදි අධිකරණයට කියා සිටියේ මෙම ඇත්දල කෘතිම ඒවා බවය.
 
ඒ අනුව මෙම ඇත්දල රජයේ රස පරික්ෂකට යැවිමට අවශ්‍ය වන්නේද නැතිනම් අධිකරණය විසින් පරික්ෂා කරන්නේද යන්න පිළිබඳව ඒවා අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරින්ගෙන් සහ ඉමදුව පොලිසියෙන් විමසිමෙන් පසුව විවෘත අධිකරණයේදි එම නිලධාරින් ඉදිරිපිටදි ඇත්දල වලින් ලබා ගන්නා ලද කොටස් කිහිපයක් කපා පරික්ෂා  කරන ලදී.
 
එහිදි අනාවරණයවුයේ ඒවා සත්ව කොටස් නොව ලී ඇතුලු  වෙනත් අමු ද්‍රව්‍ය යොදා ගනිමින් සාදන ලද ව්‍යාජ ඇත්දල බවය.ඒ අනුව ඇත්දල විත්තිකරුට මුදා හැරිමටත් බලපත්‍ර නොමැති ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට රුපියල් පන් දහසක දඩයක් ගෙවිමටත් මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
 



අදහස් (0)

කෘතිම ඇත් දළ ළඟ තබාගත් සැකකරුට ඇප

ඔබේ අදහස් එවන්න

 

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 370 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1359 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 420 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 516 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 488 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 373 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site