IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කන්දකුලිය ගම්වාසීන්ට තවමත් ඉඩම් ඔප්පු දී නැහැ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්  කන්දකුලිය සහ ඉච්චන්කාඩුව ගම්මානවල පදිංචි සිටින පවුල් 300කට ආසන්න ප්‍රමාණයක පිරිසකට ඉඩම් ඔප්පු ලබාදී නැතැයි ඔවුහු චෝදනා කරති.

පසුගිය නොවැම්බර් මාසයේදී ද කන්දකුලිය ගම්වාසීන්ට ඉඩම් ඔප්පු නොමැතිබව ලංකාදීපය 2018 නොවැම්බර් මස 29 දිනයේදී පළ කර තිබිණි. මාස 7ක් ගතවීද තවමත් ඔවුන්ට ඉඩම් ඔප්පු  ලබා දී නොමැත.
 
අවුරුදු 50, 30, 20 දක්වා කාල සීමාවක පදිංචි මෙම පවුල් තුන්වන පරම්පරාවක් දක්වා සාමාජිකයන් වෙසෙන බවත්, ඉඩම් ඔප්පු ලබා දී නොමැතිකමින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ධීවර රැකියාවේ නිරත මෙම ජනතාව පවසති.
 
තම දරුවන් පාසල් වෙත භාරදීම සඳහා මෙම ඉඩම් ඔප්පු අවශ්‍යව පවතින බවත්, පදිංචි ඉඩමට නීත්‍යනුකූල ඔප්පුවක් නොමැතිකමින් රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධානවලින් ලැබීමට තිබූ බොහෝ සහනද අහිමිවෙමින් පවතින බවත් ඔවුහු පවසති.
 
වසරේ මාස හයක කාලයක් පමණක් ධීවර වෘත්තීයේ නියැළෙන මෙම ජනතාවට ඉතිරි මාස හයක කාලය පුරා වෙනත් රැකියාවල නිරතවීමට සිදුව ඇති බවත්, ඉඩමක ඔප්පුවක් හෝ නොමැතිවීම හේතුවෙන් බැංකු ණයක්වත් ගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ද ඔවුහු කියති.
 
“ඉතාලියේ රස්සාවට  ගියාම, අවුරුදු පහක් හිටියාම ඒ රටේ ඉන්න සුදුසුයි කියලා පුරවැසිකම ලැබෙනවා. නමුත් අපි අවුරුදු 30 ක් ඉදලත් තාම අපිට මේ ඉඩම්වලට ඔප්පුව නැහැ” යැයි කන්දකුලිය ඉච්චන්කාඩුව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. නලින්කා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
 
මේ පිළිබඳව තම අදහස් එක් කළ ඉච්චන්කාඩුව  සුමිත් දිමුත් මහතා මෙසේ පැවසීය.

“ අපි අහසින් වැටුණු මිනිස්සු ගානට දාලා. ඉඩමක ඔප්පුව හදා ගන්න අවුරුදු 40 ක් විතර ගිහිල්ලාත් තවම බැහැ. නමුත් උතුරේ යුද්ධයෙන් මෙහෙ ආව ජනතාවට මෙහෙත් ඉඩම්, දැන් එහෙත් ඉඩම් ආයිමත් ලැබිලාලු. ඔවුන්ට ඔප්පුත් සකස් කරලා දීලා. අවුරුදු 40 කට වැඩිය පදිංචි වෙලා ඉන්න අපිට ඉඩමට ඔප්පු ලබා දෙන්නේ නැත්තේ ඇයි? අපේ ඉඩමට දීලා තිබුණු බලපත්‍රය අවුරුදු දෙකකට කලින් ග්‍රාම සේවක නෝනා අරන් ගියා. දැන් අපි තවත් අසරණ වෙලා” යැයි හෙතෙම සඳහන් කළේය.

 “මේ ඉඩම්වලට කලින් බලපත්‍ර ලබා දී ඇති බව මේ ගැන සොයාබලද්දි අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා ඉඩම් ගණනාවක ගැටලු තිබෙනවා. සමහර ඉඩම්වල මුල් පදිංචිකරුවන් නොවේ ඉන්නේ. නමුත් මේ ඉඩම්වලට අපෙන් විය යුතු කටයුතු අවසන් කරලායි තිබෙන්නේ. එම ඉඩම්වල මිනුම් කටයුතු සඳහා තොරතුරු මිනුම් අධිකාරියට යවා තිබෙනවා. ඉදිරියෙදී මේ කටයුතු සිදුවේවි” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් නන්දන සෝමතිලක මහතා පැවසීය.

(මේ සම්බන්ධයෙන් මීට පෙර පළ වූ ලිපිය සඳහා පිවිසෙන්න) 

 කන්දකුලියේ පදිංචිකරුවෝ ඉඩම් ඔප්පු ඉල්ලති 



අදහස් (0)

කන්දකුලිය ගම්වාසීන්ට තවමත් ඉඩම් ඔප්පු දී නැහැ

ඔබේ අදහස් එවන්න

 

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 370 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1359 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 420 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 516 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 488 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 373 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 744 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site