IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ බරවා රෝගීන් වැඩි වීමේ අවදානමක්

(සිරංගිකා ලොකුකරවිට )


ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන බරවා රෝගින්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් මේ හේතුවෙන් බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාදී ඇති සහතිකය පවා නොලැබීමේ අවදානමක් පවතින බවත් ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්දන ඒකකය බාර වෛද්‍ය මංජුල පුංචිහේවා මහතා පවසයි.

ඒ මහතා මෙසේ පවසා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ක්‍රික් බරවා රෝග මර්දන කමිටුව අමතමිනි.

එහිදී පුංචිහේවා මහතා මෙසේ ද පැවසීය,

"ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බරවා රෝගීන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. රුධිර සාම්පල පරීක්ෂාවෙන් පෙනෙනවා රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බව.  ශ්‍රී ලංකාව බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිබෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙලෙස රෝගීන් වාර්තාවුවහොත් මෙම සහතිකය නොලැබිමේ අවදානමක් ද තියෙනවා. බරවා රෝගය ගැන සරල විධියට හිතන්න එපා. එය ඉතාම දුක්ඛදායක රෝගයක්. මේ රෝගය වැළඳුන කෙනෙක් ජීවිත කාලයම දුක් විඳින්න වෙනවා. ඩෙංගු රෝගයටත් වඩා බරවා රෝගය අවදානම්. මේ නිසා මේ සම්බන්දව දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

රෝගින් වැඩිපුර වාර්තා වෙන්නේ දිස්ත්‍රික්කයේ වෙරළබඩ කළාපයෙන්, එනම් හබරාදුව සිට බෙන්තොට දක්වා කළාපයේ රෝගීන් වැඩිපුර හමු වෙනවා. බලපිටිය හා හබරාදුව ප්‍රදේශවල රෝගීන් වැඩිපුර හමුවුණා. වැසිකිලි වලවල් සහ අපිරිසිදු කාණු වල තමයි මෙම මදුරුවන් වැඩිපුර බෝවන්නේ, අප දැනට ගෙවල් 5000ක් පමණ පරීක්ෂා කර බලා තියෙනවා. එයින් සියයට 80ක පමණ වැසිකිලි වලවල් කැඩිලා. 

රාත්‍රී රුධිර සාම්පල පරීක්ෂාවට සහයෝගය දීම වැදගත් වෙනවා. කකුල් ඉදිමුණ රෝගීන් බරවා රෝග සායනයන් වෙත සහභාගී වීම අවශ්‍ය වෙනවා. අහංගම හා බලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සෑම සඳුදා දිනකම මෙම සායන පැවැත්වෙනවා."
 



අදහස් (1)

ගාල්ලේ බරවා රෝගීන් වැඩි වීමේ අවදානමක්

Sachitha lakmini Tuesday, 06 October 2020 03:45 AM

බරවා රෝගයෙන් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීමෙන් පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින දුර්වල පාරිසරික සනීපාරක්ෂාව. නාගරික සැලසුම් සැලසුම්කරණයේ දුර්වලත්වය, වැසිකිළි හා කාණු පද්ධති කිසිදු කළමනාකාරීත්වයකින් තොරව ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණයක් නොමැතිවීම නිසා අපිරිසිදු ජලය රැස්වෙන ස්ථාන බොහොමයක් ශ්‍රී ලංකාවේ පවතිනවා. එම නිසා අපිරිසිදු ජලය එකතු වන ස්ථාන තුරන් කිරීමෙන් සහ රෝගීන් හඳුනාගෙන රෝගය වාහකයා මගින් රෝගය බෝවීම පාලනය කිරිම මගිනුත් අපිට පුළුවන් මෙම බරවා රෝගය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගන්න. මෙවැනි අවාසනාවන්ත රෝගයකට ශ්‍රී ලාංකිකයන් ගොදුරු වීම වැළැක්වීමට අප මෙන්ම රජයද මැදිහත් වීමෙන් ඉක්මන් පියවර ගත ගත යුතුයි නේද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 370 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1359 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 420 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 516 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 488 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 373 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site