(මොහොමඩ් බුහාර්ඩින්)
ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පෙරස් සල්පේට්(යකඩ පෙති) නැමති ඹෟෂධය මාස කිහිපයක සිට නොමැති වීම නිසා ගර්භනී මව්වරු 800ක් පමණ දැඩි අපහසුතාවයට පත් වි සිටිති.
ගලේවෙල සෞඛ්‍යය නිලධාරි කාර්යාලට අනුබද්ද පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථාන 20 ක පවත්වාගෙන යන මාතෘ සායන වලදි මාස දෙකකට ආසන්න කාලයක සිට පෙරස් සල්පේට්( යකඩ පෙති) නැමති ඹෟෂධය ලබාදීමට නොහැකිවීම නිසා එම සායන වලට දැඩි ලෙස බාධා ඇතිවි ඇතැයි නිලධාරීහු පවසති.
ගලේවෙල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප‍්‍රදේශයට අයත් පවුල් සෞඛ්‍යය මධ්‍යස්ථාන 20 ක ලියාපදිංචිව සිටින ගැබිණි මවුවරුන් 800 ආසන්න ප‍්‍රමාණයකට මේ නිසා පෞද්ගලික ඔසුසල්වලින් විවිධ මිල ගණන්වලට ඹෟෂධ මිලදි ගැනිමට සිදුවි ඇති බවත්, අඩු ආදායම් ලාභී පවුල් වල සිටින මවුවරුන්ට මෙම ඹෟෂධය මිලදි ගැනීමට නොහැකිවී ඇති බවත් මව්වරු කියති.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍යය ශාන්ති සමරසිංහ මහත්මියගෙන් විමසීමේදී ඇය ප්‍රකාශ කළේ තමා මේ සම්බන්ධයෙන් දැනුම්වත් නැති බවයි.
වහාම සිය නිලධාරින් යවා සොයා බලා කඩිනමින් මෙම ඹෟෂධ ලබා දීමට පියවර ගන්නා බව ද ඇය කීවාය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ගලේවෙල සෞඛ්‍ය කාර්යාලයේ යකඩ පෙති නෑ - මව්වරු 800ක් අමාරුවේ
Raveendra Wednesday, 22 August 2018 07:33 AM
මේක දැක්කද ? දැක්කත් නොදැක්ක වගේ ඇති නේද මේ දවස්වල පොදු නායකයෝ ද මොක්කුද හොයනවනේ සති පොළවල් ගානේ ගිහින්.