IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි

(ටී.කේ.ජී.කපිල )
 
ගුවන් මගියෙකුට  හෘදයාබාධයක් ඇතිවීම නිසා ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ඒ වනවිට ගමන් ගනිමින් තිබූ ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන ඒ - 380 එයා බස් වර්ගයේ  ගුවන් යානයක් අද (08)  උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වන ලද බව ගුවන් තොටුපළ කාර්යභාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.
 
අබුඩාබි සිට ඕස්ට්‍රේලියාවේ , සිඩ්නි බලා ගුවන් ගනිමින් තිබූ ඊ.වයි.- 454 දරණ එටිහැඩ් ගුවන් සේවයට අයත් මෙම ගුවන් යානය මෙලෙස කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබුණි .
 
 
මෙම ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි 29 හැවිරිදි රුමේනියානු ජාතිකයෙකුට මෙසේ මෙම හදිසි හෘදයාබාධය වැළදී තිබූ අතර , ඔහු කටුනායක ගුවන් තොටුපළ වෛද්‍ය ඒකකයේ නිලධාරීන් වෙත භාර දීමෙන් අනතුරුව , ගුවන් තොටුපළ ගිලන් රථයක් මගින් වහාම මීගමුව පෞද්ගලික රෝහලක් වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ .
 
 
ඒ අතර මෙම ගුවන් යානය සදහා රුපියල් අනූ හත් ලක්ෂ හැත්තෑ හතර දහසක්  (97,74,000 ) ක් වටිනා ගුවන් යානා ඉන්ධන ලීටර් එක් ලක්ෂ හත්සිය හැටක් (100,760) ක් ලබා දුන් බව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශකවරයෙකු පැවසීය .
 
මෙම ගුවන් යානය තුළ මගීන් 443 ක් සහ කාර්යය මණ්ඩලය 21 ක් සිටියහ .
 
 එහෙත් මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමේදී කාර්මික දෝශයකට ලක් වීම නිසා , යළි පිටත්ව යෑම අවලංගු කර , එහි සිට මගීන් සහ කාර්යය මණ්ඩලය මේ වනවිට ගුවන් තොටුපළ අවට සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.



අදහස් (5)

ගුවන් යානයක් හදිසියේම කටුනායකට ගොඩබස්සවයි

රවින් Friday, 08 February 2019 08:50 AM

මෙවැනි ආර්ථික ප්‍රතිඵල තවතවත් මේ රටට අවශ්‍යයි. රෝගී තත්වය ගැන අවංකවම කණගාටුවෙන අතර, මෙහිදී සැලකිල්ලට ගත්තේ ක්ෂණික ආර්ථික ප්‍රතිඵල පමණි. මෙම A -380 ගුවන්වාරය (ඩුබායි-මෙල්බර්න් ) කීපවරක්ම ශ්‍රී ලංකාවට ගොඩ බැස්සුවා මතකයි.

:       2       10

Lankaputha Friday, 08 February 2019 09:03 AM

ගුවන් ඉන්ධන පෙට්‍රල් වලට වඩා මිලෙන් අඩුයි.

:       0       18

ගුරා Friday, 08 February 2019 09:08 AM

ගණන් හදලා බලාපල්ලා. තෙල් ලීටරයක මිල රු.97ක් වෙන්නේ...

:       0       24

nuwan Friday, 08 February 2019 09:41 AM

ඒ අයගෙන්ම ගත්තු තෙල්මනෙ ඒ අයටම විකුනලා තියෙන්නෙ. ඕක අයිති එමිරේට් වලට

:       0       2

sirimal Friday, 08 February 2019 09:43 AM

ගුවන් යානා නැතුව වේලෙන නවීන ගුවන් තොටුපළවල්, නැව් නැති වරායවල් නඩත්තු කරන්න තියෙන එකේ කඩා හැලෙන අහස් යන්තරා වලට තෙල් ගහල හරි රටේ ආර්ථිකය ගොඩ ගන්න බලමු.

:       1       4

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 263 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1264 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 355 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 422 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 418 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 306 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site