(අනීෂා මානගේ)
කලක පටන් තංගල්ල නගරසභාවට අයත් ගිනි නිවීම් ඒකකයේ රුපියල් හය ලක්ෂ හැටනවදහසක් වටිනා ආයුධ කට්ටලයක් අතුරුදන්වීමට චෝදනා ලැබූ හිටපු සභාපතිවරයකු මේ වනතෙක් එම උපකරණ නැවත නීත්‍යනුකූලව බාර දී නැතැයි එහි සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා පවසයි.
සුනාමි ව්‍යවසයෙන් පසුව තංගල්ල නගරසභාවේ ගිනි නිවීම් ඒකකයට ජර්මනියෙන් ආධාර ලෙස හිමි වූ ආයුධ කට්ටලයක් මෙලෙස හිටපු සභාපතිවරයකු විසින් වංචා කර ඇතැයි සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි මහතා කියයි.
මෙම ආයුධ කට්ටලය අතුරුදන්වීම සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ හිටපු ලේකම්වරයා විසින් 2015 වර්ෂයේදී තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එහි විමර්ශන කටයුතු කෙරෙමින් තිබියදී චෝදනාවට ලක්වූ හිටපු සභාපතිවරයා යළි එම ආයුධ කට්ටලය ලබා දෙන බවට පොරොන්දු වී ආයුධ කට්ටලයක් තංගල්ල නගරසභාවට ලබා දී ඇත.
එලෙස ලබා දුන් ආයුධ කට්ටලයේ වටිනාකම අඩුවීම හේතුවෙන් සහ ඇතැම් ආයුධ අඩුවීම හේතුවෙන් පරීක්ෂණ කළ විමර්ශන නිලධාරීන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එම ආයුධ කට්ටලය ප්‍රතික්ෂේප කර තිබිණි. තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙමින් පවතිද්දී හිටපු සභාපතිවරයා මුල් ආයුධ කට්ටලය තමන් සතු යැයි පවසා එය අද(18) තංගල්ල නගරසභාවට ගෙනැවිත් බාර දීමට පොරොන්දු වී තිබිණි. ඒ අනුව යළිත් ආයුධ කට්ටලයක් ත්‍රිරෝද රථයක පටවා තංගල්ල නගරසභාවට එවා තිබිණි. හිටපු සභාපතිවරයා හෝ ඔහුගේ වගකිවයුතු නියෝජිතවරයකු මාර්ගයෙන් එම ආයුධ කට්ටලය නොඑවීම හේතුවෙන් වර්තමාන සභාපතිවරයා සහ විමර්ශන නිලධාරීහු යළිත් එය ප්‍රතික්ෂේප කර හරවා යැවීමට කටයුතු කළහ.
අප මේ සම්බන්ධයෙන් තංගල්ල නගරසභාවේ සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි (එක්සත් ජාතික පක්ෂය) මහතාගෙන් කළ විමසීමේදී ඔහු මෙසේ පැවසූයේය.
“තංගල්ල නගරසභාවේ හිටපු සභාපතිවරයකු විසින් බලහත්කාරයෙන් කිසිදු අනුමැතියකින් තොරව නගරසභාවේ ගිනිනිවීම් ඒකකයට සුනාමි ව්‍යවසයෙන් පසුව ජර්මනියෙන් ආධාර ලෙස ලැබුණු ආයුධ උපකරණ කට්ටලයක් රැගෙන ගොස් තිබුණා.
මම දිගින් දිගටම මෙය ලබා දෙන ලෙස ඉල්ලිම් කළා. මම සභාපතිවරයා ලෙස පත්වීමට පෙර ලේකම්වරයා විසිනුත් මේ බව ඔහුට දන්වා තිබුණා. පසුගිය වසරේදී ආයුධ කට්ටලය ලබා දුන් පසු හම්බන්තොට දිස්ත්‍රීක් සහකාර කොමසාරිස්වරයා, විමර්ශන නිලධාරීන් සහ ගිනිනිවීම් ඒකකයේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර තිබුණා. ජර්මනියෙන් ලද ආයුධ කට්ටලය වෙනුවට වටිනාකමින් අඩු ආයුධ කට්ටලයක් ලබා දුන් නිසයි එය ප්‍රතික්ෂේප කර තිබුණේ. එහි ආයුධ ප්‍රමාණයත් අඩුවයි තිබී ඇත්තේ. මේ හේතුව නිසා නීත්‍යානූකූලව කටයුතු කරද්දී නැවත වසරකට පමණ පසුවයි මෙම ආයුධ කට්ටලය ලබා දෙන බව පැවසුවේ. කිසිදු නියෝජිතයෙක් නොමැතිව එම උපකරණ කට්ටලය ගෙනත් දුන්නා. මෙය නැවතත් විමර්ශන නිලධාරීන් සහ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ප්‍රතික්ෂේප කළා. මේ පමණක් නෙවෙයි අපේ නගරසභාව සතු වෙනත් උපකරණත් කිසිදු අනුමැතියකින් තොරව රැගෙන ගොස් තිබුණා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට මම අදාල බලධාරීන්ට යොමු කළා. ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි කටයුතු කරනවා” යැයි සභාපතිවරයා පැවසුවේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
තංගල්ල නගරසබේ හිටපු සභාපතිවරයෙක් ලක්ෂ 6ක ආයුධ කට්ටලයක් වංචාකරලා