(මහේෂ් කිර්තිරත්න)
වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූනු ගොවීන්ට හෙක්ටයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූනු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ.
යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ.
නමුත් එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය දා කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.
මෙම රජය බලයට පත්වීමට පෙර වගා හානි ලබා ගැනීමට නම් ගොවින් විසින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත යුතු වු අතර ඒ සඳහා වාරික දායක මුදලක් ගෙවිය යුතුව තිබිණි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රධාන බෝග 06ක් සඳහා දායක මුදලකින් තොරව නොමිලේ වගා රක්ෂණය ලබාදීමේ වැඩ පිළිවෙළක් 2018 යල කන්නයේ සිට අරඹනු ලැබීය.
ඒ අනුව වී, අමු මිරිස්, ලොකු ලූනු, අර්තාපල්, බඩඉරිගු, හා සෝයාබෝංචි වගා කරන ගොවීන් හට නියඟය, වැස්ස, හා වනඅලින්ගෙන් වගා හානියක් සිදුවුවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් වගා හානි වන්දි මුදල් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා රජය වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 5228කි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දඹුල්ලේ වැස්සට හානි වු ලූනු ගොවීන්ට වන්දි