(අනීෂා මානගේ)
නීති විරෝධී අන්දමින් ගල්කටස් වර්ගයේ ගිනි අවි බෙහෙත් කොටන තුවක්කු, කඩු ඇතුළු අවි ආයුධ නිෂ්පාදනය කර අලෙවි කරන බව කියන කම්මලක් වටලා එම කම්මලේ සහායකවරයා අත්අඩංගුවට ගැනීමට අඟුණකොළපෑළැස්ස පොලිස් ස්ථානයේ නිලධාරීහු අද(15) සමත් වූහ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අඟුණකොළපෑලැස්ස උස්වැව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයකු බව නිලධාරීහු කියති.මොහු කම්මලේ සහායකවරයා ලෙස සේවය කළ පුද්ගලයා බව පොලිසිය කියයි.
අඟුණකොළපෑළැස්ස උස්වැව මිලක්කතිස්ස ප්‍රදේශයේ පිහිටි කම්මලක් වටලා මෙම අවි ආයුධ සොයාගැනීමට නිලධාරීහු සමත්වූහ.
බෙහෙත් පුරවන ලද බෙහෙත් කොටන වර්ගයේ තුවක්කුවක්, බෙහෙත් පුරවන ලද බඳින තුවක්කු දෙකක්, බෝර දහසය පතුරොම් යොදන ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බෝර දහසය වර්ගයේ ජීව පතුරොමක්, මරුවැල්වලට උපයෝගී කරගන්නා සිහින් කම්බි, අහස් කූරු, උණ්ඩ සකස් කිරීමට යොදාගන්නා ඊයම් කිලෝග්‍රෑම් 2ක් පමණ, කඩුවක්, ආයුධ නිශ්පාදනය කිරීමට යොදාගත් බව කියන උපකරණ රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.
මෙම කම්මලේදී නිශ්පාදනය කරන අවි ආයුධ රුපියල් දහසත් දසදහසත් අතර මිලකට අලෙවි කර ඇති බවට තොරතුරු අනාවරණය කර ගත් බව පොලිසිය කියයි. මෙම අවි ආයුධ මිලදී ගත් පුද්ගලයන් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර එම පුද්ගලයන් සහ කම්මලේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නීතී විරෝධි අවි ආයුධ කම්මලක් වටලයි