(රොමේෂ් මධුෂංඛ)
උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බවට ප්‍රදේශයන් හි පිහිටි ආපදා කළමනාකරණ ඒකකය කියයි.
උතුරු පළාතේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 32කට අයත් ජනතාව මෙසේ පවතින නියං තත්වයන් හේතුවෙන් පීඩාවන්ට පත්ව සිටින බවට දිස්ත්‍රික් භාර ආපදා කළමනාකරණ ඒකකයන් පෙන්වා දෙයි.
මේ අනුව යාපනය දිස්ත්‍රික්කයෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15කට අයත් පවුල් 30,408කට අයත් පුද්ගලයන් 110,156 දෙනෙකු පීඩාවට පත්ව සිටිති.
වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට පවුල් 1,974කට අයත් පුද්ගලයන් 7,276ක් පීඩාවට පත්ව ඇත.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට අයත් පවුල් 24,099 කට අයත් පුද්ගලයින් 81,887ක් පීඩාවට පත්ව ඇත.
මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 29,421කට අයත් පුද්ගලයන් 102,163ක්, විපතට පත්ව ඇති අතර මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4කට අයත් පවුල් 5737කට අයත් පුද්ගලයන් 18,069ක්, විපතට පත්ව ඇති බවට අදාළ දිස්ත්‍රික්කයන් හි පිහිටි ආපදා කළමනාකරණ ඒකකයන් විසින් පෙන්වා දෙයි.
ප්‍රදේශයන්හි පිහිටි කුඩා වැව් සිඳී යාම හා වර්ෂාව නොලැබීම හේතුවෙන් දිනෙන් දින පීඩාවට පත්වන ප්‍රමාණයන් වැඩිවිය හැකි බවටද ආපදා කළමනාකරණ ඒකකයන් හි නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දෙයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නියඟයෙන් උතුරේ පවුල් 91,639 කට පීඩා