(සමන් පාලිත නානායක්කාර)
දුරුතු පොහෝ දා බලපත්‍ර රහිතව රජයේ අරක්කු අලෙවි කළ පුද්ගලයකු සහ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවල පොලිසිය කියයි.
බණ්ඩාරවෙල ඇල්ල තොට ගරාජයක් තුළ අරක්කු තබාගෙන සිටි පුද්ගලයකු අරක්කු බෝතල් 24 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
පොහෝ දා මත්පැන් අලෙවි සැල් වසා තැබීම හේතුවෙන් වැඩි මිලට විකිණීම සඳහා මෙම මත්පැන් තොගය ගබඩා කරගෙන තිබේ.
බණ්ඩාරවෙල ජලාශ කන්දේ නිවසක නීතිවිරෝධී ලෙස කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අදාල භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී නීති විරෝධී කසිප්පු බෝතල් 10 ක් සහ බැරල් , දඟර සහ ගැළුම් ඇතුළු පෙරන උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පෝදා අරක්කු - කසිප්පු අලෙවි කළ තිදෙනෙක් අත්අඩංගුවට
lalithm Saturday, 11 January 2020 06:48 AM
පෝයට විතරක් අරක්කු මත්පැන් තහනම් කිරීම මහා මෝඩ ක්‍රියාවක්. බොන්න ඕනේ කෙනා ඊට කලින් ඕව තියාගන්නා නේද? මේ විකාර නැවත නැවත කිරීම නවතා දමල පෝයත් සාමාන්‍ය විදියට යන්න දුන්නනම් කරදර මොකුත් නැහැ. ඕනනම් සංඝයා වහන්සේලා ටිකක් සද්දේ දමයි. අපි සංචාරක කර්මාන්තෙ ගැන හිතුවොත් ඔය තහනම සැහෙන ප්‍රශ්නයක්. මොනදේ කරන්නත් රටේ ආදායම ඉහල නංවන්න ඕනේ.