පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍යත්සවය පසුගිය ඔක්තෝම්බර් 30 වැනි දා විහාරස්ථානයේ ප්‍රධාන සංඝ නායක ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානාධිපති පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
ශ්‍රී ලාංකික, කාම්බෝජ,ලාඕස, වියට්නාම, චීන, බංග්ලාදේශ සහ ප්‍රංශ ජාතික සැදැහැවත්හු පිංකම සඳහා සහභාගි වුහ.
දහවල් දානය සඳහා මහා සංඝ රත්නය සංකේතාත්මක පිණ්ඩපාත චාරිකාවක යෙදුණාහ. පිංකම සඳහා සිතුල්පව්ව ඓතිහාසික රජමහ විහාරාස්ථානය ඇතුළු අෂ්ඨමහා විහාරස්ථානයන්හි අධිපතිත්වය උසුලන සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝ නායක මැටරඹ ප්‍රේමරතන හිමියන්, ප්‍රංශයේ ලාඕස් පුජා ආරාමාධිපති පඤ්ඤාධීරෝ, කොළඹ රත්මලාන බෞද්ධ මධ්‍යස්තානාධිපති විචිත්‍රභාණි මාපලගම බුද්ධසිරි, පැරිස් නුවර ධම්මචක්ක බෞද්ධ විහාරස්ථානාධිපති කොන්ගස්තැන්නේ ආනන්ද හිමියන් නියෝජනය කරමින් විචිත්‍රභාණී මානම්පිට අමිත, පැරිස් නුවර ජේතවන බෞද්ධ විහාරස්තානාධිපති මුරුන්ගස්යායේ ඤානිස්සර හිමියන් නියෝජනය කරමින් ගලහිටියේ සෝරත, පුජ්‍ය මාපලගම ජිනානන්ද, කැන්දවින්නේ රාහුල, වියට්නාම් ජාතික සම්මාමග්ගෝ සහ බංග්ලාදේශ ජාතික බුද්ධප්‍රිය යන මහා සංඝරත්නය වැඩම කර සිටියහ.
කඨිනානිසංශ අනුශාසනා භාෂා කිහිපයකින්ම පැවැත්විණි. අලංකාර පෙරහරකින් කඨින චීවරය වැඩම කරවනු ලැබිය.
මහා සංඝ සම්මුතියෙන් කඨින චීවරය ශාස්ත්‍රවේදී කහපත්වල සුගතසිරි හිමියන් හට පවරනු ලැබිය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
පැරිස් කඨිනය උත්කර්ශවත් ලෙස පැවැත්වෙයි