IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


බලපත් නොමැතිව තේක්ක ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

( පැතුම් දර්ශන)


කහටගස්දිගිලිය දෙමටවැව කුඹුගොල්ලෑව හන්දිය ආසන්නයේදී   බලපත්‍ර නොමැතිව  තේක්ක ඉරූ කඳන්  150 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ සැකකරුවන්  තිදෙනකු  අත්අඩංගුවට ගැනීමට කහටගස්දිගිලිය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීහු සමත් වුහ.

පෞද්ගලික ඔත්තුකරුවෙකු ගෙන් ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමේදී තේක්ක ලී සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අනුරාධපුර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ද  සිටින බව පවසන වන නිලධාරීන් අනෙක් සැකකරුවන් දෙදෙනා කහටගස්දිගිලිය සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියයි.

දෙමටවැව ප්‍රදේශයේ සිට මහනුවර දක්වා මෙම තේක්ක ලී ප්‍රවාහනය කර ඇති අතරවැටලීම සිදු වන අවස්ථාවේදී තවත් සැකකරුවෙකු පලා ගොස් ඇති බවත් ඔහු සොයා ඉදිරි පරීක්ෂණ සිදුකරන බවත් වැටලීමට එක් වූ නිලධාරීහු වැඩිදුරටත් පවසති.

මීට පෙරද අවස්ථා කිහිපයකදීත් මෙම සැකකරුවන් බලපත්‍ර නොමැති ඉඩම් වල තේක්ක කපා දිවයිනේ විවිධ ප්‍රදේශ වලට ප්‍රවාහනය කර තිබූ බවට අවශ්‍ය ලියකියවිලි රැසක් ලොරි රථයේ තිබී සොයාගැනීමට හැකිවූ බවත් අත්අඩංගුට ගත් තේක්ක ලී තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බවත් වැටලීමට එක් වූ උසස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුවන් අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ අතර කහටගස්දිගිලිය වන සංරක්ෂණ කාර්යාලයෙ වන අඩවි නිලධාරි චන්දිම කුමාර මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිලධාරී ලංකා විරිදු, එව්.ටි. ප්‍රියදර්ශන, වන ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් වන, එව්.එල්. ජයසිංහ, ලයනල්   හරිස්චන්ද්‍ර, දිනෙශ් කරුණාරත්න, චමින්ද බාලසූරිය, දිසානායක යන නිලධාරීහු වැටලීමට එක් වූහ.



අදහස් (0)

බලපත් නොමැතිව තේක්ක ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 390 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1382 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 434 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 533 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 506 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 388 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 222 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 517 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 248 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site