(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)
ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ස බෝලවත්ත මාර්ගයේ මිරිස්සන්කොටුව ප්‍රදේශයේ සිදු වු යතුරුපැදි පාපැදි අනතුරකින් පාසැල් සිසුවෙක් මියගොස් හතරදෙනෙක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නයිනමඩම වෙරළ පාරේ තල්ගහවත්තේ පදිංචි එම් ඒ ෂේම් ලොහාන් 15 නැමති සිසුවෙකි.
ඊයේ රාත්‍රී 8 ට පමණ අමතර පන්තියකට සහභාගි වු මිතුරෙකු නිවසට ඇරලවීම සඳහා මිතුරන් දෙදෙනෙක් සමග යතුරු පැදියේ බෝලවත්ත දෙසට ගමන් කිරිමේදි එම දෙසටම ඉදිරියෙන් ගිය පාපැදි 2 ක ගැටි ඇදියගිය යතුරුපැදිය පදවාගෙන ගිය සිසුවා මාර්ගය අසල තිබු බෝක්කු ගැට්ටක වැදි මෙම අනතුර සිදු වි ඇති බවට මූලික පරික්ෂණවලදි තහවුරු බව පොලිසිය කීය.
මියගිය සිසුවා නයිනමඩම ප්‍රදේශයේ ජාත්‍යන්තර විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකි.
යතුරුපැදියේ ගමන් ගත් තවත් සිසුන් දෙදෙනෙක් හා පාපැදිවල ගමන් ගත් 70 හා 49 හැවිරිදි දෙදෙනෙක්ද අනතුරින් තුවාල ලබා මාරවිල හා මීගමුව රෝහල්වල ප%තිකාර ගන්නා බව පොලිසිය කියයි.
පාපැදියේ ගමන්ගත් 70 හැවිරිදි අයගේ තත්වය තරමක් බරපතල බව රෝහාල් ආරංචි මාර්ග පවසයි.
යතුරුපැදියේ අධික වේගය මෙම අනතුරට හේතු වි ඇති බවත් අනතුරෙන් පසුව මීටර් 40 කම පමණ දුරක් ඇදිගොස් බෝක්කු ගැට්ටේ මියගිය සිසුවාගේ හිස ගැටි ඇති බවත් ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිටියත් අනතුරත් සමග එය ගැලවි ඇති බවට මූලික පරික්ෂණවලදි තොරතුරු හෙළි වු බවයි.
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි දේශප්‍රිය ජයතිලක මහතාගේ අධීක්ෂණයෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එල් බී අබේරත්න මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රන්ජන රණතුංග මහතාගේ මෙහෙයවිමෙන් කොස්තාපල් 55530 රාජපක්ෂ යන අය විසින් වැඩි දුර පරික්ෂණ සිදුකරයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
බෝලවත්තේ අනතුරකින් තවත් පාසල් සිසුවෙක් මරුට
Aslam Saturday, 24 February 2018 07:44 AM
තවත් වටිනා ජිවිතයක්. වයස අවුරුදු 15 යතුරු පැදි භාවිතා කරන වයසක්ද?